පසුගිය දිනවල බොහෝ කලාකරුවන්ගේ චෝදනා වලට ලක් වූ චමුශ්‍රි බුකියේ පළකර තිබු සංවේදී කතාව මෙන්න.

ලංකාවේ ඉන්න ජනප්‍රිය මියුසික් වීඩියෝ අධ්‍යක්ෂකවරයෙක් තමයි චමූ ශ්‍රී කියන්නේ.චමු ශ්‍රී පසුගිය කාලය පුරාවටම විවිධ වීඩියෝ නිර්මාණය කළ අතර එම වීඩියෝ දැඩි ලෙස විවේචනයටද ලක් වුණා.මේ ඔහු බුකියේ පල කර තිබුණු සංවේදී සටහන පහත විඩියෝවෙන්.

කළුතෙල්,භූමිතෙල් දාගෙන දවස් 18ක් තමන්ගේ බිරිඳ වන දිල්රුක්ෂිගේ මිනිය උඩතට්ටුවේ තියාගෙන කරපු දේ ගැන සැමියා කල පාපොච්චාරණය.

“ඊයේ රෑ දහයට එකොළහට විතර සුදු පාට බොලෙරෝ එකකින් දෙන්නෙක් ඇවිත් දුන්ගල්පිටියේ මුද අයිනේ පාලු වත්තකට පෙට්ටියක් දාලා ගියා. අද උදේ හයට විතර බලද්දී ඒ පෙට්ටිය පේන්න නෑ. මම ඒ බොලෙරෝ එකේ අංකේ ලියා ගත්තා. Q-7586.”

පසුගිය දහනව වැනිදා උදේ මෙම තොරතුර ලැබෙන්නේ පොලිස්පතිවරයාගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතාටය. ඒ දුරකථන ඇමතුමකිනි.

මෙම තොරතුර ලද වහාම පි‍්‍රයන්ත ජයකොඩි මහතා ඒ පිළිබඳ අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළේය. ඒ අනුව ඔහු මුලින්ම කළේ ඒ තොරතුර පෑලියගොඩ, ගම්පහ, මීගමු කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට දැනුම් දීමයි.

ඔහු… මෙම තොරතුරු අවට පොලිස් ස්ථාන වලට දැන්වූ අතර එම තොරතුරට අනුව අදාල අංකය සහිත වාහනය සොයා පොලිසිය මෙහෙයුම් දියත් කළේය.

මේ අතර එදින එනම් 19 දා උදේ හයට පමණ දුන්ගල්පිටිය පොලිසියේ ස්ථානාධිපති චමින්ද රණසිංහ ට දුරකථන ඇමතුමක් ලැබිණි. ඇමතුම දුන් අය කියා සිටියේ කැපුම්ගල ධීවර තොටුපල දෙසට කාන්තා මළ සිරුරක් ගසාගෙන එන බවය.

එම තොරතුරට අනුව ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා කණ්ඩායමක් ද සමඟ කැපුම්ගල ධීවර තොටුපල වෙත යද්දී මළ සිරුර වෙරළට ගොඩ ගසා තිබිණි.

එම මළ සිරුරෙහි හිසෙහි කොණ්ඩය සම්පූර්ණයෙන්ම ඉවත්ව ගොසිණි. සුදු පැහැයට තට්ටය පෙනෙන්නට තිබූ අතර හිස කුඩු පට්ටම් වී ඇති බවක් පෙනේ. මුහුණ චප්ප වී තිබූ අතර හඳුනා ගැනීමට නොහැකිය. මළ සිරුර කලු පැහැ ඉටි රෙද්දකින් ඔතා ඊට උඩින් ලා නිල් පැහැ මදුරු දැලකින් ද ඔතා ඝනකම් බයින්ඩින් කම්බියකින් පොටවල් තුනක් යොදා ඉන අසලින් එය ගැටගසා තිබිණි.

රෙදි වැලවල් ගැට ගැසීම සඳහා උපයෝගි කර ගන්නා රිදී පැහැ ලණුවකින් ද උදරය ගැටගසා තිබිණි.

ජිප් රථවලට යොදන රෙක්සින් එකක් පපුව අසලින් ඔතා පියයුරුවලට පහලින් ගැටගසා තිබිණි.

මේ අතර එදිනම මධ්‍යහනයට පෙර සැකකටයුතු බොලෙරෝ රථය අත්අඩංගුවට ගැනීමට ජා ඇල පොලිසියට හැකි විය.

එම වාහනය පැදගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර ඔහු රත්නායක මුදියන්සේලාගේ තිස්ස හේරත් බණ්ඩාර නමැති පනස් හැවිරිදි පාසල් ගුරුවරයෙකි. දැනට කඳාන ධර්මාශෝක විද්‍යාලයේ ඉංගී‍්‍රසි ගුරුවරයකු ලෙස සේවය කරන ඔහු යුද්ධය පැවති සමයේදී යුද හමුදා ස්වේච්ඡා බලකායේ සේවය කළ අයෙකි. කපිතාන් නිලය දක්වා ඔහු හමුදා සේවයේ යෙදී සිට ඇති අතර යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ඔහු යළි සිය පරණ රැකියාවට ගොස් තිබිණි.

