කමල් අද්දරාච්චිට මම ගැන හැඟීමක් ඇති වුනේ ඇයිද දන්නේ නෑ.කිසිවෙක් නොදන්න සමිතා කිව්ව ආන්දෝලනාත්මක රහස මෙන්න.

‘‘ඔබ, මම ගරුකරන කෙනෙක්.

ඒ නිසාමයි මෙහෙම හරි කාතා කරන්න කැමති වුණේ. නැත්නම් මම කිසිම කෙනෙක්ට දැන් ආදරය, විවාහය ගැන කතා කරන්නේ නෑ.

දැන් මම පාඩුවේ ළමයි එක්ක පැත්තකට වෙලා ඉන්නේ. ඒ හින්දා සමහර කරුණුවලට මට උත්තර දෙන්න බැරි වෙයි.සමාවෙන්න’’ යැයි ඇය මුලින්ම පැවසුවේ, අද සියලු දෙයින්ම හොඳටම පරිණත වී ඇති නිසාය. ඇයට ගරු කරමින් මේ පරිච්ඡේදය ලිවීමට මම සිතා ගත්තෙමි.

සමිතා, ඔයා ආදරය, ප්‍රේමය හඳුනාගෙන තිබෙන්නේ කොයි ආකාරයට ද කියලා මුලින්ම පැවසුවොත්.
ආදරය, ප්‍රේමය ඉතාම සුන්දර දෙයක් විදිහට තමයි මම හඳුනාගෙන තිබෙන්නේ. එය ලස්සන දෙයක්.

ආදරයක් ඔබට මුලින්ම ඇති වුණේ කොයි කාලයේ ද?
සාමාන්‍යයෙන් ආදරයක් ඇති වන ආකාරය විවිධයි. පොඩි කාලයේ මව්පියන්ට. ඊට පස්සේ ආදරය කරන විරුද්ධ ලිංගිකයාට. පසුව දරුවන්ට. පස්සේ යාළුවන්ට. ඊටත් පස්සේ සතුන්ට පවා අපට ආදරය කරන්න පුළුවන්. ආදරය විවිධාකාරයි. එය විවිධ විදිහට විඳින්න පුළුවන් දෙයක්.

පාසල් යන කාලයේ ද ඔබ මුලින්ම ප්‍රේම සබඳතාවක් ඇති කර ගත්තේ?
ඒ කාලයේ අපේ අම්මා හරිම සැර කෙනෙක්. එහෙම මට පාසල් යන කාලයේ ආදරය කරන්න සිතුණත්, අම්මාගේ දැඩි පරිස්සම හින්දා එහෙම කරන්න වෙලාවක් තිබුණේ නෑ. මොකද අම්මාට තිබු බය හින්දා. අනෙක අම්මා හරියට මගේ ළඟින්ම හිටියා. ඊට පස්සේ මට මුලින්ම ආදරයක් ඇති වුණේ කොයි කාලයේ ද කියලා මතකයක් නෑ.

ඒ කියන්නේ පාසල් කාලය ඉවර වුණාට පස්සේ වෙන්නැති. ඔබට ප්‍රේම සිතිවිල්ලක් ඇතිවෙන්න ඇත්තේ. එහෙම නේද?
ඔව්. මම හිතන්නේ පාසල් කාලය ඉවර වුණාට පස්සේ තමයි ඒ සිතුවිල්ල ආවේ. ඒ කියන්නේ අ.පො.ස. (උ.පෙළ.) ඉවර කළාට පස්සේ.

ඒ ආදරයේ මිහිර මතකය තිබුණා ද?
අ​පෝ නෑ.

ඔයා හිතුවද ආදරය විවාහයකින්ම කෙළවර විය යුතුයි කියා.
සාමාන්‍යයෙන් අපි විවාහ වෙන්න කලින් විවාහයක් ගැන සිතනකොට විවාහය සදාකාලිකයි කියලා සිතනවා. ආදරයක් කළා නම්, ඒක විවාහයෙන් කෙළවර වෙන්න ඕනේ කියලා අපි සිතුවා. එහෙම හිතලා තමයි අපි විවාහ වෙන්නේ.ඒ කාලයත් මට එහෙම සිතුණා. ඉස්සර අපි ගොඩාක් දේවල් බැරෑරුම් විදිහට හිතන්නේ නෑ. මාත් මුලින්ම ආදරය කරනකොට සිතුවා මේක විවාහයකින් කෙළවර වෙන්න ඕනේ කියලා. ඒක තමයි හරි දේ කියලා. එහෙම හිතලා තමයි අපි ආදරය පටන් ගත්තේ.

අතුල අධිකාරි නමැති සංගීතඥයා, ගායකයා ඔබට හමුවෙන්නේ කොයි කාලයේ ද?
අතුල හම්බවෙන්නේ මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා අවුරුද්දක් ගියාට පස්සේ.

