බණ්ඩක්කා ගස්වල බණ්ඩක්කා ඉක්මනින් හැදෙන්න මේ දේ කරන්න.

එළවලු වගා කරන අයට වැදගත් දෙයක් තමයි මේ කියන්න යන්නේ.ඔබට ඉතාමත් වැදගත් වෙයි මේ ලිපිය.
ජීවන වියදම ඉහළ යන කොට අරපිරිමැස්ම ඇති කරගන්න අපේ ගෘහණියන් දක්වන උනන්දුව නම් හරිම ප‍්‍රශංසනීයයි. ඔය නිසාම ගෙවතු වගාවටත් අද ලොකු ඉල්ලුමක් ඇතිවෙලා. එළවළු, පලතුරු මිල ආර්ථිකයට දරන්න බැරි වෙන කොට කොයි තරම් වැඩ කටයුතු අධික වුවත් ගෙවත්තේම ගහක් කොළයක් වවාගන්න හුඟාක් අය පෙළඹෙනවා. මේ ආකාරයට ගෙවත්තේම බණ්ඩක්කා වගාවක් ඇතිකර ගැනීම හරිම පහසුවෙන් කළ හැකියි. බණ්ඩක්කා අපුරු රසවත් ගුණවත් එළවළුවක්.බණ්ඩක්කා කරල් පිරුණු ගස් කීපයක් ඔබගේ ගෙවත්තේ වගා කර ගන්න ඔබට හැකි වුණොත් ඇත්තටම එය දකින්නාගේ සිත සතුටු කරන කරුණක් වෙනවා. මුදල් ගෙවා ලබාගෙන මල් නොපිපෙන මල් ගස් වර්ග ගෙමිදුලේ බෝ කර ගන්නා ඇතැම් අක්කලා නංගිලාත් මේ කියක හින්දාම බණ්ඩක්කා ගස් කීපයක්වත් ගෙවත්තේ සිටුවා ගන්න හිතන්න. අයියලා මල්ලිගේ උදව්වෙන් පාත්තියක් සකස් කරගන්නත් ඔබට පුළුවන්. ගෙවත්තේ වගා කිරීම සඳහා බණ්ඩක්කා ඇට තෝරා ගැනීමේදී ගසේ පැසී වියළි ගිය බණ්ඩක්කා කරලක් හොයගන්නට උත්සාහ කරන්න. ඇට වෙළෙඳ පොළෙන් මිලදී ගන්නවා නම් වගාව සඳහා සුදුසු ඇට දැයි සොයා බලා ඒවා ලබා ගැනීම තමයි නුවණට හුරු වන්නේ. වියළි බණ්ඩක්කා කරලකින් ලබාගත් ඇට මද පවනේ තුනී කර දින කිහිපයක් නබන්න.

හිරු එළිය හොඳින් වැටෙන තැනක කොටාගත් පාත්තිය පස් කැට කුඩුකර, ගල් බොරළු ඉවත් කර හොඳින් සකසා ගෙන එහි අඩි 3 – 4 ඈතින් වල්වල් කීපයක් කපා ගන්න. මේ වලවල් වලට බණ්ඩක්කා ඇට 4 – 5 ක් දමා කළු පස් වලින් වසා වතුර වත් කරන්න. දිනකට දෙවරක් උදේ – හවස වතුර වත් කිරීම අවශ්‍යය වෙයි. කුඩා පැළ මෝරා වැඩෙන විට පණුවන්ගෙන් හා කෘමින්ගෙන් ආරක්‍ෂා කරගන්න ඕනෑ. ඒවාට නිතර නිතර සාත්තු කිරීමේදී කෘමි උවදුරු වලට ලක්වේ දැයි ඔබට දැනගත හැකිවේවි.

