ඔබගේ ස්මාර්ට් දුරකතනයෙන් 360 ජායාරුප ගන්න සුපිරිම ක්‍රමයක්.මෙන්න දුරකතනයේ සැඟවී තිබු ඔබ නොදන්නා සුපිරි ක්‍රමය.

ඔබගේ ස්මාර්ට් දුරකතනයෙන් 360 පින්තුරයක් ගන්න පුළුවන් කිව්වම ඔබ විස්වාස කරනවාද.මෙන්න ඉගන ගන්න සුපිරි ක්‍රමයක්..360 කැමරා ගන්න සල්ලි වියදම් කරන්නේ මොකටද .මේ දේ ඉගන ගත්තම ඔනෙම වෙලාවක ඔබට කරලා බලන්න පුළුවන්.මෙන්න බලන්න පහතින්ම තිබෙන වීඩියෝව..

කොස්ගොඩදී පුද්ගලයින් හතර දෙනෙකු ඝාතනය කිරීමේ සිද්දියට සම්බන්ද සැකකරුගේ තවත් තොරතුරු රැසක් එලියට.

කොස්ගොඩ සිව් පුද්ගල ඝාතනය මෙහෙයවූ කොස්ගොඩ තාරුක නමැති පාතාල සාමාජිකයා බැංකු කොල්ලකෑම් කිහිපයක් සඳහා අවශ්‍ය ප්‍රධාන සැකකරුවෙකු බව අනාවරණ වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සිදුවූ කොල්ලය ද මෙහෙයවා ඇති බවයි. මීට අමතරව මෙම පුද්ගලයා කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තබා පාතාල නායක සමයං ඝාතනය කිරීමේ සිද්ධියටද සම්බන්ධ බවට හෙළි වී තිබෙනවා.

කොස්ගොඩ ප්‍රදේශයේ ස්ථාන තුනකදී පෙරේදා අලූයම සිදුවූ මෙම වෙඩි තැබීම්වලින් එකම පවුලේ පියා, පුතුන් දෙදෙනා ඇතුලූ සිව්දෙනෙකු මියගියා. වෙඩි තැබීමෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙකු තුවාල ලැබූ අතර, ඔහු තවදුරටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. මූලික පොලිස් පරික්ෂණවලදී හෙළිවූයේ කලක් තිස්සේ පවතින පාතාල ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඝාතන සිදුව ඇති බවයි.මීට මාස කිහිපයකට පෙර කොස්ගොඩ තාරුක නැමති පාතාල කල්ලි නායකයාගේ සගයෙකු වන කොස්ගොඩ ලොකුවා නැමැත්තා වෙඩි තැබීමකින් මියගියා.

ඊට කොස්ගොඩ සුජී නැමති පාතාල සාමාජිකයා ද සහාය ලබාදී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මිය ගිය පුද්ගලයින් මෙම කොස්ගොඩ සුජී නැමැත්තා සමඟ සබඳතා පවත්වා ඇති අතර, ඒ හේතුවෙන් මෙම ඝාතන සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

උපුටා ගැනීම 24newslanka.com

ඉදිරි වසර කිහිපයක කාලයක් අතරතුර මිනිසා පෘතුවියෙන් ඉවත්විය යුතුයි.ලෝකප්‍රකට මහාචාර්ය හොකින්ගේ අනතුරු ඇඟවීම මෙන්න.

සෞරග්‍රහ මණ්ඩලයේ අපගේ ඇසට පෙනෙන නොපෙනෙන අප සොයාගත් මෙන්ම සොයා නොගත් ග්‍රහ තාරකා කෙතරම් නම් තිබෙනවාද.?එහෙත් ඒවා ජිවත් වීම සඳහා සුදුසු ද යන්න සොයා ගැනීමට අප තවමත් සමත් වී නැහැ.අපට ජීවත්වීමට ඇත්තේ පෘථිවිය මිස වෙන කිනම් ග්‍රලෝකයක්ද..?අද අපි ඔබට වාර්තා කරන්නේ මිනිස් වර්ගයාගේ අවසානය පිළිබඳ අපට ලැබුණු තොරතුරක්.

අතීතයේ පටන්ම සිදු වන මිනිස් වර්ගයාගේ නොයෙකුත් ක්‍රියාකාරකම් හේතුවෙන් වර්තමානයේ අපේ මහ පොළොව අපට අහිමි වෙමින් අප දිනෙන් දින විනාශය කරා ඇදෙමින් සිටින බව සුප්‍රසිද්ධ ස්ටෙෆන් හෝකින් පවසා සිටිනවා.

මාකඳුරේ මදුෂ්ගේ තරුණයින් පස්දෙනෙකු ඝාතනය කල කොස්ගොඩ සුජිට ඩුබායි ඉඳලා මදුෂ් දුන්න රිටන් එක මෙන්න.

සිවුදෙනෙක් ඝාතනය කර එක් අයෙක්ට බරපතළ තුවාල ලැබූ කොස්ගොඩදී වෙඩි තබා ගැනීම සිදුකර ඇත්තේ ඩුබායි හි සිටින මාකඳුරේ මධුෂ්ගේ කණ්ඩායමේ ප්‍රබලයෙක් වන කොස්ගොඩ තාරක ඇතුළු සිව් දෙනෙක් විසින් බව හඳුනාගැනීමට පොලීසියට මේ වන විට හැකිව තිබෙනවා. මෙම පාතාල ප්‍රහාරය පෙරේදා (29) අලුයම් කාලයේදී කොස්ගොඩ ප්‍රදේශයේ යුදපිටිය, කුරුඳුගම්පියස සහ මැණික් ගම්මානය යන තැන්වලදී එල්ල වී තිබුණා..

එහිදී පියෙකු සහ දරුවන් තිදෙනෙක් යුද පිටියේදීත්, මැණික් ගම්මානයේදී එක් අයෙකුත් ඝාතනය වී ඇති අතර කුරුඳුගම්පියසේදී වෙඩි ප්‍රහාරයට ලක්වුණු අය බරපතළ තුවාල ලබා සිටින බවත් පොලීසිය පැවසුවා.

මෙම වෙඩි ප්‍රහාරයන් තුනම එකම කණ්ඩායමක් විසින් නිවාසවලට පැන එල්ල කර තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. ඩුබායි රටේ සිටිමින් කොස්ගොඩ පැත්තේ පාතාලය මෙහෙයවන කොස්ගොඩ සුජීගේ කල්ලිය සහ මාකඳුරේ මධුෂ්ගේ කල්ලිය අතර පවතින ගැටුමක ප්‍රථිපලයක් ලෙස මෙම සිවු පුද්ගල ඝාතනය සුදුවී ඇති බවට මේ වන විට තොරතුර ලැබී තිබෙනවා.