මොහු ගේ ජිප් රථයේ ලේ තැවරී තිබූ අතර මොහු ගනේමුල්ල බොලත ලිපිනයේ පදිංචි අයෙකි. එබැවින්……. මොහු ගනේමුල්ල පොලිසියට බාර දීමට ජා ඇල පොලිසිය කටයුතු කළේය.

ගනේමුල්ල පොලිසියට කැඳවාගෙන ගොස් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා සිටියේ දෙදෙනා අතර ඇති වූ ආරවුලකදී බිරිය මිය ගිය බවත් ඇයගේ මළ සිරුර පෙට්ටියක දමාගෙන ගොස් දුන්ගල්පිටිය ප්‍රදේශයේ මුහුදට දැමූ බවත්ය.

මෙලෙස මරා දැමුණේ ගනේමුල්ල, බොලත, අංක 162 ජී දරණ ලිපිනයේ පදිංචිව සිටි හෙට්ටිආරච්චිගේ දෝන සෞම්‍යා දිල්රුක්ෂි නැමැති තිස් හය හැවිරිදි එක් දරු මවකි. ඇය රැකියාවක් නොකරන අතර දරුවාගේ වයස අවුරුදු දහසයකි.

අත්අඩංගුවට පත් සැකකරු බිරිය මරා දමන්නේ පසුගිය දාසය වැනිදා උදේ එකොළහට පමණය. ඒ වන විට දරුවා පාසල් ගොස් සිටි අතර මොහු පවසන පරිදි එදින උදේ එකොළහට පමණ අහම්බෙන් නිවෙසට පැමිණි මොහොතේ සිදු වූ යම් සිදුවීමක් හේතුවෙන් මෙලෙස බිරිය තමා අතින් මිය ගිය බවයි.

“එදා උදේ එකොළහට විතර මම ගෙදර ආවා. ඒ එද්දී කාමරේ කවුද මිනිහෙක් ඉඳලා මාවත් තල්ලු කරගෙන එළියට පැනලා ගියා. ඒ වෙලාවේ මමයි දිල්රුක්ෂියි අතර ගැටුමක් ඇති වුණා. එයා පොල්ලක් ගෙනත් මට ගහන්න හැදුවා. මම ඒ පොල්ල උදුරලා අරගෙන එයාගේ ඔලුවට පාරක් ගැහුවා.”

“ ඒ පාර කාගෙන එයා බිම වැටුණා. බලද්දී කිසිම සද්දයක් නෑ. එයා මැරිලා කියලා තේරුණා. මොනවද කරන්නේ කියලා මට හිතාගන්න බැරි වුණා. පස්සේ මම එයාගේ මිනිය ඉටි රෙදිවලින් ඔතලා නෙට් එකෙනුත් ඔතලා රෙක්සින් එකකිනුත් ඔතලා කම්බි අරගෙන ඒවා තදට හිටින්න ගැටගැහුවා. රෙදි වැල් බඳින්න ගෙනාපු ලණුවලිනුත් ගැටගහලා මොකද කරන්නේ කියලා හිතුවා.”

“පස්සේ රට ඉඳලා බඩු ගෙනාපු ඇල්මිනියම් පාට පෙට්ටියේ දාලා උඩ තට්ටුවට අරගෙන ගියා. උඩ තට්ටුව තවම හදලා ඉවර නෑ. ඒ කෑල්ලේ ගේ හදන්න ගන්න බඩුයි, අයින් කරන බඩුයි දාලා තියෙන්නේ. වයිෆ්ගේ මිනිය දාපු පෙට්ටියත් එතන තිබ්බා.

“ඊට පස්සේ කාමරේ තිබුණ ලේ අයින් කරලා මුලු ගේම හෝදලා දැම්මා. හවස පුතා ඉස්කෝලේ ඇරිල ඇවිත් අම්ම කෝ කියලා ඇහුවා. මම කිව්වා අම්ම මාමලගේ ගෙදර ගියා කියලා.”

“එදා රෑ මිනිය ගෙදරම තිබුණා. පහුවෙනිදා උදේ පුතාව ජාඇල ගෙදර ඇරලුවා. මිනිය ගඳ ගහන නිසා මිනියට භූමිතෙල් දැම්මා. පස්සේ කලුතෙල් දැම්මා. ඊට පහුවෙනිදත් මිනිය උඩ තට්ටුවේ ඒ විදියටම තිබුණා. ඒත් දිගටම තියාගෙන ඉන්න බැරි නිසා දහ අට වෙනිදා රෑ මම මල්ලිට කතා කළා.”