අතුල සමග ආදරයක් ඇති වුණේ ඇයි? ඔහුගෙන් ඔයා විශේෂත්වයක් දැක්කා ද?
ඔව්. විශේෂත්වය කියන්නේ ඔහු කෙළින්ම මට ආදරය කරන්න පටන් ගත්තට පස්සේ අපේ ගෙදරට අැවිත් මා ගැන ඇසුවා. ඔහුව කලින් මම දන්නවා. ‘‘සන්ෆ්ලවර්’’ සංගීත කණ්ඩායමේ වාදනය කරන කාලයේ ඉදන්ම. ඉතිං මගෙත් ඔහු ගැන ආදරයක් තිබුණා. ඒ හින්දා තමයි අතුලත් එක්ක ආදරය කතාව පටන් ගත්තේ.

එතකොට අතුල එක්ක විවාහ වෙන්න ඔබ තීරණය කළේ ඇයි?
අපේ ප්‍රේම සම්බන්ධතාවය මාස 8ක් ගියාට පස්සේ විවාහ වෙන්න තිරණය කළා. එතකොට ගෙවල්වලින් කැමැත්ත ලැබිලයි තිබුණේ.

ඔයා බලාපොරොත්තු වූ ආදරය, රැකවරණය අතුල තුළ තිබුණා කියා සිතුණා ද?
ඔව්. එහෙම තමයි. විවාහ වුණාට පස්සේ මුල් කාලයේදී අපි එහෙම තමයි හිතාගෙන ඉන්නේ. ඒ දේවල් සිතාගෙන නේද අපි විවාහයක් කරගන්නෙත්.

ඔය දෙන්නාගේ විවාහය බිඳිලා ගියේ ඇයි? ඔයාගේ වරදක් හින්දද? නැත්නම් අතුලගේ වරදක් හින්ද ද?
මම කාටවත් ඒ ගැන විග්‍රහ කරන්න යන්නේ නෑ. අතුලයි මමයි ඒ දේ දන්නවා මොකක්ද වුණේ කියලා. මම ලෝකයාට ඒ ගැන කියන්න කැමැති නෑ. මොකද ලෝකයා මම ගැන නොදැන ගොඩාක් දේවල් කතා කරනවා. ඉතිං මම ලෝකයාට කතා කරන්න ඉඩදීලා මම මගේ පාඩුවේ ඉන්නවා.මම සාමාන්‍යයෙන් එහෙම කෙනෙක්. අතුලගෙයි මගෙයි ප්‍රශ්න අපි දෙන්නා විතරක් දැනගත්තාම ඇති නේද? එතනින් එහාට මම ඒවා මාධ්‍යයට කියන්නේ නෑ. මාධ්‍යය මට ගොඩාක් වටිනවා. මම කැමති නෑ මාධ්‍යයත් එක්ක ගැටෙන්න.

ඔය දෙන්නගේ විවාහය දික්කසාද නොවී රඳවා තබාගන්න උත්සාහ කළේ නැද්ද?
නොගැළපීම් වැඩිනම්, තවදුරටත් ඉදීමෙන් පලක් නැහැ. එතන දී දික්කසාද වීම හොඳයි කියලයි හිතන්නේ. නොගැලපීම් නැතිවුණා නම් මම තවමත් අතුල එක්කයි ඉන්නේ.

අතුල නැවතත් විවාහයක් කරගත්තාම ඔයාට මොකද හිතුණේ?
මට මොකුත් සිතුණේ නෑ. මොකද එයා මගේ නොවෙයිනේ.

ඔබ ඒ පවුලත් එක්කත් ඉතා හොඳින් සබඳතා තබාගත්ත කෙනෙක්. එය ලෙහෙසියෙන් කාන්තාවකට කළ හැකි දෙයක් නොවෙයි. එහෙම නේද?
ඔව්. ඒ සාමාන්‍යයෙන් මගේ හැටි. මම මගේ හතුරාත් එක්කත් හොඳින් ඉන්න කෙනෙක්. මට හතුරුකම් කරන කට්ටියක් එක්කත් සුහදව ඉන්නවා. මූණටම ඇවිල්ලා බණින කට්ටිය එක්කත් හොඳින් ඉන්නවා. ඒක මගේ හැටි. මම බුදු දහම අදහන කෙනෙක්. වෛරය කියන දේ මගේ සිතේ නෑ. ඒ හින්දා කාටවත් මම ​ෙවෙර කරන්නේ නෑ.

ඔහොම දික්කසාද වුණාට පස්සේ ඔයාට විවාහ යෝජනා හරියට එන්න ඇති නේද?
මම ඒ ගැන දන්නේ නෑ. විවාහ යෝජනා අහන ඒවා මට ඇහෙන්නේ නැති විදිහට හිටියේ. ඒක මාර වැඩක්. සමහර විට ඒක වෙන්න බෑ කියලා කාටහරි කියන්න පුළුවන්. නමුත් ඒක එහෙම වෙන්න පුළුවන්. එහෙම විවාහ යෝජනා එන්න ඇත්තේ මගේ මොකක්හරි හොඳක් ඇති හින්දා වෙන්නැති.මම ‘‘ඉර පායා’’ ගීතය ගැයූ දවසේ ඉඳලා දැනට ඉන්න ප්‍රේක්ෂකයෝ දිහා බලනකොට මට ඒ අයගේ තිබෙන ආදරය හොඳටම ඇති. ඉතිං මට මෙයා කැමති ද? මෙයා බඳින්න ඕනේ කියලා දෙයක් මගේ ඔලුවේ දැන් නෑ.