ඝාතනය වූ අය අතර කොස්ගොඩ සුජීගේ මාමා සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනාද සිටින බවයි පොලීසිය පවසන්නේ. මෙම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර ලෙස ඉදිරි දින කිහිපය තුළ කොස්ගොඩ ප්‍රදේශයේ පාතාල ගැටුම් උත්සන්න වීමේ අවදානමක් මතු වී ඇති බවට බුද්ධි අංශ විසින් මේ වනවිටත් පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබීමද විශේෂිතයි.කොස්ගොඩ සුජීගේ පාර්ශවයෙන් එම ප්‍රහාර එල්ල කිරීමට මානබලමින් සිටින බව ආරංචි මාර්ග අනාවරණ වනවා.කොස්ගොඩ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර එම ප්‍රහාරයන් වලක්වා ගැනීමට පොලීසිය පියවර නොගතහොත් මහා ලේ වැගිරීමක් සිදුවනු ඇති බවටත් බුද්ධි අංශ විසින් අනතුරු අඟවා තිබෙනවා.

අත්තිඩියේ පිහිටි පෞද්ගලික බැංකුවට කඩා වැදී බැංකු ආරක්ෂකයාට වෙඩි තබා ඝාතනය කර රුපියල් ලක්ෂ 34 ක් කොල්ලකෑමට පොලීසියට අවශ්‍යව සිටින්නේද කොස්ගොඩ තාරක නමැති පාතාල අපරාධකරුවායි. මීරිගම ප්‍රදේශයේ පිහිටි බැංකුවකට කඩා වැඩි රුපියල් ලක්ෂ 18 ක් කොල්ලකෑම් ඇතුළු අපරාධ ගොන්නකටම කොස්ගොඩ තාරක පොලීසියට අවශ්‍යව සිටින අයෙකි.කොස්ගොඩ තාරක සමඟ එම ප්‍රහාරයට සම්බන්ධ වී ඇතැයි පොලීසිය හඳුනාගෙන සිටින තවත් අයෙක් වන්නේ ඉකුත් මැයි 08 වැනිදා වැලිපැන්නේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වූ කොස්ගොඩ ලොකු නැමැත්තාගේ සහෝදරයෙකි. ඊට අමතරව කොස්ගොඩ තාරකගේ සහෝදරයෙක් සහ සුජීගේ කල්ලියෙන් වෙඩි ප්‍රහාරයට ලක්වුණු පාතාල අපරාධකරුවෙක්ද මෙම ප්‍රහාරයට සම්බන්ධ වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

කොස්ගොඩ සූජි නැමැත්තා විසින් ඩුබායි සිට ලබාදුන් උපදෙස්වලට අනුව ඔහුගේ ගෝලයන් දෙදෙනෙක් වන කොස්ගොඩ රණා සහ මීටියාගොඩ රාජු නමැති පාතාලයේ කුලී ඝාතකයන් දෙදෙනා මැයි 06 වැනිදාත් මැයි 23 දාත් අතර කාලය තුළ පමණක් මාකඳුරේ මධුෂ්ගේ කල්ලියට සම්බන්ධව සිටි ගාල්ල, කොස්ගොඩ සහ ඌරගස්මංහන්දියේ පස් දෙනෙකුව ඝාතනය කරනු ලැබ තිබුණා.

තවත් අයෙක්ව ඝාතනය කිරීමට සැලසුම් කර අනතුරුව කොස්ගොඩ සුජීගේ උපදෙස් අනුව ජා-ඇල ප්‍රදේශයේ නවාතැන් පොළකට පැමිණ සිටි ඔවුන් දෙදෙනාව ඉකුත් අගෝස්තු මාසයේදී බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ ටී 56 ගිනි අවියක් සමඟින්.

කොස්ගොඩදී පෙරේදා (29) ප්‍රහාරයට ලක්වූවන් අතර ජා – ඇළදී අත්අඩංගුවට ගත් කොස්ගොඩ රණාගේ ඥාතීන්ද සිටින බව පොලිසිය අනාවරණ කරනවා.

උපුටා ගැනීම gossip.hirufm.lk

අම්බලන්ගොඩ දුම්රිය අනතුරකින් රට වෙනුවෙන් ජිවිත කැප කරන STF දෙදෙනෙක්ට සිදු වූ අවාසනාවන්ත ඉරණම.

අම්බලන්ගොඩ ආඳාඳොල දුම්රිය හරස් මාර්ගයේදී මාතර සිට මරදාන බලා ධාවන ය වූ දුම්රියේ අතුරු මාර්ගයකින් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් මෝටර් රියේ ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මරණකරුවන් පොලිසි විශේෂ කාර්ය බළකායට අයත් උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් බව පොලීසිය සඳහන් කරයි. අනතුරින් තුවාල ලැබූ කාන්තාවක්ද බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ (30දා) සවස අනතුර සිදුව ඇත.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි.

දරුවා ප්‍රසුත කර පැයක් ගත වීමටත් පෙර 23 හැවිරිදි තරුණියට හොර දොස්තරයා ඇවිත් කල බාරපතල අපරාදය මෙන්න.

23 හැවිරිදි වියේ පසුවන තරුණියක් දරවා ප්‍රසුත කිරීම සදහා පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබෙන අතර පසුව ඇය අසාද්‍ය තත්වයට පත් වීම නිසා  දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.. 3.30ත පමණ වන විට ඇයට දරුවා ප්‍රසුත කිරීමට වාසනාවන්ත වුණා..නමුත් අවාසනාවන්ත ලෙස එතනට පැමිණි පුද්ගලයෙක් ඇය බරපතල ලෙස දුෂණය කර තිබෙනවා.

මෙම පුද්ගලයා වෛද්‍යවරයකු ලෙස රෝහලට පැමින තවත් ලෙඩුන් බලන ආකාරයට අනෙක් වාට්ටු වලටද ගොස් ඇත. පසුව කිසිවකුට සැක නොහිතෙන ආකාරයට අදාල කාන්තාව සිටි ස්තානයට ගොස් ඇත.