මේ ආකාරයට බෝකර ගත් පැළ අතර කේඩැරිවුණු පැළ හෝ කෘමි උවදුරුවලට ගොදුරුවන පැළ ඇතොත් මුලින් ගලවා විනාශ කර දමන්න. එක වළක බණ්ඩක්කා ඇට 4 – 5 දැමුවත් පැළ උසට වැඩෙන විට ඉන් හොඳම පැළ දෙක එහි ඉතිරිවීම වඩාත් හොඳයි. වැඩිපුර ඇති හොඳ පැළ වෙතොත් ඒවාට වතුර වත්කොට බුරුල් වූ පසුව ගලවා වෙනත් තැනක සිටුවා ගන්නටත් පුළුවන්. මේ අයුරින් පැළ සිටුවා ගැනීම සඳහා සැදෑ කාලය තෝරා ගත යුතුයි. එමෙන්ම දින 2 – 3 ගතවන තුරු හිරු එළියෙන් ආරක්‍ෂා කර ගැනීම ද ඉතා වැදගත්. සරු පසෙහි ඉතා ඉක්මනින් වැඩෙන ජලය සහ පොහොර ආදිය නිසියාකාරයෙන් සැපයුවහොත් මෙම පැළය සති 5 -7 අතර කාලයේදි මල් පිපෙන්නට ගනියි. එකදිගට පීදෙන කරල් දින 3 – 5 අතර කාල වලදී කපා ගත යුතු වෙයි. නැත්නම් ඒවා මෝරා ආහාරයට නොගත හැකි තත්ත්වයට පත්වෙයි.

අපි බලමු බණ්ඩක්කා ආහාරය සඳහා එකතු කරගත හැක්කේ කෙසේ ද කියා. ඇතැමුන් බණ්ඩක්කා ආහාරයට එකතු කරගන්නේ කැලි කපා තෙලේ දමා බැදගෙන ඉන්පසුව මිටි කිරෙන් තම්බා පිසූ මාළුවක් ලෙසිනි. එවිට බණ්ඩක්කා කරලේ ඇති පෝෂ්‍ය පදාර්ථ බොහෝ දුරට විනාශ වි යයි. ඒවා ව්‍යාංජනයක් වශයෙන් සකසා ගන්නවා නම් තුනපහේ එකතු කොට බාගෙට තම්බාගෙන මිටිකිරි යොදා හැකි ඉක්මණින් ළිපෙන් බාගත යුතුයි. එසේ නොමැතිව ළපටි බණ්ඩක්කා කරල් කිහිපයක් කඩාගෙන සලාදයක් වශයෙන් ද සකසා ගන්නට පුළුවන. එය බණ්ඩක්කාවල ඇති කැල්සියම් විටමින් හා ලවණ වර්ග ආරක්‍ෂා වන ක‍්‍රමයකි. බණ්ඩක්කා කඩෙන් මිලදි ගැනීමට වඩා ගෙවත්තේම සිටුවා ගැනීම කොයිතරම් ලාබදායි දැන් ඔබටත් අවබෝධ වේවි.

බෙලි ආහාරයට ගැනීමෙන් ලැබෙන කිසිම දිනක නොසිතු විශ්මිත ප්‍රතිඵල මෙන්න.

බෙලි ගැන අපේ සීයල ආත්තලා අපිට කීව කතාව තමයි මේ. ඌන භාවිත පළතුරක් වෙලා තියෙන බෙලි ගැන අපි කතා කරමු.ඉන්දියාවට ආවේණික පළතුරක් වුවත් බෙලි ගහක් ගෙවත්තක වගා කර ගැනීමෙන් නිවසට සිරිකත වඩිනවා කියලයි අපේ ආත්තම්මා කීවේ.
බෙලි ගහේ දැව මුල් පත්‍ර පොතු මල් ගෙඩි මේ හැම දෙයක් ම ඖෂධීය ගුණයෙන් යුතු බැවින් මෙන් ම ඉතා කුඩා ඉඩ කඩක වුවත් බෙලි පැළයක් සිටුවා ගත හැකි බැවින් නිවසේ අලංකාරයට සිටුවා ගැනීමට හොඳ හොඳ ශාකයක්..