දැන් ඉතිං දුවත්, පුතත් එක්ක ඔයා දිගටම තනියෙන් ඉන්නද කල්පනා කරන්නේ? නැවත විවාහයක් කරගන්න කැමැත්තක් නැද්ද?
මට ගෙදරක් තිබෙනවා. දුව, පුතා ඉන්නවා. අම්මා, තාත්තා ඉන්නවා. ඉතිං මට ඒ ඇති. මට කවුරුහරි හොඳ කෙනෙක් හම්බවුණොත් ඒ ගැන හිතලා සතුටින් ඉන්නවා. විවාහයක් කරගන්නවාද නැද්ද? කියන එක මම දන්නේ නෑ.

අතුල නැවතත් ඔබ සොයාගෙන ආවොත්, ඔහු නැවතත් භාරගන්නවා ද?
මම ගිය කට්ටිය කොහෙත්ම යළිත් භාරගන්නේ නෑ. ඒක ස්ථිරයි.

පසුගිය වකවානුවල ඔබ එවකට රජයේ ඇමැතිවරයකු එක්ක සබඳතාවක් තිබෙනවා කියලා ආරංචි පැතිර ගියා. මේ කතාවේ ඇත්ත මොකක්ද?
ඒක ආරංචියක් වෙන්නැති. මාත් දන්නේ නෑ ඒ ගැන. ඔය ප්‍රචාරය මගේ ඇඟේ වදින්නේ නැහැනේ. මට ඇවිත් කවුරුත් කිව්වත්, ආරංචි ආවත් මට වදින්නේ නෑ. මට ඇහෙන්නෙත් නෑ. මට අදාළත් නෑ. මට ඕවා මගේ කන ඇතුළට ගන්නෙත් නෑ.

විවාහ ජීවිතය ගැන ඔබට ආපසු හැරී බලද්දි ඔයාට ​ෙමාකද හිතෙන්නේ?
මොනවත්වත් සිතෙන්නේ නෑ. ඒක තමයි ප්‍රශ්නය. මට සිතුණොත් ඒ ගැන මාධ්‍යයට කියන්නෙත් නෑ. විවාහයක් වෙන්න ඕනේ නම් හරි. මම කාට හරි ආදරය කරනවා නම් හරි, ඒක මම විතරක් දැනගත්තාම අැති නේද?

ඔයාට ආදරය, විවාහය හා පෞද්ගලික ජීවිතය ගැන පසුගිය කාලයේ විවිධ ​ෙචා්දනා එල්ල වුණා නේද? ඒවා ගැන මොකද සිතන්නේ?
සාමාන්‍යයෙන් කටකතාවක් හැදෙන්න එක්කෝ අපේ ගෙදර ජීවත් වෙන්න ඔනේ කවුරු හරි.එක්කෝ මාත් එක්ක උදේ ඉඳන් රෑ වෙනතුරු දුරකතනයෙන් හරි කතා කරලා මා ගැන දැන ගන්න ඕනේ. නැත්නම් උදේ හවස මාව දකින්න ඕනේ.හමුවෙන්න ඕනේ. කතා කරන්න ඕනේ. ඉතිං මම දන්නේ නෑ, කවුද මාව උදේ හමුවෙන්නේ, කවුද මට උදේ ඉඳන් රෑ වන තුරු කතා කරන්නේ, කතා කරන අය මාව දැකලා තියෙනවාද, කිසිම කෙනකු සමග තරහා නෑ කියලයි. ඒ අයට ඇත්තටම ජොබ් එකක් තිබෙන්න ඕනේ.

මට උදේ ඉඳන් ගත්තාම නැගිට්ට වෙලාවේ ඉඳන් ගෙදර වැඩ තියෙනවා. ඊට පස්සේ මට මියුසික් වැඩ ටික තිබෙනවා. ළමයින්ගේ වැඩ ටික තිබෙනවා. නැත්නම් වයසක අම්මලා තාත්තලාට උපකාර කරන සමාජ සත්කාර වැඩ මට තිබෙනවා. එතකොට මට දවසේ කාලයත් මදි.ඉතිං මම, මට කට කතා හදන අය එක්ක ඇත්තටම ආදරෙයි. මොකද ඒ අයටත් රස්සාවක් කියලා දෙයක් තිබෙන්න ඕනේ. ඒ අයට කට කතා හදන ජොබ් එක නැත්නම්, ඒ අයට යන එන මං නැහැනේ. ඉතිං මම ඒ අය ඉහළ තැනක කියලා කතා කරන්නේ. කටකතා හැදෙන තරමට මා ගැන හැම තිස්සෙම කතා කරනවා. එ් අයට ඒවා කරන්න දීලා මගේ වැඩ ටික ලස්සනට කරගෙන ඉදිරියට යනවා.