මෙම අපයෝජනයට ලක්වුනු කාන්තාවගේ ඥාතියකු පවසන්නේ ‘‘ දුව රෑ දුවක් බිහි කලා. මම රෑ 9.45 පමන වෙන තුරු දුව ලග හිටියා. ඊට පස්සේ එදා කාටවත් දුව ලග ඉන්න රෝහලෙන් දුන්නේ නෑ. දුවගේ කෑ ගැහීමවත් ඇයි කාටවත් ඇහුන් නැත්තේ ” යනුවෙනි.අදාල පුද්ගලයා රෝහලට ඇතුලු වීම CCTV දර්ශන වල සටහන් වී තිබුනු ආකාරය පහතින්..

“පුන්සද රෑට ඇවිදින් හේනේ.”ලස්සන ගීතයේ මින් පෙර ඔබ අසා නොමැති තේරුම මෙන්න.පිස්සු හැදෙනවා තේරුම ඇහුවම.

ලංකාවේ බොහොමයක් අර්ථවත් සින්දු තිබෙනවා..ඒ අතරින් අපි අද ඔබට කියන්න යන්නේ ලංකාවේ එවැනි වූ ලස්සන සිංදුවක්.ඒ තමයි “පුන්සද රෑට ඇවිදින් හේනේ.”කියන ලස්සන සිංදුව.මේ සින්දුවේ තේරුම ඔබ අසා තිබෙනවද.”රන් කද තාම පෑල් රකිනවදො නිදි නෑතිව” මෙතන පෑල් රකින සීන් එකක් කියන්නේ එහෙම එකක් නෙමේ. මෙයාගේ පුරුශයාට යම් බෙලහීන සීන් එකක් තියෙනවා. අන්න ඒක තමා ඔතනින් කියන්නේ.”

මෙන්න බලන්නකෝ එහෙනම් ඒ ගීතයේ තේරුම.

15 හැවිරිදි පුතාව බරපතල ලෙස ලින්ගික අපයෝජනය කල අසහනකාරී පුංචි අම්මාට ජිවිතේ අමතක නොවන පාඩම මෙන්න.

වයස අවුරුදු 15ක පමණ බාල වයස්කාර තම ඥාති පුතා බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ ඔහුගේ පුංචි අම්මා කෙනකු චෝදනා තුනකට වරදකාරියක බව නිගමනය කළ අනුරාධපුර විශේෂ මහාධිකරණය ඇයට වසර 21ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

එක් අධිචෝදනාවකට වසර හත බැගින් වෙන් වෙන් වශයෙන් බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කෙරුණු අතර 21 වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම වසර 7කින් ගෙවී යාමටද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියෝග කළේය. ඊට අමතරව අධිචෝදනා තුනට වෙන් වෙන්ව රුපියල් 500 බැගින් විත්තිකාරියට දඩ නියම කළ විනිසුරු ඇයට මාස 3 බැගින් වෙන් වෙන් වශයෙන් සිර දඬුවම් නියම කෙරිණි.2007 වසරේ ජූලි මස 10 වන දින සහ 2008 වසරේ ජූනි මස 31 වන දින අතර කාලයේ අනුරාධපුර මහාධිකරණ බල ප‍්‍රදේශයට අයත් මරදන්කඩවලදි විත්තිකාරිය මෙම වරද සිදු කර ඇති බවට ලංකා දන්ඩ නීති සංග‍්‍රහයේ 365 ආ (2) ආ වගන්තිය ප‍්‍රකාරව අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකාර කාන්තාවට එරෙහිව අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

බාල වයස්කාර පිරිමි දරුවකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ වරදකට කාන්තාවකට මෙරට මහාධිකරණයකින් මෑත කාලයේ 21 වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළ ඉතිහාසයේ ප‍්‍රථම අවස්ථාවද මෙයවීම විශේෂත්වයකි.

උපාලි ආනන්ද)
උපුටා ගැනීම lankadeepa.lk

ලංකාවේ බොහෝ දෙනෙකුගේ ජනප්‍රිය වාසගම් 22ක ඔබ නොදත් ඇත්තම තේරුම මෙන්න බලන්නකෝ.

සට කපට වෙළඳ ජාතියක් ලෙස හැඳින්විය හැකි පෘතුගීසින්ද ඊට නොදෙවෙනිව කෝට්ටේ රජුගෙන් ඉල්ලා සිටියේ ‘ගෙරි හමක් එළා ගැනීමට’ පමණක් සුදුසු බිම් කඩක් තමන්ට ලබා දෙන ලෙසය. එතරම් ‘සුළු’ ඉඩක් ලබා ගැනීමට අවසර නොදීමට විජයබාහු රජුට ද හේතුවක් නොවූ බව පෙනී ගිය බැවින් අද‌ාළ අවසරය දානය කරනු ලැබීය. එහෙත් ඉන්පසු මේ පෘතුගීසින් කළේ ගෙරි (හරක්) හම කීතු කීතුවලට ඉරා ඉතා සිහින් පටි ලෙස ගෙන කොළඹ වරාය ආශ්‍රිතව විශාල ප්‍රදේශයක් වට කරගෙන විශාල බලකොටුවකට පදනම් දැමීය. ක්‍රි.ව 1505 දී ලංකාවට ගොඩබට පෘතුගීසින් කොයි අන්දමින් නමුත් මෙරට දේශපාලනයට ගාවා ගැනීමට අපේ රජදරුවන් ක්‍රියාකළ බැවින් දිවයින වටා වෙරළ තීරයම 1658 දක්වා පෘතුගීසි ආක්‍රමණයට නතුවිය.

ලංකාව ආක්‍රමණය කළ බටහිර ජාතීන් තුන අතරින් අපේ සංස්කෘතියට විශාල බලපෑමක් කළ ජාතියක් ලෙස පෘතුගීසින් හැඳින්විය හැකිය. ඉන්දියානු සාගරය හරහා කොහේටදෝ යාත්‍රා කරමින් සිටින අතර 1505 දී කුණාටුවකට හසු වී ලංකාවේ ගාලු වරාය ආශ්‍රිත ප්‍රාදේශයකට ගසාගෙන ආ ලොරෙන්සෝද අල්මේයිදා ප්‍රමුඛ නාවුකයන් සහ එකිනෙකා හා කුළල් කා ගත් දේශීය පාලකයන් නිසා ලංකා ඉතිහාසය තුළ පෘතුගීසි බලපෑමක් පිළිබඳ කතා පුවතකට ඉඩ හසර විවර විය. මේ විදේශිකයන් සම්බන්ධයෙන් එකල කෝට්ටේ රජ කළ VII විජයබාහු රජු දැක් වූ ආකල්පය ‘පරංගියා කෝට්ටේ ගියා වගේ’’ යන කියමන හා ඒ හා බැඳි ඉතිහාසයෙන් පැහැදිලි වේ. කොළඹ සිට කෝට්ටේට වැඩි දුරක් නැතත් එය බොහෝ දුර බව ඇඟවීම පිණිස පරංගියා කොළඹ සිට ‘වටවන්දනාවක’ රැගෙන ගොස් අවසන කෝට්ටේ නගරයට ප්‍රවිශ්ඨ කරවීමට සිංහල රජු ක්‍රියා කිරීම එම ආකල්පයේ එක් ප්‍රකාශනයකි.