“මල්ලිට කතා කරලා කිව්වා මට පොඩි කරදරයක්. ඉක්මනට ගෙදරට එන්න කියලා. මල්ලි ආවා. ඒ ආවට පස්සේ මමයි මල්ලියි එකතුවෙලා පෙට්ටිය පහළට අරගෙන මගේ ජිප් එකේ දාගෙන මීගමුව පැත්තට අරගෙන ගිහින් වෙරළ අයිනේ පාලු වත්තක දාලා ආවා.”

“ඒත්… එහෙම දැම්මම මිනිය කාටහරි අහුවෙන නිසා පාන්දර අපි දෙන්නා ආපහු ඒ පැත්තට ගියා. අපි පෙට්ට්ය පිටින් ඇදගෙන ගිහින් මුහුදට දාලා යන්න ගියා.”

ඔහු… එලෙස සිද්ධිය පාපොච්ඡාරණය කළේය.

පොලිස් පරීක්ෂණ වලදී හෙළි වූ තොරතුරු වලට අනුව සැකකාර හිටපු කපිතාන් වරයා බොහෝ දරදඬු ගති ඇත්තෙකි.

ඉංගී‍්‍රසි ගුරුවරයකු මෙන්ම යුද හමුදා නිලධාරියකු ද වූ ඔහු කලක් මහන වී සිටි අයෙකි.

ඔහු මුදල් වලට බොහෝ ආශා කළ අතර දෙදෙනා අතර බොහෝ විට ආරවුල් ඇති වී තිබුනේ මුදල් සම්බන්ධයෙනි. බිරිය යම් අවශ්‍යතාවකට මුදලක් ඉල්ලා සිටියහොත් ඔහු ඇයට ලබා දෙන්නේ ඉල්ලු මුදලට වඩා අඩු ගණනකි. එය මේ දෙදෙනා අතර ආරවුල් ඇති කළ එක් කරුණකි.

මීට ටික කලකට පෙර ඇය සැමියා සමඟ ආරවුල් ඇති කරගෙන තිබුනේ ඔහුට අනියම් සම්බන්ධකම් තිබෙන බව පවසමිනි. කල්ගත වෙද්දී එම තත්ත්වය මගහැරී ගිය අතර පසුව ආරවුල් හටගත්තේ මුදල් හේතුවෙනි.

සැකකාර හිටපු කපිතාන් වරයා බිරියට තබා දරුවාට වත් නිවෙසින් එළියට බැසීමට ඉඩ ලබා දුන්නේ නැත. මේ ගෙදරට ඥාති හිතවතුන් කිසිවකුත් නොපැමිණෙන අතර මොවුන් ද එලෙස ගමන් බිමන් යන බවක් අසල්වාසීන් දැක නැත.

මොවුන් පදිංචි නිවෙසේ කාමර දෙකක් දරු පවුලකට කුලියට දී තිබේ. නිවෙස ඉදිරිපිට වූ වෙළෙඳසලෙන් යමක් මිලදී ගැනීමට අවශ්‍ය වූ විට පුතාට යාමට ඉඩ නොදෙන අතර ඒ සඳහා කඩේට යවන්නේ කුලියට සිටින නිවෙසේ පුංචි දියණිය බවද කියයි.

එලෙසම බිරියට වත් දරුවාට වත් කිසිවකු ආශ්‍රය කිරීමට සැකකරු ඉඩ දී නැත. සිද්ධිය වූ දිනයේ තමා නිවෙසට යද්දී පිරිමි අයකු නිවෙසේ සිට පැන ගිය බව මොහු කීවද එවැන්නක් සනාථ වන කරුණ කිසිවක් පොලිස් පරීක්ෂක වලදී තහවුරු වී නැත.

එලෙසම අසල්වාසීන් ඇතුලු තතු දත්තෝ පොලිසියට පවසා තිබුණේ ඇයගේ එවැනි අනියම් සම්බන්ධයෙන් නොතිබුණු බවත් ඇය පිටස්තර කිසිවකුත් ආශ්‍රය නොකරන බවත්ය.

සිද්ධිය වූ දින පාසල නිම වී නිවෙසට පැමිණි දරුවා පියාගෙන් මව පිළිබඳ විමසද්දී පියා පවසා තිබුනේ මව මාමාගේ ගෙදර ගිය බවය.

නිවෙසේ කිසිම වෙනසක් පෙනෙන්නට නොතිබුණ නිසා දරුවාට සැකයක් මතු නොවුණ ද මව රාත්‍රියේදීත් නිවෙසට නොපැමිණීම පිළිබඳ ඔහුට ගැටලුවක් මතුව තිබිණි.

ඒ…. මව නිවෙසින් බැහැරව ගමන් බිමන් නොයන නිසාත්. එසේ ඥාති නිවෙසකට ගියත් රාත්‍රිය උදාවෙද්දී අනිවාර්යෙන්ම නිවෙසට යළි පැමිණෙන නිසාත්ය.