මේ තරම් පෝෂණයක් ??
ඉදුණු බෙලි පල්පය ග්‍රෑම් 100 ක කොයි තරම් පෝෂණයක් අඩංගු ද බලමුකෝ
ශක්තිය කිලෝ කැලරි 137, ජලය ග්‍රෑම් 61.5ක්, පෝටීන් ග්‍රෑම් 1.8ක්, මේදය ග්‍රෑම් 0.39, කාබොහයිඩ්‍රේට ග්‍රෑම් 31.8, කැල්සියම් මිලි ග්‍රෑම් 85 යි , පොස්පරස් මිලි ග්‍රෑම් 50ක් ක් , යකඩ මිලි ග්‍රෑම් 0.6, විටමින් A මයික්‍රෝග්‍රෑම් 0.13, රයිබොප්ලෙවින් මයික්‍රො ග්‍රෑම් 1.19, නියසින් මිලි ග්‍රෑම් 1.1, පෙක්ටීන් 2.5% , විටමින් C මයික්‍රොග්රෑම් 8.8, බෙලි පල්පයේ ඇමයිනෝ අම්ල වර්ග 17ක් පමණ අඩංගුයි.

සන් ක්‍රීම්ද ?? බෙලිද??
තද හිරු එළියට සම නිරාවරණය වීමෙන් ඇති වන සංකූලතා වලට ඔරොත්තුදීමේ හැකියාව බෙලි ආහාරයට ගැනීමෙන් ලැබෙනවා .ඉතින් මොකටද සන් ක්‍රීම්.ඉදුණු බෙලි හදවතට මොළයට ඉතා ගුණදායකයි .

ඉතින් මොකටද සප්ලිමන්ට් ??
අමුබෙලි මද කටුකයි තිත්තයි කෂාය රස යුතුයි .වාතය හා සෙම නසයි .අන්ත්‍ර වල ශක්තිය වැඩි කරයි. ඉදුණු බෙලි මද මධුර රසයි දෝෂ අනුලෝමනයි, අධෝවාත උපදවන සුළුයි.
බෙලි මල් අතීසාරය පිපාසය වමනය නසයි. බෙලි කොළ වාතය නසයි ඉදිමුම් නසයි උණ සමනය කරයි සෙම් නසයි. බෙලි මුල් වාත නසයි ත්‍රි දෝෂ සමනය කරයි. බෙලි ඇට අගනා විරේකයක්. බෙලි පොතු කෂාය රස යුක්තයි කසාය රස යුක්තයි හෘදයට ඉතා හිතකරයි.

මොනවද අත් බෙහෙත් ??
බෙලි කොළ තැම්බූ ජලයහි මඳ උණුසුම් සහිත මත වාඩිවී සිටීමෙන් අර්ශස් වේදනාව සමනය වේ.කොළ කොටා ගත් ඉස්ම මඳක් රත්කර රත් කර තේ හැන්දක් පානය කිරීමෙන් අක්මාව නැවත පණ ගන්වයි. පොතු තම්බා බීමෙන් හෘදයට හිත කරයි , රක්ත වහනය වන රෝගවලට සුදුසුයි , ඉදිමුම නසයි, මුත්‍රා ගල් දියකර හරී(වෛද්‍ය උපදෙස් ලබා ගන්න) ..
බෝවෙන රෝග වලදී කොළ යුෂ ඇසට දැමීම සහ ඇස පිට ආලේප කරයි.