1505 දී ලංකාවට ගොඩබට පෘතුගීසීන්ගේ මූලික අරමුණ වෙළඳාම මිස ධර්ම ප්‍රචාරය නොවූ බව පැහැදිළිවන්නේ ඉන් තිස් තුන් වසරක් ගත වන තුරු එනම් 1538 වන තුරු කතෝලික ධර්ම දූතයන් මෙරටට ගෙන්වා ගැනීමට පෘතුගීෂින් උනන්දු නොවූ බැවිනි. කෙසේ වෙතත් පෘතුගීසීන් ලංකාවට ගෙනා දේ අතර අලංකාරම තිළිණය කතෝලික දහම වූ බව පැහැදිලි වුවත් ඔවුන් වෙසෙසින් බෞද්ධ – හින්දු ධර්මයන් පිළිබඳව දැක් වූ ප්‍රතික්‍රියාව නම් අද කාලයේ මානසිකත්වයෙන් බලන විට නම් කොහෙත්ම කළ අනුමත කළ නොහැකිය. මන්ද, එකල පොදු කතෝලික ඉගැන්වීම වූයේ ‘Extra ecclesiam nulla salus’ (එක්ස්ට්‍රා එක්ලේසියාම් නුල්ලා සාලුස්) එනම් (කතෝලික) සභාවෙන් පිටත ගැළවීමක් නොමැත යන්නය. ඒ අනුව අන් ආගම් අදහන අයට ගැළැවීමක් නැතැයි යන අදහසින් පෙළඹී ඔවුන්ට හොඳින් හෝ නරකින් තම ආගම ‘පෙවීමට’ ගත් උත්සාහයන් ඉතිහාසය තුළ අපට දැකගත හැකිය.

සමහර අන්තවාදී ඉස්ලාම්වරුන් අද පවා මෙබඳු මානසිකත්වයකින් අන්‍යාගම් දෙස බලන බව පෙනී යයි. මෙම මානසිකත්වය කතෝලිකයන්ගෙන් නිල වශයෙන්ම පහකර දැමූ 1962 – 65 දක්වා මුළු දුන් තීරණාත්මක II වතිකාන මහා සම්මන්ත්‍රණ සභාව තම ප්‍රකාශන එකක් නොව දෙකක්ම මගින් අන්‍යාගම් තුළ ද සත්‍ය​යේ බීජ අඩංගු වන බව ප්‍රකාශ කරන ලදී. 16 සියවසේ බොහෝ ධර්ම දූතයන් සිදු කළ වරදක් වූයේ ධර්මයද සමගින් තම තමාගේ සංස්කෘතිය ද අන් ජාතීන්ට ලබාදීමට උත්සාහ කිරීමයි. ‘ඔවුන් කතෝලික දහමද සමගින් යුරෝපීය සංස්කෘතිය ද අපට ලබාදුන් බැවින් මේ දෙක එකිනෙකින් වෙන් කර ගැනීමට මෙරට කතෝලිකයන්ට නොහැකිව ඇති’’ යි පසුකාලීනව දේශානුරූපී කතෝලික ජනතාවක් ගොඩනැගීමට උර දුන් පූජක සිරි ඔස්කා අබයරත්න පියතුමා ප්‍රකාශ කර සිටියේ එබැවිනි.

16 වැනි සියවසේදී ලාංකිකයකු කතෝලික දහම වැළඳගැනීම සපුරාම පෘතුගීසි සංස්කෘතිය වැළඳගැනීමක් වූ බව පෙනී යයි. මන්ද භෞතිස්ම කරනු ලැබූ අයගේ නම් පමණක් නොව වාසගම් ද පෘතුගීසිකරණයට ලක් වූ බැවිනි. කුසුමාසන දේවිය දෝන කතරිනා වන්නේත්, කරලියැද්දේ බණ්ඩාර දොන් ෆිලිප් වන්නේත් ඒ අනුවය. කෝට්ටේ යුගයේ සුපතළ හෙළ කිවි​ෙඳකු වන සුභාෂිතයේ කර්තෘ අලිගියවන්න මුකවෙටි තුමාද වරක් බෞතිස්ම කරනු ලැබ දොන් ජෙරනිමෝ ලෙස කතෝලිකයකුව සිටි බවත් ඒ කාලය තුළ ‘කොන්ස්තන්තීනු හටන’ නමින් පෘතුගීසි සේනාධිපතියකු වර්ණනා කරන කාව්‍ය සංග්‍රහයක් රචනා කළ බවත් වැඩි කතාබහකට ලක්වන්නේ නැත. කෙසේ වෙතත් අපගේ මෙම ලිපියෙහි මූලික අරමුණ ලංකාවේ පෘතුගීසි ඉතිහාසය ගැන කතා කිරීම නොව ඔවුන්ගේ බලපෑමෙන් අප රට තුළ අදටත් භාවිත පෘතුගීසි පෙළපත් නාම හා ඒවායේ අලගිය මුලගිය තැන් හා අර්ථයන් සොයා බැලීම හා ඒ ගැන කෙටි විමර්ශනයක යෙදීමය.