එදින රාත්‍රියේ මව නොපැමිණි නමුත් ඒ ගැන සැක සිතන්නට තරම් පුතාට වැටහීමක් තිබුණේ නැත. රාතී‍්‍ර ආහාර ගෙන එදින නිවෙසේ ගත කළ යුතු ඊට පසු දින පියා විසින් ජා ඇල පිහිටි නිවෙසට කැඳවාගෙන ගොස් තිබිණි.

ගෙවී ගිය දින දෙක දරුවා ජා ඇල නිවෙසේ කල්ගත කළ අතර මව මරා දමා ඇති බව පුතා දැනගත්තේ දහනව වැනිදාය. අනතුරුව රෝහලේ දී මවගේ මළ සිරුර හඳුනා ගත්තේ ද පුතා විසිනි.

මෙම නිවෙසේ වසර අටක පමණ කාලයක් නතර වී සිටි කාන්තාවකගෙන් ද පොලිසිය කට උත්තර ලබා ගත්තේය. ඇය ජා ඇල පිහිටි ඇඟලුම් කම්හලක සේවය කර ඇති අතර වැඩට ගොස් තිබුණේ මෙම නිවෙසේ නතරව සිටය.

වැඩ නිම වී පැමිණීමෙන් අනතුරුව ගෙදර වැඩ පල ද කර දි ඇති ඇය මීට මාස එකහමාරකට පමණ පෙර මෙම නිවෙසින් පිටව ගොස් ඇත.

ඇය පවසා තිබුණේ මුදල් ප්‍රශ්න මත දෙදෙනා අතර අඩ දබර ඇති වුවද ඒ දිනවල දෙදෙනා අතර ගුටි බැට හුවමාරු නොවූ බවයි.

මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයා ප්‍රදේශය හැර පලා ගොසිනි. ඔහු සැකකරුගේ මල්ලීය. අයියාගේ ඉල්ලීම මත නෑනාගේ මළ සිරුර සැඟවීම සඳහා උදව් කළ අයයි.

අයියාට සහාය දුන් ඔහු සොයා පොලිසිය මේ වනවිට මෙහෙයුම් දියත් කර ඇතත් ඔහු සැඟව සිටින ප්‍රදේශය පිළිබඳ තවමත් තොරතුරු ලැබී නැත. සිද්ධිය අනාවරණය කර ගැනීමට හැකිවුයේ නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතාට පුද්ගලයකු දුන් තොරතුරක් නිසාය. එම පුද්ගලයාට කිසියම් ත්‍යාගයක් ලබාදීමට පොලිස් දොපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගේ උපදෙස් මත ගනේමුල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රභාත් දයානන්ද ප්‍රමුඛ අපරාධ අංශයේ ස්ථානාධිපති රංජිත් පි‍්‍රයදර්ශන ඇතුලු සැරයන් වරුන් වන 23964 සිසිර 18200 සුනිල් කොස්තාපල් වරුන් වන 8232 බණ්ඩාර, 39171 තිලකරත්න, 51521 සුගත්, 88861 අධිකාරි පරීක්ෂණවල නිරතව සිටී.

දුන්ගල්පිටිය පොලිස් ස්ථානාධිපති චමින්ද රණසිංහ ඇතුලු කණ්ඩායමක් ද පරික්ෂණ සඳහා එක් විය.

උපුටා ගැනීම :- gossipbro.lk

භූමිතෙල්,කළුතෙල් දාගෙන දවස් 18ක් තමන්ගේ බිරිඳ වන දිල්රුක්ෂිගේ මිනිය උඩතට්ටුවේ තියාගෙන කරපු දේ ගැන සැමියා කල පාපොච්චාරණය.

courtesy : gossipbro.lk

මොන දේ තිබුනත් අදටත් කොල්ලෙක්ට සෙට් කරගන්න බැරි වුන ප්‍රකෝටිපති දියණිය මෙන්න.සෙට් කරගන්න කෙනෙක්ට දෙන දැවැන්ත මිල බලන්නකෝ.

දැවැද්දට රුපියල් කෝටි 2700ක් දුන්නත් අදටත් කොල්ලෙක්ට සෙට් කරගන්න බැරිවුණු ලොව එකම කෙල්ල මෙන්න.. මේක බලන ඔබත් අදම උත්සහා කරන්න හරි ගියොත් ඔබත් මේ ලෝකේ සිටින ප්‍රකෝටි පතියෙක් වෙයි.මෙන්න සියලුම විස්තරය පහත විඩියෝවෙන්.

රටම කැළඹු අයහපත් කාලගුණය නිසා රටට සිදු වූ අවාසනාවන්ත ඉරණම.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙනුත් රතු නිවේදනයක්.