බොඩි ස්ප්‍රේ මොකටද ??
බෙලි කොළ කොටා ගත් යුෂ හෝ කොළ අඹරා හෝ ඇඟේ ගෑමෙන් දහදිය ආදියෙන් උපදින සිරුරේ දුඟද නසයි.
දැඩි වේදනා සහිත අන්ත්‍ර පීඩාවලදී අමු බෙලි ගෙඩියක් පලා මඳ උණුසුම් ජලයෙහි තම්බා පසුදින එළිවන තුරු පින්නේ තබා උදෑසනම සීනි එළුකිරි සමඟ කෑමෙන් වහා සුව ගෙන දෙයි.
සෙංගමාලයෙදී බෙලි කොළ කොළ කොටා ගත් යුෂ ගම්මිරිස් කුඩු සමඟ යෙදීමෙන් බඩ යෑම නසා..
ඩෙංගු රෝගයේදී බෙලි ගහේ හටගත් පිළලය යුෂයෙන් කැඳ සකස් කර දීම ගුණදායකයි.
නොපැසුණු බෙලි මඳ වලින් සකස් කර ගන්නා තෙල සිරුරේ සහ අත්පතුල් දැවිල්ලට ඉතාගුණදායක අතරම එළුකිරි ආදිය එක් කර සකස් කර ගන්නා තෙල් කන වත් කිරීමෙන් බිහිරි බව නසයි..

දැන් තේරෙනවා ඇතිනෙ බෙලි කනකොට වෙන දේ ගැන අපේ ආච්චිලා සීයලා කීව කතාව. ඉතින් මෙච්චර වටිනා පළතුරක් පැත්තකට දාලා පිටරටින් ගේන වසවිෂ ගහපු ඇපල් මිදි ගිළින්නේ නැතිව සතියට දවස් දෙක තුනක් වත් අපේ පොඩි එවුන්ටත් එක්ක බෙලි ගෙඩි දෙකක් තුනක් ගෙනත් දෙමු. තෙල් බෙහෙත් නෑ කියල බය නැතිව කන්න පුළුවන්. බෙලි ගැන ඔයාල දන්න දේවල් කමෙන්ට් විදියට ලියන්න. ඒකෙන් මමත් නොදන්න දෙයක් ඉගෙන ගන්නව වගේම ලිපියේ ඌණ පූර්ණයත් වේවි. තෙරුවන් සරණයි.

ඔබේ ආයුෂ වැඩි කරන රටකජු වලින් ලැබෙන කිසිවෙක් නොදන්නා විශ්මිත ප්‍රතිඵල මෙන්න.අනිවාර්යෙන්ම කියවන්න.

විටම්න් ඊ බී ප්‍රෝටීන් යකඩ සින්ක් පොටෑසියම් මැග්නීසියම් ගුණාත්මක මේද, ෆැවනොයිඩ් ආදී පෝෂක ගණනා වකින් පිරි රට කජු වෙනත් බොහෝ ඇට වර්ගවලට වඩා පෝෂණ ගුණයෙන් උසස් ලෙස සැලකෙනවා.

තන්තුමය ස්වභාවය නිසා ආහාර ජීර්ණ පද්ධතියටත් හිතකරයි. ඒසේම අධි සහ අව රුධිර පීඩනය ඇතුළු රෝග ගණනාවක් මැඩලීමේ ශක්තියෙන් ද යුක්තයි.රට කජු දිනපතා ආහාරයට එක් කර ගැනීමෙන් හර්දයාබාධ වැනි රෝග 30% කින් අඩුකරගත හැකි බව අමෙරිකානු බොස්ටන් හාවඩ් විද්‍යායතනය හා චීනයේ හුවා සොන් විශ්ව විද්‍යාලය එක්ව කළ පර් යේෂණයකින් අනාවරණය වු ණා.

හදවත් ආබාධවලින් සිදුවන මරණ 17% කින් ද පිළිකා, හා නොමේරූ ළදරු මරණ 11% කින්ද අඩුකර ගැනීමට ද රට කජුවලින් හැකි බව පර් යේෂකයන් පෙන්වා දෙනවා .රටකජුවල හිතකර කොලෙස්ටරෝල් වැඩි බවත්, ඉන් සිරුරේ ප්‍රදාහයන් අඩුවන බවත් ඔවුන් පළ කරනවා.
රටකජුවල අඩංගු ප්‍රෝටීන් විශේෂයකින් ඒවා හදවත් රෝගවලට හේතුවන රුධිර නාල ඝනවීම් දුරුකර ඒවා නම්‍යශීලි කරන බවත් ශක්තිමත් කරන බවත් එමගින් ලේ ගමනය ක්‍රමවත්වන බවත් ඔවුන් කියා සිටිනවා.