ලංකාවේ පහතරට ප්‍රදේශවල, ඉනුත් විශේෂයෙන් පුත්තලමේ සිට මාතර දක්වා වෙරළ තීරයේ ජනයා අතරින් බහුතරයක් එකල කතෝලික දහම වැළඳගෙන පෘතුගීසි වාසගම් ලබාගත් බව පෙනී යන නමුත් මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය හා මඩකලපුව වැනි දෙමළ ජන බහුතරය සිටින ප්‍රදේශවල ජනයා කතෝලික දහම වැළඳගත්ත ද ඔවුන් සිංහලයන් තරම් පෘතුගීසි වාසගම් ලබා නොගත්තේදැයි ඔවුන්ගේ වාසගම් විමසා බලනට කල්පනා කළ හැකිය. එහෙත් ලන්දේසි පීඩනය හා කුල පීඩනය ආදිය නිසා කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ජනයා විශාල වශයෙන් කතෝලික විශ්වාසය හැර දමන්නට ඇතැයි 16-17 සියවස්වල කතෝලික ධර්මදූතයන්ගේ වාර්තා සහ වත්මන් ආගමික ජනගහනය සසඳ‌ා බලන විට කල්පනා කළ හැකිය. කෙසේ වෙතත් එම ජනයා තමන්ට ලැබුණු පෘතුගීසි වාසගම් අද පවා භාවිත කරන බව පෙනී යයි. බෞද්ධයන් අතර පවා පෙරේරා, සිල්වා, ප්‍රනාන්දු, කුරේ, ඩයස් ආදී බොහෝ පෘතුගීසි වාසගම් භාවිත වන්නේ එබැවින්ය යන්න අපගේ අදහසය. පෙර කී ලෙසම ලාංකික අපට උරුම වූ පෘතුගීසි පෙළපත් නාම මොනවාදැයි දැන් අපි විමසා බලමු.

මෙම වාසගම් බොහෝ විට පෘතුගීසි, ස්පාඤ්ඤ, ලතින් හා ජර්මානු ආභාසයෙන් පෘතුගීසින් හරහා අපට ලැබිණැයි කල්පනා කළ හැකිය. එසේම මේ පෙළපත් නාම අද වන විට අප විසින් අපගේ ඌරුවට, හැඩයට යළි සකසා ඇති බව ද නිරීක්ෂණය කළ හැකිය. අප අතර භාවිත මෙම පෘතුගීසි වාසගම් මොනවාදැයි දැන් අපි සොයා බලමු. සිල්වා, පෙරේරා, ප්‍රනාන්දු, ඩයස්, මෙන්ඩිස් (මැන්දිස්) කුරේ ද මෙල්, කෘෘස්, පීරිස්. පාරිස්, ගෝමස්, ගෝමිස්, වාස්, ​ෙෆාන්සේකා, අල්විස්, අල්මේදා, කබ්‍රාල්, නෝනිස්, සොයිසා, සුවාරිස්, රොද්‍රිගු, රුබේරු, කොරයා සහ පැස්කුවල් මෙබඳු ලාංකික – පෘතුගීසි වාසගම් අතර කැපී පෙනෙයි.

මා රෝමයේ ලතෙරාන සසුන් සරසවියේ අධ්‍යාපනය ඇරඹූ මුල් කාලයේ අපගේ ඉතාලි භාෂා පන්තියේ සිසු සිසුවියන් එකිනෙකා හඳුනා ගන්නා අතරතුර මාගේ නමටද ‘ඩයස්’ යන වාසගම ඇතුළත් බව දුටු එක් මොසැම්බික් ජාතික මා මිතුරු පියතුමෙකු ‘අහා උඹත් පෘතුගීසියෙකුදැයි’ හඬ නගා මාගෙන් විමසා සිටියේය. මා තුළ ඒ සැණෙකින් ඇති වූයේ ලජ්ජාවකි. ලොව දිළිඳුම රටවල් අතර ද දිළිඳුම රටක් සේ පිළිගැනෙන අප්‍රිකාවේ මොසැම්බික් දේශය අදටත් පෘතුගීසි යටත් විජිතවාදයේ අමිහිර විඳින රටකි. එහෙත් එරට රාජ්‍ය භාෂාව ද බහුතරයේ භාෂාවද පෘතුගීසි භාෂාවය. එබැවින් මම ‘‘මම ලාංකිකයකු මිස පරංගියෙකු නොවෙමි’ යි ඔහුට පවසා ලංකාව තුළ පෘතුගීසි බලපෑම ගැන ඔහු සමග සංවාදයක් ඇරඹීමි. එතැන් පටන් ලාංකිකයන් අතර භාවිත පෘතුගීසි වචන මෙන්ම වෙසෙසින්ම වාසගම් (පෙළපත්නාම) ගැන ඔහුගෙන් විමසා ඒවා​ෙය් අරුත දැනගතිමි. පෘතුගීසි – ඉංග්‍රීසි ශබ්ද කෝෂයක උපකාරයෙන් එම වචනවල සැබෑ මූලය සොයා ගැනීමට තැත් කළෙමි. ඒවා සටහන්කර තබා ගතිමි. මෙම පෘතුගීසි වාසගම්වල මුල් අදහස සොයා ගැනීමේදී පරෙස්සමින් හා කල්පනාකාරීව එය මෙහෙයවීම් මන්ද බොහෝ සිංහල – පෘතුගීසි වාසගම් එහි මුල් වචනය ලෙසම අද භාවිත නොවන බැවිනි. තවද අන්තර්ජාලය ඔස්සේ විශ්වාසවන්ත මූලාශ්‍ර පමණක් ඇසුරු කරමින් පෘතුගීසි වාසගම් පිළිබඳව අප කළ ​ෙසායා බැලීම ද මෙම අධ්‍යයනය වඩාත් පලබර කිරීමට හේතු විය. ඇත්ත වශයෙන්ම මෙවැනි ගවේෂණයක් මගින් අප බලාපොරොත්තු වන්නේ අප රටේ ජනතාව වඩාත් දැනුම්වත් ජනතාවක් වනු දැකීමය.

අප අධ්‍යයනය කළ මෙම පෘතුගීසි වාසගම් මෙන්ම ලාංකේය හා භාරතීය වාසගම් ද විමසා බලන කල යුරෝපයට වඩා පෙරදිග අපගේ වාසගම් තම ගෞරව බහුමානය ප්‍රකාශ කරන බව පෙනී යයි. Black, Brown, White, Clark, Bush, Rider ආදී බටහිර වාසගම් ඉතා සරල මෙන්ම තවත් කෙනෙකුගෙන් තමන් හුදෙක්ම වෙන් කර හඳුනා ගැනීම පමණක් ඉන් අරමුණ කරන්නේ දැයි අපට කල්පනා වෙයි. එහෙත් සිංහල, දෙමළ වාසගම් එසේ නොවේ. ඒ පිළිබඳව අප වෙනම අධ්‍යයනය කළ යුතු බව පෙනී යයි. ලංකාවේ භාවිත පෘතුගීසි වාසගම්වලින් බොහොමයක්ම පෙර කී යුරෝපීය වාසගම් ගත් මගම ගන්නා බව පෙනීයයි. ‘වාසගම’ යනුවෙන් අප විටෙක හැඳින්වූවත් ‘Surname’ යනුවෙන් ඉංග්‍රීසි බසින් අප හඳුන්වන සංකල්පය ‘පෙළපත් නාමය’/ ‘ගෝත්‍ර නාමය’ ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍ය වන බව පෙනී යන්නේ ‘වාසගම’ යන්නෙන් ‘වාසය කරන ගම’ නොහොත් ‘මුල් ගම’ ද අදහස් කෙරෙන බැවිනි. එහෙයින් ගත් කල, දැන් අප විමසා බලන්නට යන්නේ ලංකාවේ භාවිත පෘතුගීසි ‘වාසගම්’ නොව ‘පෙළපත් නාම’ යැයි කිව හැකිය. දැන් අපි ඒවා එකින් එක ගෙන ඒවායේ පැටිකිරිය විමසා බලමු.