ගාල්ල ,හබරාදුව ප්‍රදේශවලට දැඩි සුළං තත්වයක් පවතින අතර ගාලු දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවල විදුලිය බිඳ වැටී ඇත.පවතින අධික වර්ෂාවත් සමග දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඊයේ සවස මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක නිවාසවලට හා වාහනවලට දැඩි අලාබ හානි සිදුව ඇත.ධීවර ජනතාවට සහ නාවික ජනතාවට මුහුදු ගමන් වලදී විමසිලිවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවන අතර මෙම තත්වය ඉදිරි පැය 24 දක්වා බලාපොරොත්තු විය හැකි බවද ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

සුළංවලින් බේරීම සඳහා නිවෙස්තුළට වී සිටීම වඩාත් සුදුසු බවත් හැකි එළි මහනේ ගමන්කිරීම හානිදායක බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු කියා සිටියේ දැඩි සුළං පැවතිය ද එය සුළි සුළං තත්ත්වයක් නොවන බවයි.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගයෙක් මියගොස් තිබෙනවා.එසේම බදුල්ල මඩොල්සිම ප්‍රදේශයේදී යතුරු පැදියක් සහ ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩාවැටීමෙන් තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
ඔහු මඩොල්සිම මැටිගහතැන්නේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.
අම්බලන්ගොඩ කහව මුහුදු තීරයේ ධීවර කටයුතුවල නියැලෙමින් සිටි බෝට්ටුවක් පෙරලී යාමෙන් එහි ගමන්ගත් පුද්ගලයෙක්ද මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් තිබුණේ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් බවටයි වාර්තා වන්නේ.

පහතින් ඔබ දකින්නේ ඒ ආපදා වූ ස්ථාන වල තත්වය.

ගාල්ල ප්‍රදේශයේ මිනී එම්බාම් කරන අවුරුදු 17 තරුණයා කිව්වා ඇඟ හිරිවැටෙන සංවේදී කතාව බලන්නකෝ.

ඉතා ඉවසිලිවන්තව සිය රාජකාරිය ඉටුකරයි. කිසිදු චකිතයක්, බියක් සැකක් නැත. නමුත් බලා සිටින අපට ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි හැඟීමකි. ඔහු කරන දේ අපට කිසිදා කළ හැකිවනු ඇතැයි කියා නම් සිතිය නොහැකිය.ඔහු තම කාර්යය සීරුවෙන් අවසන් කළේය. ”අද කරපු තුන්වැනි වැඩේ මහත්තයෝ” කියූ ඔහු අප දෙසට හැරුණි. හෙතෙම තවමත් 17 වැනි වියේ පසුවන නව යොවුන් තරුණයෙකි. ඔහු රැකියාවක නිරතව සිටියි. එය එවැනි යෞවනයකු නිරතවන සම්මත ආකාරයේ රැකියාවක් නොවේ. ඔහු නුරේෂ්ය.

නුරේෂ් රැකියාව කරන්නේ මල්ශාලාවකය. ගාල්ල ඕවිලානේ පිහිටි මේ මල්ශාලාව නුරේෂ්ගේ පියා සතු වූවකි. පියාගේ සහායට පැමිණි නුරේෂ් දැන් මිනී එම්බාම් කරයි.කෝරළ විදානගේ බර්නාඩ් හා කන්දගොඩ ගමගේ රූපා දෙපළට දාව උපත ලැබූ පුතුන් දෙදෙනෙකි. මේ පවුලේ බාලයා වූයේ නුරේෂ් රංගය. පියා තම මල්ශාලාව ද රංග නමින් නම් කර ඇත්තේය.නුරේෂ්ගේ සමකාලීන මිතුරන් සියළුදෙනාගේ බලාපොරොත්තුව වූයේ වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවකු වීමය. නුරේෂ්ට එවැනි අපේක්ෂාවක් තිබුණේ ද යන්න දැන් ඔහුට මතක නැත. “මහත්තයෝ අපි පුංචි කාලේ ඉඳලම හැමෝම කියන්නේ දොස්තර මහත්තයෙක් හරි ඉංජිනේරුවෙක් වෙන්න. නමුත් ඒ තත්ත්වයට යන්න පුළුවන් වෙන්නේ කීයෙන් කීදෙනාටද? අපිට හැමෝටම මොනවා හරි දෙයක් කරන්න පුළුවන්. ඒක අපේ උරුමය කරුමය අනුව විසඳෙනවා. අපේ වයසේ හුඟක් දෙනෙක් මම මේ කරන දේට කැමැති නැතිවුණත් මට නම් ගාණක් නැහැ. මේක මගේ රස්සාව”