කමල් අද්දරආරච්චි රංගන ශිල්පියා වරක් මා සමග පැවසුවා, ‘‘ඉර පායා’’ කරන කාලයේ දී සමිතා පිළිබඳ හැඟීමක් ඇති වුණා කියලා. ඇත්තටම ඒ කාලයේ ආදරයක් ඇති වුණා ද?
කමල්ට ඇතිවෙලා හින්දනේ ඔහු ඒ ගැන කියා තිබුණේ. කමල් කියන කෙනා කොයිම වෙලාවකවත් තරහෙන් කතා කරලා තිබුණේ නෑ. මම ඒ ලිපිය කියෙව්වා. ඔහු, සංගීතා, දිල්හානි කියන චරිත තුන ගැන කොයි වෙලාවකවත් තරහ විදිහට නොවෙයි කතා කරලා තිබුණේ. එයාට හැඟීමක් ඇති වුණා. ඕනෑම කෙනෙකුට හැඟීම් ඇතිවෙන්න පුළුවන්. ඒක වැරැද්දක් නැහැනේ.

එහෙම හැඟීම් ඇති වෙලා ඔයා ගැන ඇසූ අය ඉන්න ඇති නේද?
මම දන්නෙ නෑ. හැබැයි මෙහෙමයි. කවුරුහරි මගෙන් එහෙම ඇහුවා නම්, ඒ ගැන මාධ්‍යයට කියන්නෙත් නෑ. මට කවුරුහරි එක්ක හැඟීමක් ඇති වුණා නම්, ඒක ඇයි මම කියන්න යන්නේ. අවශ්‍ය නැහැ නේද?
මාධ්‍යයෙන් පළවූ වැරැදි තොරතුරු නිසාත්, වෙබ් අඩවිවලින් වන මඩ ගැසීම් නිසාත්. ආදරය, විවාහය යන මාතෘකා ගැන කතා කිරීමට අෑ කැමැත්තක් දක්වන්නේ නැත. ඒ ඇය තමන්ගේ පාඩුවේ පැත්තකට වී තම කටයුතු කර ගැනීමට අවශ්‍ය නිදහස අගයන බැවිනි.

සමිතා අද තමන්ගේ මවුපියන් ද, දරු දෙදෙනා ද, රැක බලා ගනිමින් සංගීත දිවිය ද පවත්වාගෙන යන පරිණත කාන්තාවක් යැයි මට සිතුණේ, ඇය ඒ වෙනුවෙන් කරන උනන්දුව හා කැපවීම නිසාමය. සමිතා හඳුනා ගන්න ඔබත් උත්සාහ කරන්න. එවිට සත්‍යය වටහා ගත හැකිය.

සටහන් කළේ –
සමන්ත යම්පත්

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්.

කෝලිට මලපැන්න වෙලාවේ මාලිංගගේ කඩුලු 300 ගත්තට රෝහිත් ශර්මා මාලිට සුභ පැතුවේ මෙන්න මෙහෙමයි.

තරඟකාරීත්වයට එහා ගිහින් ක්‍රීඩකයන්ගේ සහෝදරත්වය මතුවුණ හරි අපූරු අවස්ථා විටින් විට ක්‍රීඩා පිටියෙන් දැකගන්න ලැබෙනවා. අද පැවැත්වෙන ශ්‍රීලංකා – ඉන්දියා තරඟය අතරතුරදීත් ඒ වගේ සිදුවීමක් වුණා.

ජාත්‍යන්තර එක්දින පිටියේ කඩුලු 300ක් දවාගත් ලොව 13වන ක්‍රීඩකයා බවටත්, 04 වන ශ්‍රී ලාංකිකයා බවටත් පත්වීමට ශ්‍රීලංකා නායක ලසිත් මාලිංග මීට සුලු මොහොතකට ඉහතදී සමත් වුණා.මේ වෙලාවේ පන්දුවට පහර දෙමින් හිටියේ ඉන්දියානු නායක විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා. පිටිය පුරා පහරවල් ගසමින් ලංකාවේ පන්දු යවන්නන් අසරණ කරපු වෙලාවක ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ කෝලි දැවී යනවා.ඒ මාලිංගගේ 300 වැනි කඩුල්ල.