පෙරේරා – මෙය ලංකාවේ වඩාත්ම භාවිත පෘතුගීසි පෙළපත් නාමවලින් එකකි. පෘතුගීසි යෙදුම:- Pereira (පෙරෙයිරා) අර්ථය:- ​‘පෙයාර්ස් ගස’

සිල්වා – ‘සිල්වා’ යනු පෘතුගීසි නොව ලතින් වචනයකි (ලතින් බස සියලු යුරෝපා භාෂාවල මාතාව බව අපි දනිමු) ලතින් යෙදුම: Silva (සිල්වා)
අර්ථය: ලන්ද, ලඳු කැලෑව, Silva යන්න විටෙක De Silva ලෙසද භාවිත වේ ‘De’ යන්න ඉංග්‍රීසි බසින් ගත්කල ‘Of’ යන අරුත දෙයි. ඒ අනුව ‘De Silva’ යනු ලන්දේ/ ‘ලඳු කැලෑවේ’ යනුවෙයි.

ද මෙල් – පෘතුගීසි යෙදුම – De Mello (දෙ මෙල්ලෝ) අර්ථය – ‘මී පැණි’ අනුව De Mello හෙවත් De Mel යනු ‘මීපැණිහි’/‘මීපැණියේ’ යනුයි.

කෲස් – පෘතුගීසි යෙදුම: Cruz (කෲස්) අර්ථය – ‘කුරුසිය’ 100% ක්ම පාහේ ක්‍රිස්තියානින් වන පෘතුගාලයේ මෙබඳු ආගමික සංකල්පයක් පෙළපත් නාමයක් සේ යොද‌ා ගැනීම පුදුමයට කරුණක් නො​ෙව්.

පීරිස් – පෘතුගීසි යෙදුම – Pires (පීරෙස්) – අර්ථය – පීරිසිය ​ෙම් අනුව ‘පීරිසිය’ යනු වචනය මෙන්ම ‘කෝප්පය’ යන වචනයද පෘතුගීසි ආභාසයෙන් සිංහලයට නැඟිණැයි කල්පනා කළ හැකිය. පෘතුගීසි බසින් කෝප්පය Copo (කෝපෝ) යනුය.

පාරිස් – පෘතුගීසි යෙදුම: Paris (පරීස්) – අප කළ විමර්ශනයට අනුව පෘතුගීසි බසින් පරීස් යනු ප්‍රංශයේ අගනුවර වන පැරීසියයි. පැරීසියේ කලක් තිස්සේ සාම්ප්‍රද‌ායිකව පෘතුගීසි සම්භවයක් සහිත ජන කොටසක් ජීවත් වෙති. මේ ජනතාව පෘතුගීසින් විසින් හඳුන්වනු ලැබුවේ ‘පරීස්’ යනුවෙනි. මේ සිංහල භාවිතයේදී මේ වාසගම ලැබූ අය ‘පාරිස්’ ලෙස හඳුන්වනු ලබති.

ඩයස් – පෘතුගීසි යෙදුම – Dias (දියාස්) – අර්ථය : දිනයන් පෘතුගීසි බසින් Dia (දියා) යනු ‘දිනය’ යි dias (දියාස්) යනු එහි බහුවචනමය ස්වරූපයයි. මාගේ පෙර කී මිතුරා පෙන්වා දුන් ආකාරයට ‘දිනය උදා කරන’ (දිනකර) යන අර්ථයෙන් මෙම Dias යන්න ‘සූර්යයා’ ලෙසද අර්ථකථනය කළ හැකිය.

මෙන්ඩිස් – පෘතුගීසි යෙදුම – Mandaz (මන්දෙස්) Menendez (මෙනෙන්දෙස්) අර්ථය – ‘මෙනෙන්දෝ ගේ පුත්‍රයා’ මෙනෙන්දෝ යනු යුරෝපයට බලපෑ කතෝලික ශුද්ධවන්තයෙකු සේම රාජ කුමාරයෙකි. ඉංග්‍රීසි බසින් St.Hermangild (සා.හර්මන්පිල්ඩ්) ලෙස හඳුන්වන්නේත් මෙතුමාය. ක්‍රි.ව 6 වැනි සියවසේ ජීවත් වූ ස්පාඤ්ඤ රජකුමරෙකු වූ මෙතුමා කතෝලික විශ්වාසය උදෙසා දිවි පිදූ ප්‍රාණ පරිත්‍යාගියෙකි. මේ පෙළපත් නාමයේ අර්ථය එම ‘මෙනෙන්දෝගේ පුත්‍රයා’ යනුය.

