මොන බූරුවාද හතුරුසිංහට කෝච් කම දුන්නෙ.- තිසර පෙරේරා.බුකිය කැළඹු අලුත්ම වැඩේ මෙන්න.

පරාජයන් වැළඳගත්තු ශ්‍රී ලංකා පිළට ජයග්‍රහණයන් අත්කරදෙන්න නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මේ වෙනකොටත් වැඩ පටන් අරගෙනයි තියෙන්නේ.

හතුරුසිංහ ගැන අපේ ක්‍රීඩකයන් සහ පරිපාලකයෝ මොනවා කියනවා ඇතිද..?
ඒ ගැන අපූරු සටහනක් මුහුණුපොතේ හුවමාරු වෙමින් තිබියදී අපිට හමුවුණා.
අපේ ක්‍රීඩකයෝ හතුරුසිංහ ගැන හිතන හැටි ගැනයි එහි සඳහන්ව තිබුණේ..

“සිංදු අහ අහ යකෝ ප්‍රැක්ටිස් කරන්නෙ. ” – දනුෂ්ක ගුණතිලක

“මොන බූරුවාද හතුරුසිංහට කෝච් කම දුන්නෙ. මගෙ කැප්ටන්සියත් ගහලා යයිද දන්නැ” – තිසර පෙරේරා

“ඇත්තටම මේක තමයි දෙවියන් වහන්සෙගෙ කැමැත්ත ” – ඇන්ජලෝ මැතිව්ස්

“හතුරු අයියා අපිට ලොකු සප්‍රයිස් එකක් දෙයි කියල මට විස්වාසයි ” – දිනේෂ් චන්දිමාල්

“බැට් කරනකොට කුරුස 10ක් ගහන ටෙක්නික් එක මට කියලා දුන්නෙත් හතුරු අයියා ” – දික්වැල්ල

“ඇයි මීට කලින් කෝච් ලා දැකලා නැද්ද.. නිකන් වැඩක් බලන් යනවා මනුස්සයො යන්ඩ” – ලසිත් මාලිංග

“ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩේ ” – දයාසිරි ජයසේකර

“යස් දිස් අ වෙරි ටයිම්ලි ඩිශිෂන් ෆ්‍රොම් ශ්‍රී ලංකා. ෆ්‍රොම් කන්ට්‍රවර්ෂල් ප්‍රොපගැන්ඩා ” – කුමාර් සංගක්කාර

“යස් ඩෙෆනීට්ලි ” – ටී එම් දිල්ශාන්

“අයියේ අක්කේ නංගියේ මල්ලියේ අපේ අලුත් කෝච් තුමා ගැන විශ්වාසය තියන්න ” – උපුල් තරංග

“හතුරුසිංහගෙ මුත්‍රා සාම්පලයක් එවන්න අපිට. එයාගෙ කෝච් කිරීමේ ඉරියව්ව සැක සහිතයි ” – ICC එක

“වන් ටීම් වන් නේෂන් වන් කෝච් ” – සිරි ලංකා ක්‍රිකට් ආයතනය.

” පින් මදිද දන්නෙ නැ… කරුමයද දන්නෙ නෑ.. මාව සංචිතේ නෑ ” – තිරිමාන්න

” වරදක් කලත්… සිතකින් නොවේ. රිදවන්නෙ පලි ගන්නෙ ඇයි ” – බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය

අපහාසයට නොව උපහාසයට පමණි.

මුහුණු පොතේ පල කර තිබු සටහනේ ජායාරුපයක් පහතින් දකින්නේ.

උපුටා ගැනීම අනතර්ජාලයෙන්.

හදගැස්ම මොහොතකට නතර කරමින් වේදිකාව ගිනියම් කල පුංචි කෙල්ලෝ තුන්දෙනා වේදිකාවේ කරපු සුපිරිම වික්‍රමය මෙන්න.

ලංකාවේ දැවැන්ත වේදිකාවක් තමයි itn චැනලයේ තිබෙන Youth With Talent වැඩසටහන.ලොකු කුඩා සියලු දෙනාගේම අපුරු දක්ෂතා ඉදිරිපත් කරන සුපිරිම වේදිකාවක්.මේ වේදිකාවේ ඊයේ තිබු තරඟයකදී පුංචි කෙල්ලෝ තුන්දෙනෙක් කරපු සුපිරිම වැඩ ටිකක් කා අතරත්   කතා බහට ලක් වුණා.ජීවිතය ගැනවත් සිතන්නේ නැතුව ඔවුන්ගේ දක්ෂතා පෙන්නුවා.මෙන්න බලන්නකෝ   පිස්සු හැදෙනවා මේවා දැකකම.