ඒ ඉන්දියානු නායක විරාත් කෝලි දවාගනිමිනි.පන්දු 96ක් තුළ ලකුණු 131 රැස්කළ කෝලි මාලිංගගේ පන්දුවකට ඩිල්ෂාන් මුණවීර අතට උඩ පන්දුවක් ලබාදී දැවී ගියේ මාලිංගගේ 300 වන කඩුල්ලට තවත් වටිනාකමක් කරමිනි.තමන්ගේ නායකයා දැවී ගියත්, ඒ වෙලාවේ මාලිංග ළඟට ආපු රෝහිත් ෂර්මා මාලිව වැළඳගෙන සුභ පැතුවා.මේ දෙසවත් නොබලා කෝලි ගියේ තරමක් නොසන්සුන් ගතියෙන් බවයි අපටනම් පෙනුනේ.මාලි නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් පිලේ නායකයා තමයි රෝහිත් ෂර්මා කියන්නේ.ඒ නිසාම මොවුන් දෙදෙනා අතර අපූරු බැඳිමක් තියනවා කියලයි කියන්නේ ඒ වෙලාවේ තරඟය නැරඹූ කාගෙත් මේ සිදුවීම සිත්ගත්තා.

අපේ මාලිගේ 300වන විකට් එක කෝලි… සුබපැතුම් මාලි… Like කරලා | Share කරපං | සෙට් වෙයන් | මැච් පිස්සා

Posted by මැච් පිස්සා on Thursday, August 31, 2017

ජාත්‍යන්තර එක්දින පිටියේ කඩුලු 300ක් දවාගත් ලොව 13වන ක්‍රීඩකයා බවටත්, 04 වන ශ්‍රී ලාංකිකයා බවටත් පත්වීමට ශ්‍රීලංකා නායක ලසිත් මාලිංග මීට සුලු මොහොතකට ඉහතදී සමත් වුණා. එක්දින පිටියේ ලොව වැඩිම කඩුලු ලාභියා වන්නේ මුත්තයියා මුරලිදරන් වන අතර චමින්ද වාස් හා සනත් ජයසූරිය එම ලයිස්තුවට මීට පෙර ඇතුළත් වී සිටියාමේ වන විට තරඟ 202කට සහභාගී වී සිටින මාලිංග 2023 වසර තෙක් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ඊයේ පවසා තිබුණා.

උපුටා ගැනීම  aperata.net

 

මීට සුළු මොහොතකට පෙර බණ්ඩාරවෙල දික්කරාව ප්‍රදේශයේදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව වැන් රථයක් කුඩු වෙයි.

බණ්ඩරවෙල සිට බදුල්ල දෙසට ගමන් කරමින් සිටි වෑන් රථයක්, බණ්ඩාරවෙල දික්කරාව ප්‍රදේශයේ දී රියදුරුට රථය පාලනය කර ගත නොහැකිව පාරෙන් ඉවතට ගොස් කණ්ඩියක හැපි පෙරලෙයි. ප්‍රදේශවාසින්ගේ මැදිහත් වීමෙන් අනතුරෙන් සුලු තුවාල ලත් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයන් 04දෙනෙකු බණ්ඩාරවෙල මුලික රොහලට ඇතුලත් කර තිබේ. CCTV දර්ශන පහතින්.

බණ්ඩරවෙල සිට බදුල්ල දෙසට ගමන් කරමින් සිටි වෑන් රථයක්, බණ්ඩාරවෙල දික්කරාව ප්‍රදේශයේ දී රියදුරුට රථය පාලනය කර ගත නොහැකිව පාරෙන් ඉවතට ගොස් කණ්ඩියක හැපි පෙරලෙයි. ප්‍රදේශවාසින්ගේ මැදිහත් වීමෙන් අනතුරෙන් සුලු තුවාල ලත් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයන් 04දෙනෙකු බණ්ඩාරවෙල මුලික රොහලට ඇතුලත් කර තිබේ. (CCTV දර්ශන)#lka #News1st #Bandarawela #Dikarawa #Accident #Van #CCTV

Posted by Newsfirst.lk on Thursday, August 31, 2017

සමන්තබද්‍ර හිමි බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව ගැන කිව්ව ආන්දෝලනාත්මක කතාව මෙන්න.

බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව ලෙස සිප්පිකටුවකටත්, දන්ත ධාතුව ලෙස ඌරු දතකටත් වන්දනාමාන කරමින් නියම ආර්‍ය මාර්ගයෙන් පරිභාහිරව වෙනත් මාර්ගයක බෞද්ධයා ගමන් කරමින් සිටින බව සමන්තබද්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර තිබේ.ධාතු කරඬුවලට වැද වැද සිටීමෙන් අවසානයේ මළ පෙරේතයින් වී ඉපදෙන බවත්, නිවැරදි ආර්‍ය මාර්ගයේ ගමන් කරමින් ලෝකයාගෙන් අපහාස විදිමින් හෝ විමුක්තිය ලගා කරගැනීම වැදගත් බවත් උන්වහන්සේ දේශණා කර ඇත.මෙන්න පහතින් එම වීඩියෝව.

දේශනා ශ්‍රවනය කිරීම සඳහා www.youtube.com/sashramaya වෙත පිවිස subscribe කරන්න. Like Us ►► @Siri Siri Sadaham Ashramaya #lka #SriLanka #Buddhism

Posted by Siri Sadaham Ashramaya on Tuesday, August 29, 2017

1000ට තිබෙන ටිකට් එක 6000ට විකුණන ක්‍රිකට් අස්සේ වන පාදඩ ජාවාරම අතටම අහු වුන හැටි.