නුරේෂ්ගේ මේ රැකියාව තරුණයකු කිසිදිනක කැමැත්තක් දක්වන රැකියාවක් නොවේ. වැඩිහිටියකු පවා එවැනි රැකියාවකට යොමුවන්නේ කලාතුරකිනි.නුරේෂ් මේ රැකියාවට යොමුවූයේ අහම්බයකින්නම් නොවේ. ඔහුගේ පිය උරුමයෙනි. සමූපකාරයක සේවයකළ නුරේෂ් ගේ පියා මල්ශාලාවක් ආරම්භ කළේය. ඉන් පසු යන්තම් සොළොස්වැනි විය පසුකළ නුරේෂ් පියා සමග දැවටෙමින් ඔහු පසුපස වැටී මල්ශාලාවට ගියේය. ඒ ඔහු මේ රැකියාවට අත්පොත් තැබූ ආකාරයයි. තාත්තා මළසිරුරු ගෙනවිත් එම්බාම් කරන ආකාරය ඔහු බලා සිටියේය. ‘‘මම ඉගෙනගන්න එච්චර දක්ෂ කෙනෙක් වුණේ නැහැ. ඉස්කෝලේ යන්න ටිකක් කම්මැලියි. නමුත් තාත්තා සමග මේ වැඬේ බලාගෙන ඉන්න මම දැඩි කැමැත්තක් දැක්වූවා. ඇතැම් දවස්වල පාසල් නොගිහින් තාත්තාට උදව් කළා. ඒක ලොකු දෙයක් නොවෙයි. පෙට්ටිය හදද්දී උදව් කළා. තාත්තා මට විරෝධතාවක් දැක්වූයේ නැහැ.’’

තාත්තා පවසන්නේ තම පුතා තමන් අසල දැවටෙමින් පුංචි පුංචි උදව් කරමින් සිටියදී මේ ශිල්පය ද ඔහු ඉබේම ඉගෙනගත් බවයි.‘‘මම කරන මේ රස්සාව කාටවත් යටත් නැති හැමෝටම උවමනාවන සේවයක්. ඒ නිසා මා හිතනවා මගෙන් පසු මේ රස්සාව කරගෙන යන්න පුතාට කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. එයාටත් පුළුවන් වේවි කාටවත් යටත් නැතිව තමන්ගේ ජීවිතය ගැටගහ ගන්න.’’ යනුවෙන් නුරේෂ්ගේ පියා පවසන්නේ මහත් ආඩම්බරයෙනි.නුරේෂ්ගේ මව පවසන්නේ ද තම පුතු මිනී එම්බාම් කිරීමට යොමුවීම සම්බන්ධයෙන් තමන්ගේ ද කිසිදු අකමැත්තක් නොමැති බවයි.‘‘පොඩි පුතා හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවකට ගියානම් ඉතින් අපි කැමතියි. ඒත් මොනවා කරන්නද මේක එයාගේ උරුමය සහ කැමැත්තනේ. ඒ නිසා ඉතින් මගේ නම් අකමැත්තක් නැහැ මහත්තයෝ’’ ඇය කියන්නීය.

නුරේෂ් මිනී එම්බාම් කිරීමේ කටයුතු ආරම්භ කළ ආකාරය පිළිබද සිහිපත් කරන්නේ මේ ආකාරයෙනි.‘‘තාත්තා මිනී එම්බාම් කරන හැටි මම හොඳින් බලාගෙන ඉඳලා තමයි මේ වැඩේ කරන්න පුරුදුවුණේ. මම මුලින්ම මිනියක් එම්බාම් කළේ පාසලේ 10 වසරේ ඉන්න කාලෙදී. එතකොට මට වයස අවුරුදු 15ක් වුණෙත් නැහැ. මුලින්ම එම්බාම් කළේ හාමුදුරුනමකගේ සිරුරක්. එදා මුලින් පොඩි බයක් දැණුනා. නමුත් ටික වෙලාවක් යනකොට ඒ බය නැතිවෙලා ගියා. එදා තාත්තා මගේ ළඟින් හිටියත් මට උදව් කළේ නැහැ. සම්පූර්ණ එම්බාම් එකම කළේ මම තනියම. සිරුරට සිවුරු අන්දවලා අවශ්‍ය පරිදි සකස් කළා. මට එදා ඒ සිරුර එම්බාම් කරන්න පැය දෙකහමාරක් විතර ගියා. පස්සේ මම තනියම වැඩ කරගෙන ගියා.’’නුරේෂ් තමන්ගේ ජීවන අත්දැකීම් විස්තර කරන්නේ ඒ ආකාරයෙනි. තම කටයුතු අතරතුරදී යම් අපහසුතාවකට පත් වූ හෝ අත්වැරදීමක් සිදුවූ අවස්ථාවක් ඇත්ද යන්නත් අපි ඔහුගෙන් විමසුවෙමු.