ප්‍රනාන්දු – යුරෝපයේ රටවල් රැසක පෙළපත් නාම හෝ පුද්ගල නාමයක් ද ලෙස ප්‍රනාන්දු යන්න ප්‍රකටය.පෘතුගීසි යෙදුම – Fernando (ෆර්නාන්දෝ)
ජර්මානු රජ පෙළපතක් වන ෆර්ඩිනන්ඩ් (Ferdinand) යන්නෙහි පෘතුගීසි නාමය ලෙස ‘Fernando’ හැඳින්විය හැකිය. මෙම නාමයම Ferdinand ලෙස ජර්මන්, චෙක්, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ මෙන්ම පෝලන්ත යන භාෂාවලින්ද Hernando (හෙර්නන්දෝ) ලෙස ස්පාඤ්ඤ භාෂාවෙන්ද නන්දෝර් ලෙස හංගේරියානු භාෂාවෙන්ද භාවිතවේ. ප්‍රනාන්දු යනු එහිම ලාංකේය ප්‍රකාශනයයි.තවද තම ප්‍රනාන්දු යන පෙළපත් නාමය ‘ප්‍රනන්ද’ හෝ ‘පුරනන්ද’ යනුවෙන් වඩාත් දේශීයත්වයට නඟාගත් ස්වල්ප දෙනෙකු සේම තම නාමයේ මුල් පෙළපත් නාමය නමේ අගට ගෙන ප්‍රනාන්දු යන්න භාවිත නොකරන වර්ණකුලසූරිය, කුරුකුලසූරිය, මිහිඳුකුල සූරිය, වර්ණකුල, මිහිඳුකුල, කොඩිප්පිලි හෝ වීරක්කොඩි හෝ වැනි නම් දරන ප්‍රනාන්දුවරු ද සිටිති

නෝනිස් -ස්පාඤ්ඤ නාමය : ‘නූනෝ’/ පෘතුගීසි නාමය ‘නූනෙස්’ අර්ථය : ‘නුනෝගේ පුත්‍රයා’ මීට අමතරව මෙය පෘතුගීසි අරුතින් ‘නවවෙනි’ හෝ ‘සීයා’ යනුද වෙයි නූනෝ යනු 14 වැනි සියවසේ සිදු වූ කස්තීලියානු ආක්‍රමණයට එරෙහිව සටන් වැදී පෘතුගාලය බේරාගත් වීරෝදාර රණවිරුවෙකි ‘නූනෙස්’ ඔහුගේ පුත්‍රයා ලෙස අර්ථකථනය කෙරෙන අතර සිංහලයේදී එය ‘නෝනිස්’ නම් වෙයි.

ගෝමස්/ගෝමිස් – මෙම පෙළපත් නාම දෙකම එකම ස්පාඤ්ඤ මූලාශ්‍රයකින් සම්භව වී යැයි සැලකිය හැකිය. ස්පාඤ්ඤ යෙදුම: විසිගොතික් සංකල්පයක් වූ ‘ගෝමා’ මෙහි මූල්‍ය ජර්මානු ‘ගුමා’ (Guma) යන්න අර්ථය:- ‘මිනිසා’ ඒ අනුව ‘​ෙගා්මෙස්’ යනු ‘මිනිස් පුත්‍රයා’ (මනුෂ්‍ය පුත්‍රයා) ලෙස ගත හැකිය.

​ෆොන්සේකා – ලතින් මූලය : Fon+Sicca අර්ථය : ​Fon (උල්පත) Sicca (වියළි බිම) වියළි බිමෙහි උල්පත තවද මෙය කාන්තාරයක ක්ෂේම භූමියකට ඉඟි කරයි.

කොස්තා – පෘතුගීසි යෙදුම: Costa (කොස්තා) පෘතුගීසි අර්ථය : ගං ඉවුර, බෑවුම, මුහුදු වෙරළ ලතින් අර්ථය: පැත්ත, අයින, කෙළවර, අද්දර

වාස් – හංගේරියානු මූලය : Vass අර්ථය – යකඩ මෙමගින් කම්මල් රැකියාවේ නියුක්ත වූවන්, යපස් පතල්කරුවන් හෝ යකඩ භාණ්ඩ වෙළඳාමේ යෙදෙන්නන් අදහස් කෙරේ. එසේම මෙම පෙළපත් නාමය මගින් අති විශිෂ්ට චරිතයක්. ප්‍රබල විඳ දරා ගැනීමේ හැකියාවක්ද ප්‍රකාශ කෙරේ.

අල්විස් – ජර්මානු මූලය : Alfher (පුද්ගල නාමයකි) පෘතුගීසි නාමය: Alves ( අල්වෙස්) අර්ථය – අල්ෆර්ගේ පුත්‍රයා (Alves) ලංකාවේදී මෙය Alwis (අල්විස්) බවට පත් වී ඇත.

රුද්‍රිගු – ස්පාඤ්ඤ මූලය – රොද්‍රිගෝ දියාස් දෙ වීවාර් (පුද්ගල නාමයකි) එකො​ළොස් වෙනි සියවසේ විශිෂ්ට හා කැපී පෙනුණු ස්පාඤ්ඤ සේනාධිපතියෙකු වූ මොහුගේ නාමයට ගෞරව පිණිස රොද්‍රිගු යන මොහුගේ නාමය පෙළපත් නාමයක් සේ පසුකාලීනව භාවිතයට ගැනුණු බව පෙනී යයි.පුරාණ ජර්මානු බසෙහි Hroderic ලෙස හඳුන්වනු ලැබූ මේ නාමය ස්පාඤ්ඤ, පෘතුගීසි හා ඉතාලි භාෂාවලින් Roderico (රොදෙරිතෝ) ලෙසද කතෝලාන බසෙහි Roderic (රොඩෙරික්) ලෙසද ඉංග්‍රීසියෙහි Rod හා Roddy ලෙසද ප්‍රංශ බසෙහි රොද්‍රිගු (Rodrigue) ලෙසද පෘතුගීසි හා ස්පාඤ්ඤ භාෂාවලින් තවත් විටෙක Ruy,Rui හෝ Ruiz ලෙසද මේ නම භාවිත කෙරේ. සාමාන්‍ය සිංහල භාවිතයේදී රුද්‍රිගු නම් වන මේ පෙළපත් නාමය ඉංග්‍රීසිකරණ ලක්ව Rodrigo (රොඩ්රිගෝ) ලෙස වර්තමාන ‘පොෂ්’ ඉංග්‍රීසියෙහි (Posh English) භාවිත වේ.

සුවාරිස් – ජර්මානු මූලය :- Suero (සුඑ්රෝ) Su+heri ලෙස මේ වචනය කොටස් දෙකකට බෙදා දැක්විය හැකි නමුත් පෘතුගීසි විශේෂඥයන් පවා තවමත් ‘su’ යන්නෙහි අර්ථය කුමක්දැයි නිශ්චිත කරගෙන නැත. එහෙත් ‘heri’ හෙවත් ‘hari’ යනු ‘හමුදාව’ය

සොයිසා – පෘතුගීසි මූල්‍ය : Souza (සූසා) මුල් කාලයේ මේ නාමය යොදා ගැනුණේ පෘතුගාලයේ සූසා ගංගා නිම්නයේ පදිංචි වැසියන් හඳුන්වනු පිණිසය. මේ ගංගාවට Souza යන නම ලැබීමට ලතින් වචන දෙකක බලපෑමක් ඇතැයි සැලකේ. එනම් Salsus (ලවණමය) හෝ Saxa (ගල් සහිත) යන වචන දෙකම හෝ ඉන් එකක් හෝ ඊට බලපාන්නට ඇතැයි පිළිගැනේ. සොයිසා යැයි කී විට ලංකාවේ කාටත් සිහිවන නගරය මොරටුවයි.