ඉන්දීයාව සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන එක් දින ක‍්‍රිකට් තරග දෙකේ සහ පන්දුවාර 20 තරගයේ ප‍්‍රවේශ පත‍්‍ර ඇතැම් පිරිස් වැඩි මිළට අළෙවි කරමින් සිටින බව අපට මේ වන විට වාර්තාවී තිබෙනවා. ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ ප‍්‍රධාන පිවිසුම් දොරටුව අසල සිටින ඇතැම් පුද්ගලයින් මේවා වැඩි මිළට අළෙවි කරන බවයි වාර්තා වන්නේ.

අද පැවැත්වෙන එක්දින තරගයේ සහ ඉරිදා පැවැත්වෙන පස්වන එක්දින ක‍්‍රිකට් තරගය සඳහා නිකුත් කළ ප‍්‍රවේශ පත‍්‍රවලින් වැඩි ප‍්‍රමාණයක් අළෙවි වී අවසන් බවයි ක‍්‍රිකට් ආයතනය පැවසුවේ. ලබන 06 වැනි දා පැවැත්වෙන පන්දුවාර 20 ක‍්‍රිකට් තරගයේ සියලූම ප‍්‍රවේශ පත‍්‍ර ද මේ වනවිට අළෙවි වී අවසන් බව ක‍්‍රිකට් ආයතනය වැඩිදුරටත් කියා සිටියා. ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය අසල සිටින ඇතැම් පිරිස් පන්දුවාර 20 ක‍්‍රිකට් තරගයේ ප‍්‍රවේශ පත‍්‍ර ඉතා අධික මිළ ගණන්වලට අළෙවි කරන බවයි වාර්තා වන්නේ. මේ ඒ පිළිබඳව දැක්වෙන රහසිගත වීඩියෝවයි.

1000 ටිකට් 6000යි ! 20/20 ටිකට් දොරටුව අසළම වැඩි මිලට විකුණන ජාවාරම!

Posted by Neth News on Thursday, August 31, 2017

ලොවක් භීතියට පත් කරමින් වසර 1000ක් පැරිණි භික්ෂු මමියක් හමු වූ හැටි. – Video

ලොවම මවිත කරමින් තවමත් පන තිබෙන 1000 ක් පැරැණි භික්‍ෂු මමියක් හමුවෙයිCT ස්කෑන් පරීක්ෂණය කල වෛද්‍යවරු පවා මවිත වෙයි නිරෝගී අස්ථි කොටස් සහ සම්පූර්ණ මොළය යහපත් තත්ත්වයේ පවතින වසර 1000 ක් පමණ පැරැණි මමියක් බවට පත්වූ රන් ආලේපිත බෞද්ධ භික්‍ෂුවකගේ සිරුරක් චීනයෙන් හමුව තිබෙනවා.

පුංචි තිරයේ දක්ෂ නළුවෙක් වන සැනට් දික්කුඹුර තනිව ගෙවන සංවේදී ජිවිත කතාව මෙන්න.

දශක ගණනාවක් තිස්සේ කලා ක්‍ෂේත්‍රයේ රැඳී සිටින ඔබට වෘත්තීය නළුවකු ගෙවන ජීවිතය මොන විදිහටද දැනෙන්නේ ?
වෘත්තීය නළුවෙක් විදිහට මම බොහොම දුෂ්කර ජීවිතයක් තමයි මේ වෙනකොට ගත කරන්නේ. සමහර වෙලාවට එදාවේල හරිහම්බ කරගැනීම පවා මට අද විශාල ගැටලුවක් වෙලා.

රඟපෑමට අවස්ථා යහමින් ලැබෙනවා නම් අතමිට සරු නොවී තියෙන්නේ නැහැනේ. රංගනයට ලැබෙන ආරාධනා අඩු නිසාද ජීවිතය එතරම් දුෂ්කර වෙලා තියෙන්නේ.
මම කවදාවත් රඟපාන්න අවස්ථා ඉල්ලාගෙන යන කෙනෙක් නමෙයි. මා ගැන දන්නා අය අදටත් මාව නිර්මාණවලට සම්බන්ධ කර ගන්නවා. හැබැයි වැඩිපුර රඟපෑවා කියලා මට ගොඩක් සල්ලි හම්බ කරන්න බැහැ.සමහර නිෂ්පාදකවරු මුදල් නොගෙවා ‍පොලු තියනවා. ඒ විදිහේ අත්දැකීම්වලට තමයි මට හුඟක්ම මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.

ඒ විදිහේ දුෂ්කරතා මැද කොහොමද ජීවිතේ ගැට ගහගන්නේ ?
මට ණයට කෑම බිම දෙන කඩවල් තියෙනවා. ඒවායේ පිහිටෙන් යන්තම් පණ ගැටගහගෙන ජීවත් වෙනවා. ඉඳහිට රඟපෑමෙන් කීයක් හරි ලැබුණාම ණය ගෙවලා දානවා. ඒ විදිහට තමයි මගේ ජීවිතය ගවෛන්නේ.