‘‘අත්වැරදීම් නම් වෙලා නෑ. එම්බාම් එකක් කරන කොට මුලින්ම කරන්නේ බෙහෙත් ගහන එක. ඒකට දකුණු කකුලේ කලව පලලා බල නහරේ හොයාගන්න ඕනැ. පුරුදුවෙන කාලේ බල නහර හොයන්න ගිහින් බැරිවෙලා තාත්තගෙන් ගුටිකාලා තියෙනවා. ඒ ඇර වෙන කවදාවත් වැරදීම් වෙලා නෑ. මුළු වැඩේටම පැය දෙකක් විතර යනවා. ඒ මුළු කාලෙම හොඳ අවධානයෙන් කරනව නම් එතකොට වරදින්නෙ නෑ.’’ඔවුන් මුලින්ම කරන්නේ මළ සිරුරක් එම්බාම් කිරීමට පෙර සිරුර දිගාකර හොඳින් සේදීමයි. ඉන්පසු දකුණු කලවයේ බල නහරය පලා බෙහෙත් දීම සිදුකරයි. බෙහෙත් යනු ෆෝමලින්ය. නුරේෂ් පවසන්නේ බලනහරයෙන් ෆෝමලින් ඇතුළු කළාම ෆෝමලින් ඉතා ඉක්මණින් ඇඟපුරාම පැතිර යන බවයි. ෆෝමලින් ඇගපුරාම ගිය බවට ස්ථිරවීමෙන් පසු කරන්නේ බඩ පැලීමයි.‘‘බඩ පලන්න ඇතැම් අය පිහියක් භාවිතා කරනවා. මම භාවිත කරන්නේ බ්ලේඩ් තලයක්. බඩ පලලා ඇඟ ඇතුළේ තියෙන දේවල් අරන්දානවා. පස්සේ පුළුන් හා රෙදි පුරවලා මිනිය හදනවා. ඊට පස්සේ ඇදුම් අන්දවනවා.’’

නුරේෂ් පවසන්නේ මළ සිරුරකට ඇදුම් අන්දන්නේ උඩින් පෙනෙන කොටසට පමණක් බවයි. සරම සම්පූර්ණයෙන් ම අන්දවන බවත් සාරියක් නම් උඩ අර්ධය වැසෙන පරිදි පමණක් අන්දවන බවත් හෙතෙම පවසයි.‘‘මේ ඔක්කොම මිනීනේ. මට කිසිම දෙයක විශේෂත්වයක් නැහැ. මම දැන් මිනී සිය ගණනක් එම්බාම් කරලා තියෙනවා. ඇතැම් ඒවායේ බේසම් ගණනක් වතුර තිබෙනවා. ඒ වගේ වතුර තිබෙන මිනී එම්බාම් කරන්න හරිම අමාරුයි. එක දවසක් මිනියක් කැපුවම මුළු ඇග ඇතුළ නිල් පාටවෙලා තිබුණා. මට හිතාගන්න බැහැ. පසුව දැනගත්තා එයා ගොඩක් කාලයක් දියවැඩියාවෙන් පෙළුණු රෝගියෙක් කියා. දියවැඩියාවට ඇග නිල් පැහැවෙනවා ද කියා නම් මම දන්නේ නැහැ. නුරේෂ් පවසන්නේ තමන්ට එතරම් විශේෂත්වයක් ඇති දෙයක් අත්විදින්නට නොලැබුණු බවයි.’’එසේ වුව ද නුරේෂ්ට මුල්වරට කුඩා ළමයකුගේ සිරුරක් එම්බාම් කරන්නට සිදුවූ අවස්ථාවේ දී නම් චතිකයක් ඇතිවී තිබේ.‘‘පොඩි ළමයාගේ සිරුර දැක්ක ගමන් මට ලොකු දුකක් ඇතිවුණා. හිතාගන්න බැරිවුණා මෙනවද වෙන්නේ කියලා. හිතේ දුකින් වුවත් මම වැඩේ කළා. තව දවසක් ළමයෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙකුගේ සිරුරක් ගෙනවිත් තිබුණා. ඒ වැඩෙත් මට නුහුරු දෙයක් වුණා. ඒත් ඒක නුුහුරුවුණේ එවැනි සිරුරක් ලැබුණු පළමු අවස්ථාව නිසයි. ඉන් පස්සේ ගාණක් නැතිව ගියා. පොඩි ළමයින්ගේ සිරුරු කිහිපයක්ම ඉන් පසුව එම්බාම් කළා.’’

ළමයෙක් ලැබෙන්න සිටින කාන්තාවකගේ දරු කළලය මෝරා ඇත්නම් එයට සිදුකරන දේ ගැන විමසූ විට නුරේෂ් ඒ ගැන මෙසේ කීවේය.”ඒ ගැන තීරණය ගන්නේ පවුලේ අයගේ කැමැත්ත මත තමයි. ඇතැම් අය වළ දානවා. සමහරු බඩටම දාන්න කියනවා බෙහෙත් ගහලා. සමහර වෙලාවට වෙනම ඔතලා අම්මගෙ කකුල් දෙක අතරින් තියලා සාරිය අන්දවනවා. නූපන් කළලයක් හින්දා ගෞරවයක් විදියට තමයි එහෙම කරන්නෙ.”