අමෙරිකානු බූස්ටන් පර්‍යේෂණායතය පළකරන්නේ ශක්තිජනක ආහාර හා විටමින් ගන්නා අයට වඩා රටකජූ වැනි ආහාර ගන්නවුන් දිගුකල් .නිරෝගී ජීවිත ගතකරන බවයි. එසේ පළ කර ඇත්තේ පුද්ගලයන් 119000 ක් යොදාගෙන වසර 20 ක් පුරා කළ හැදෑරීම්වලින් අනතුරුවයි.ලුණු තෙල් රහිත රට කජූ ග්‍රෑම් 30ක් දිනපතා ගැනීමෙන් හදවත් රෝග වළකා දීර්ඝායුෂ ලබාගත හැකි බව සඳහන්.

තවත් සමීක්ෂණයකින් කියවෙන්නේ ගැබිණි මවුවරුන්ට රටකජු ලබාදීමෙන් , උපදින දරුවාට ධාන්‍ය ආශ්‍රිත අසාත්මිකතා අවමවන බවයි.
කළල් අවදියේ එවැනි ආහාර ලබා දීමෙන් ආහාර දරාගැන්මේ ශක්තිය වැඩිවන බව සමීක්ෂකයන් සඳහන් කරනවා.රටකජු රතු මස් සමග ආහාරයට ගැන්මෙන් දියවැඩියාව 22% කින් වැළකෙන බව ද සඳහන්. රටකජු හරහා කාබොහයිඩ්‍රේට් උරාගැන්ම පමා කෙරෙන බැවින් ඉන් සීනි තත්ත්වය පාලනය වනවා .
සතියට දෙවරක් වත් රටකජු ආහාරයට ගන්නේ නම් කාන්තාවන්ට බඩවැල් පිළිකා වැළඳීමේ අවදානම 57% කින් අඩුවන බව තවත් අධ්‍යයනයකි න් අනාවරණයවී තිබෙනවා . ඉන් පිරිමින්ට ලැබෙන්නේ 27% ක අඩුවීමක් .

නිකොට්නික් අම්ලය නිසා ඇතිවන ඇල්ෂයමර් වැළඳීම රටකජුවලින් 70%කින් පාලනය වන බව ද අධ්‍යයන වාර්තාවක සඳහන් වෙනවා. ඒ ඉතා ඉහල niacin අගයක් ඒවායේ පවතින බැවින්.
රට කජු සිරුරේ මාංශ පේශි ශක්තිමත් කරනවා. අධික ආහාර රුචිය අඩුකර දෙනවා. ඒනිසා අධි ආහාර පරිභෝජනයෙන් වැළකී තරබාරුබවින් මිදීමටත් හැකියි.එය බොහෝ බෝ නොවන රෝගවලින් වැළැකීමට ද උපකාරයක් වනවා.
එහි ඇති විටමින් B 7 මගින් හිසකේ වර්ධනය කරනවා. විටමින් B 9 මගින් ශුක්‍රාණු නිරෝගිකර ශක්තිමත් කර දෙනවා.

රටකජු මගින් මොළය වයසට යාම ත් පමාකර දෙනවා. එමගින් අමතකවීම්, ක්‍රියාකාරිත්වයේ අඩුවීම් වළකිනවා. ඇස් ආබාධ අවමවෙනවා.දවසේ අතුරු ආහාර ලෙස යොදා ගන්නා සීනි පිටි තෙල් සහිත කෑම වෙනුවට රට කජු ස්වල්පයක් යොදාගන්නේ නම් එයින් ශක්තියත් නිරෝගී සුවයත් ලැබේවි . එහෙත් ලුනු සීනි හා තෙල් ඊට එක්කර ගත හොත් එහි ගුණාත්මක බව බොහෝ සෙයින් අඩුවී යනු ඇති.
එසේ ම එය අසීමිතව ආහාරයට ගැනීමත් හිතකර නොවේවි.