සැනට් දික්කුඹුර කියන්නේ ගේ දොර ලස්සනට හදාගෙන සුවපහසු ජීවිතයක් ගත කරන්න ඕනෑ කියලා සිහින මවපු කෙනෙක් නමෙයිද?
ඒ වගේ හීන නැත්තේ කාටද? ඒත්, වෘත්තීය නළුවෙක් විදිහට මට ඒ හීන සැබෑ කරගන්න බැරි වුණා. අද මම ජීවත් වෙන ගෙදර කොයිවෙ‍ලේ කඩාගෙන වැටේවිද කියන්න බැහැ. ඒ ගෙදරත් මට විතරක් අයිති එකක් ‍නෙවෙයි.

තනි නොතනියට කවුද ළඟින්ම ඉන්නේ ?
මගේ අක්කත් එක්කයි මම ඒ ගෙදර ජීවත් වෙන්නේ. මම විවාහ වෙලා නැහැ. අක්කත් තනිකඩයි, මාත් තනිකඩයි.

විවාහ වෙලා දරු මල්ලෝ හිටියා නම් මේ විදිහේ දුෂ්කර ජීවිතයක් ගෙවන්න වෙන එකක් නැහැ කියලා කවදාවත් හිතුනේ නැද්ද?
අ‍පොයි නැහැ, තනිකඩව ඉන්න ගත් තීරණය ගැන මට හරිම සතුටුයි. මොකද, විවාහ වුණා නම් මගේ බිරිඳටත් මම අද විඳින දුක විඳින්න වෙනවා. විවාහ නොවන්න ගත්තු තීරණය හොඳට දුරදිග බලලා ගත් එකක්.

රජයෙන්වත් මේ වෙද්දී කිසිම ආධාර උපකාරයක් ලැබිලා නැද්ද?
අවුරුදු 55 පැන්නාට පස්සේ ඉල්ලුම් කළා කියලා, සංස්කෘතික අමාත්‍යාංශයෙන් කලාකරුවන්ට දෙන රුපියල් 3000 දීමනාව ගෙවීමත් ප්‍රතික්‍ෂේප කළා. සමහර ජනප්‍රිය නළු නිළියෝ ඉන්නවා, දේශපාලකයන් පස්සේ ගිහින් විවිධ වරප්‍රසාද ලබා ගන්නා. එහෙම නොකරන අපි වගේ අයට වෙන්නේ හිඟා කන්න තමයි.

අද වෙද්දී මේ වගේ දුෂ්කර ජීවිතයක් ගත කළාට ඔබ කලාව වෙනුවෙන් ජීවිතයේ වැඩි හරියක් කැප කරපු කලාකරුවෙක් කීවොත් නිවැරදියි නේද?
ඔව්, 1967 දී පාසල් වේදිකාවෙන් තමයි මම නාට්‍ය කලාවට පිවිසුණේ. නාට්‍යකරුවෙක් විදිහට කලා ජීවිතය ආරම්භ කරලා පසුකාලීනව මම චිත්‍රපට සහ ටෙලි නාට්‍යවලත් රඟපෑවා. ධර්මසේන පතිරාජ මහතාගේ ‘අහස්ගව්ව’ තමයි මම රඟපෑ චිත්‍රපට අතරින් මුලින්ම ප්‍රදර්ශනය කෙරුනේ.

වැඩිපුර ප්‍රසිද්ධ වුණේ නළුවෙක් විදිහට වුණත් ඔබ වේෂ නිරූපණ ශිල්පියෙක් විදිහටත් විශාල වැඩකොටසක් කරලා තියෙනවා.
ඔව්, මම වේෂ නිරූපණයෙන් දායක වුණු මුල්ම වේදිකා නාට්‍ය වුණේ ජයන්ත චන්ද්‍රසිරි වෙනුවෙන් මෝරා . මෝරා වේදිකා නාට්‍යයේ වේෂ නිරූපණය වෙනුවෙන් මට ඒ වසරේ හොඳම වේෂ නිරූපණ ශිල්පියාට හිමි රාජ්‍ය නාට්‍ය සම්මානය පවා ලැබුණා.වේෂ නිරූපන ශිල්පියෙක් විදිහටත් මම ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගත්තා. මාලිනී ෆොන්සේකා, ලතා වල්‍පොල, මිල්ටන් මල්ලවආරච්චි, ශ්‍රියානි අමරසේන වගේ ජනප්‍රිය චරිතත් මම වෙස් ගන්වලා තියෙනවා.