සමාජයේ ඇති මතයක් වෙන්නේ එම්බාම් කරන අයකු මිනියක් එම්බාම් කිරීමට පෙර හොඳ පදමට මත්පැන් පානය කරන බවයි. සිරුරු සිය ගණනක් එම්බාම් කිරීමේ අත්දැකීම ලැබූ නුරේෂ් තවමත් වැඩිහිටි වියට පාතබා නැත. ඔහු පවසන්නේ තමන් කිසිදු දිනක මත්පැන් පානය කර නැති බවයි.‘‘මම කවදාවත් බීලා නැහැ. බොන්නෙත් නැහැ. එම්බාම් කරන්න බොන්න ඕනැ කියන කතාව අමූලික බොරුවක්. කට්ටිය කියන්නේ බීලා නැත්නම් මිනී කපන්න බැහැ කියලා. බය වෙනවාලූ. නමුත් මම කවදාවත් බයවෙලා නැහැ.’’නුරේෂ්ට බලාපොරොත්තුවක් ඇත. ඔහු කොරියා යාමේ අපේක්ෂාවෙන් සියල්ල සූදානම් කරගනිමින් සිටියි. ඔහු පවසන්නේ කොරියාවේ මිනී එම්බාම් කිරීමේ තාක්ෂණය දියුණු බවයි. යන්ත‍්‍රානුසාරයෙන් එම්බාම් කරන බවත්, එම කාර්යය සිදුකරන නුරේෂ් වැනි අයට ඉහළ වැටුපක් හිමිවන බවත් ඔහුගේ අදහස වී ඇත.

නුරේෂ්ට පෙම්වතියක් එහෙම නැද්ද? අප එසේ ඇසූවිට තරමක් ලජ්ජාවට පත්වූ නුරේෂ් මෙසේ කීවේය.“තාම නම් නෑ. මේ කරන රස්සාව ගැන කිව්වම මොන කෙල්ලද ඉතින් අපිට කැමති වෙන්නේ. කවුරුවත් යාළු කරගන්න බැරි වේවිද දන්නේ නැහැ” කියූ නුරේෂ් මහ හඬින් සිනාසුණේය. ඔහුට සුබ අනාගතයක් ප‍්‍රාර්ථනා කරමින් අපි ඔහුට සමු දුන්නෙමු.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි.

කාන්තාවන් පිරිමින්ට කිසිදවසක පවසන්නේ නැති ලිංගික රහස්. රහසක් වගේ තියාගෙන ඉන්න දේවල් ගැන තරුණියක් කියපු හැටි.

තම බිරිද හෝ පෙම්වතිය විසින් යම් යම් අවස්ථාවන් වලදී ඔහුගේ ස්වාමියාගෙන් හෝ පෙම්වතාගෙන් පෞද්ගලිකව තම මුවින් පිට නොකර රහසේ සගවා තබාගෙන සිටින බව කාන්තාවන් පිලිබදව පෞද්ගලික සාකච්ඡා පැවැත්වීමෙන් හා ඔවුන්
පිලිබදව විමර්ශනය කිරීමෙන් සොයාගෙන තිබේ.මෙන්න බලන්නකෝ ඔවුන් කියල තිබෙන රහස්.

ඇමරිකාවේ ප්‍රසිද්ද ළමා වැඩසටහනකදී ලංකාවේ මහනුවර ගැන කිව්ව ආන්දෝලනාත්මක කතාව මෙන්න. – වීඩියෝ

ඇමරිකානු ජාතික කුඩා දරුවකුට වැඩසටහන මෙහෙයවන Ellen විසින් නගර වල සිතියම් පෙන්වමින් එවා හදුනා ගන්නා ලෙස කියා සිටිනවා.පළමු සිතියමේ දැක්වෙන ලොස් ඇන්ජලීස් හදුනා ගන්නා එම දරුවා දෙවන වරට පෙන්වන සිතියම ශ්‍රී ලංකාවේ මහනුවර නගරය ලෙස හදුනා ගන්නවා.ඒ සමඟම ඔහු “ඒ නගරය නිකන් යට ඇදුමක් වගේ” යනුවෙන් කල ප්‍රකාශය ප්‍රේක්ෂකයින්ට මහත් හාස්‍යක් ගෙන දෙනවා.

මින්නේරිය මාර්ගයේ සිදු වූ අනතුරකින් ජිවිත දෙකක් අනු නවයෙන් බේරුණ හැටි.හම්මේ වාහන දෙක කුඩේ කුඩු.

පොලොන්නරුව මින්නේරිය මාර්ගයේ දාවනය වූ බයික් එකක් සහ ත්‍රිරෝද රථයක් ගැටෙන අයුරු cctv දර්ශන ලැබී තිබෙනවා.මෙන්න බලන්න මේ වාහන දෙක ගැටෙන හැටි.හම්මේ පිස්සු හැදෙනවා.මෙන්න බලන්න cctv දර්ශන පහතින්ම.