අල්මේදා – අරාබි මූලය – ‘අල් මයිද‌ා’ (Al Maida) අර්ථය – කලක් ඉස්ලාමීය ආක්‍රමණයට යට වී සිටි ස්පාඤ්ඤයේ එක් නගරයක් අරාබින් විසින් හඳුන්වනු ලැබූයේ ‘අල් මයිදා’ යනුවෙනි. එහි අර්ථය ‘සානුව’ යනුය. ‘අල්මේයිදා’ ලෙස ස්පාඤ්ඤකරණයට ලක් වූ මේ පෙළපත් නාමයෙන් එම නගරයේ වැසියන් හඳුන්වනු ලැබීය. මෙම පෙළපත් නාමය ලංකාවේදී භාවිත වන්නේ ‘අල්මේදා’ වශයෙනි. ලංකාවට ගොඩබට ප්‍රථම පෘතුගීසි කප්පිත්තා වූයේ ලොරෙන්සෝද අල්මේදාය.

කබ්රාල් – ලතින් මූලය: Capralis (කප්‍රාලිස්)අර්ථය: එළුවන් ලගින තැන – මේ පෙළපත් නාමය එළුවන් බලාගන්නා පුද්ගලයෙකු හැඳින්වීමට යොදා ගත්තා විය හැකිය. ලංකාවේදී මෙය ‘කබ්රාල්’ ලෙස භාවිතවේ.

කොරයා – Cora (කෝරා) අර්ථය – හදවත ලතින් මූලය – Cora (​ෙකාරෙයා) අර්ථය – ලතින් බසින් කොරියානු රාජ්‍යය හැඳින්වීමට යෙදෙන මේ යෙදුම හැරෙන්නට මෙම පෙළපත් නාමය සාධාරණීකරණය සඳහා සොයාගැනීමට අපට සොයාගත හැකි එකම සාධාරණ වචනය වන්නේ ‘හදවත’ යන අරුත දෙන ‘Cora’ (කෝරා) යන්නය. මේ අනුව ‘හෘදයාංගම’ වැනි අරුතකින් Cora (කෝරා) යන්න කොරයා’ ලෙස සකසාගත්තේදැයි කල්පනා කළ හැක.

පැස්කුවල් – පෘතුගීසි මූලය: Pascoa අර්ථය – පාස්කුව (පාස්කු මංගල්‍යය) අර්ථය: මෙම නාමය ‘පාස්කු මංගල්‍යය හා සබැඳි අරුතක් ගෙන එයි. ක්‍රිස්තියානින්ගේ ඉහළම තලයේ මංගල්‍යය නත්තල නොව පාස්කුවයි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය සමරන පාස්කු මංගල්‍යය නත්තලට වඩා වැදගත් මංගල්‍යය වෙයි. පැස්කුවල් යන පෙළපත් නාමය Pascoa (පාස්කොආ) යන පෘතුගීසි යෙදුම හා බැඳෙන බව මෙසේ තහවුරු වේ.

පෘතුගීසි ආභාසයෙන් මෙරටට ලැබුණු පෙළපත් නාම පිළිබඳ මා කළ විමර්ශනය ඵලදායක වී යැයි කල්පනා කරමි. එසේම තම පෙළපත් නාමය පිළිබඳ සැබෑ තතු දැන ගැනීම බොහෝ දෙනෙකුගේ සතුටට හේතුවිය හැකියැයි හඟීමි. එහෙත් මේ පෙළපත් නාම පිළිබඳ තවත් වෙනස් අර්ථකථන ද තිබීමට ඉඩ ඇත. තවත් එබඳු අධ්‍යයනයන් වේ නම් ඒවාත් මේ මොහොතේ කරළියට පැමිණේවායි පතමි.

උපුටා ගැනීම -hodamagossip

දරුණු හිත්පිත් ඇති පාපතර කොන්දොස්තර පුංචි අහිංසක දැරියගේ කොණ්ඩය අල්ලගෙන කල අහස පොලව නුහුලන අපරාදය.

අවුරුදු 14ක් වයසැති පාසල් සිසුවියක් අද උදෑසන බසයේ ගමන් කරද්දී අවාසනාවන්ත ඉරණමකට ලක් වුණා.ඒ බස්රථයේ යන අතරතුර කොණ්ඩය තම මිතුරියකගේ බෑගයේ පැටලීම නිසා..පසුව එතනට පැමිණි හිත්පිත් නැති බස්රථයේ කොන්දොස්තර මහතා අනුකම්පාවක් නොමැතිව ඇද දමා දැරියගේ කොන්ඩයද කඩා රෝහල්ගත කරනවන තත්වයට පත් කර තිබෙනවා.පසුව ඔහු පොලිස් අත්තඩංගුවට ගෙන තිබෙනවා..

බසයෙන් බැසීමට අවශ්‍ය තැන ලං වුවද ඇගේ කොණ්ඩය මිතුරියගේ බෑගයේ පැටලී තිබෙනවා.එවිට ය හා මිතුරිය දැඩි උත්සහයක් ගෙන කොණ්ඩය හා බෑගය වෙන් කිරීමට තැත් කළ ද එය අසාර්ථක වී තිබෙනවා.බස් රථය යාමට පමාවන බව පැවසු කොන්දොස්තර කර ඇත්තේ සිසුවියගේ කොණ්ඩය බෑගයෙන් වෙන්වන සේ ඇද දැමීමයි.

එවිට අඩියක් පමණ කොණ්ඩය කොටසක් කැඩි ගිය අතර පුංචි දැරියගේ හිස දැඩි වේදනාවකට ලක් වුනා.පසුව නිවසට ගොස් මේ බව පැවසු ඇය තම හිසට දැඩි වේදනාවක් දැනෙන බවත් කියා සිටියා.නිවැසියන් බණ්ඩාරගම පොලිසියේ පැමිණිල්ලක් කළ අතර සිසුවිය රෝහල් ගත කළා.

වහා ක්‍රියාත්මක වූ පොලිසිය 43 හැවිරිදි දරුවන් සිටින පියෙකු වන කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගත්තා.