රජයෙන් යමක් නොලැබුණාට, ඔබ ගැන දන්නා ඔබේ රසික රසිකාවියන්ගෙන් නම් ඔබට ආධාර උපකාර ලැබෙනවා ඇති නේද?
මම සිටින තත්ත්වය දැකලා උදව් උපකාර කරන අයත් ඉන්නවා. මේ ළඟදී තරු දිරි සරණ සංවිධානයේ නායක හාමුදුරුවෝ ඇතුළු පිරිසක් ආධාර වගයක් ගෙනැවිත් දුන්නා. මම කිව්වා ‘මටත් වඩා අසරණ වෙච්ච කලාකරුවන් ඉන්නවානේ මේවා ඒ අයට දෙන්න කියලා. එතකොට ඔබතුමා ජීවත් වෙන හැටි දැක්කාම ඕනෑම කෙනෙකුට උදව් කරන්න හිතෙනවා කියලා මට ඒ දේවල් දීලා ගියා. කොයි තරම් අසරණ වුණත් ඔය සමහර කලාකරුවෝ වගේ දේශපාලකයන්ට ළං වෙලා මහජනතාවගේ මුදල් අයථා විදිහට ලබා ගන්න නම් මම කැමති නැහැ.

 

උපුටා ගැනීම gossip.hirufm.lk

ගෙදර කිසිවෙකුත් නැති වෙනකම් බලන් ඉඳලා තනිවූ අහිංසක දැරියකට 51 වයස නරුමයා කල දේ.

කිසිම කෙනෙකු නිවසේ නොමැතිව තනිවම සිටි දැරියකට එම නිවසට පැමිණි පුද්ගලයෙකු විසින් අතවර කිරීමට තැත් කිරීම යන චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙක් ලබන මස 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් එල්.ටී වරුෂ විතාන පෙරේදා (28) නියෝග කර ඇතැයි ගල්ගමුව පොලිසිය පවසනවා. පසුගිය 27 වැනිදා උදෑසන ගල්ගමුව, ගල්ලෑව ප්‍රදේශයේ දී මෙය සිදුව ඇති අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් මෙම දැරියගේ නිවස ආසන්නයේම පදිංචි 51 හැවිරිදි විවාහක පුද්ගලයෙකු ගල්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සිදුවන අවස්ථාවේ දී දැරියගේ නිවසේ කිසිවෙකු සිට නොමැති අතර මෙම සැකකාර පුද්ගලයා දැරියගේ නිවසට පැමිණ නිවසේ සිටින්නේ කවුරුන්දැයි විමසා කිසිවෙකුත් නොමැති බව දැනගැනීමෙන් පසු දැරියගේ දෑත අල්ලාගෙන ඇයව වැළද ගැනීමට උත්සාහ දරා තිබෙනවා. ඒත් සමගම මෙම දැරිය සැකකරුගෙන් මිදී මිදුලට පැමිණ කෑ ගැසීමත් සමග සැකකරු පලා ගොස් ඇති බවත් ඉන් පසු දැරියගේ මව විසින් ගල්ගමුව පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සදහන් කළා.

මෙම සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව පොලිස්ථානයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දුමින්ද නයනසිරිගේ උපදෙස් මත අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක ටිකිරි බන්ඩාර ඇතුළු නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව පවතිනවා.

උපුටා ගැනීම hirunews.lk

සුරූපී නිලි පුජා උමාශංකර් හොර රහසේ නැවතත් මනාලියෙක් වුන හැටි.මෙන්න එහි සොඳුරු දසුන්.

සැබැවින්ම සුන්දර රංගන ශිල්පිණියක් වූ පූජා උමාශංකර් විවිධ ආකාරයෙන් හැඩ වී ලබා ගත් ඡායාරූප අප ඕනෑ තරම් දැක තිබෙනවා.එහෙත් ඇය පසුගිය දිනක අප මෙතෙක් දැක නොතිබූ ආකාරයට හැඩ ගැන්වී තිබුණා. ඒ උඩරට මනාළියක් විදිහටයි.උඩරට ලාංකේය කුල සිරිතට අනුව නළල්පටය බැදි ඉතාමත් චාම් සුන්දර මනාළියක් ලෙසින් ඇය එහිදී කැපී පෙණුනා.මෙන්න එහි සොඳුරු දසුන් පහත වීඩියෝවේ..

තමන් කැමති ඕනෑම දෙයක් මුදලට දෙන පිටකොටුවේ අමුතුම කාන්තාවන්ගේ වැඩ මෙන්න.

පිටකොටුවේ ගුණසිංහ පුර රජකරගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 4 ක් සහ එක් පිරිමි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් අදාළ ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.ගණිකා නිවාසය කළමනාකාරිණිය සහ ඔහුගේ සහායකද එහිදී අත්අඩංගුවට ගත් පිරිස අතර සිටිනවා..

ඔවුන් අවුරුදු 48, 33, 34, 29, යන වයස්වල පසුවන්නන් බවටයි අනාවරණ වී ඇත්තේ.මෙම සැකකරුවන් සහ සැකකාරියන් නුවරඑළිය, උඩුදුම්බර, බොරැල්ල, පානදුර, හංවැල්ල යන ප්‍රදේශවල පදිංචි බවයි පොලිසිය ප්‍රකාශ කළේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.