මුලතිව් ප්‍රදේශයෙන් හමුදාව සම්පුර්ණයෙන්ම ඉවත් කරයි.මෙන්න හමුදාවත් අයින් කරලා කරන්න යන දේ.

මුලතිව් කේපාපිලව් ගම්මානයේ ඉදි කරන ලද සියළුම ගොඩනැගිලි යුද හමුදාව විසින් ගත වූ කාලයේදී එහි වැසියන්ට ප්‍රයෝජනයට ගත හැකි අන්දමට ඉතිරි කොට ඔවුන් එම පළාතෙන් මුළුමනින්ම 31 දා වන විට ඉවත්ව ගොස් තිබේනවා.

යුද සමයේදී ආරක්ෂාව තහවුරු කිරීම පිණිස යුද හමුදාව මුලතිව් දිස්ත්‍රික්කයේ කේපාපිලව් හා සීනිමෝට්ටෙයි යන පළාත් වල ඉඩම් අක්කර 132 ක් ප්‍රයෝජනයට ගෙන සිටි අතර එම ඉඩම්ද පසුගියදා උත්සවශ්‍රීයෙන් යුතුව මුලතිව් දිසාපතිනී රූපවතී කේතීස්වරන් මහත්මිය වෙත බාර දෙන ලදී.යුද හමුදාවට මේම ප්‍රදේශවලින් ඉවත්ව යන ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායකයින් බල කොට සිටි අතර ගම්වැසියන් යුද හමුදාව රැදී සිටීමට එරෙහිව දින 300 ක් අඛණ්ඩ විරෝධතාවයකද නිරතව සිටියහ.

යුද හමුදාව ඉවත්ව ගිය ප්‍රදේශවල සාමාන්‍ය වැසියන් යළි පදිංචි කරවීමේ කටයුතු මුලතිව් දිසාපති කාර්යාලය මගින් දැන් ආරම්භ කොට තිබේනවා.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්.

රටේ මිනිස්සු මට ජාතික සම්පතක් වගේ සලකනවා. සියල්ල බලා සිටියදී ඇමරිකාවෙන් සම්මාන ගත් ලූෂන් පුෂ්පරාජ් කතා කරයි.

සමස්ත ශ්‍රී ලංකාවටම අභිමානයක් ගෙන එමින් කායවර්ධන ක්‍රීඩාවෙන් ලොවම දිනු ශ්‍රී ලංකාවේ අපේ ලූෂන් පුෂ්පරාජ් පසුගියදා ඇමෙරිකාවේ ඇට්ලස් ටෙක්සාස් ජාත්‍යන්තර කායවර්ධන තරගාවලියේ සිව් වැනි ස්ථානය දිනාගත් පුවත සැමටම පෙර නෙත් ගොසිප් අප ප්‍රථමයෙන්ම වාර්තා කළෙමු.රටවල් 34ක් නියෝජනය කරමින් ලොව ප්‍රමුඛ පෙළේ සහ වෘත්තීමය කායවර්ධන ක්‍රීඩකයින් විශාල පිරිසක් සහභාගී ඇට්ලස් ටෙක්සාස් ජාත්‍යන්තර කායවර්ධන තරගාවලියේ විශේෂ ඇගයීම් සම්මානයක්ද හිමි කර ගැනීමට ලූෂන් සමත් වුණා.ලොව පිළිගත් කායවර්ධන තරගාවලියකින් එලෙස ගෞරවයන් හිමිකර ගත් ලූෂන් පසුගියදා පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් සිය පෞද්ගලික හා ක්‍රීඩා තොරතුරු හෙළිකර තිබුනා. එම සංවාදය පහතින් ,

* මේ දවස්‌වල ගොඩක්‌ කතාබහට ලක්‌වෙන චරිතයක්‌? ඇත්තටම කතාබහට ලක්‌වෙනවා. උණුසුම් ප්‍රතිචාර ලැබෙනවා.

* ඇමරිකාවේ පැවැති Mr. Atlas අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේ සිව්වැන්නා වූණා? බොඩිබිල්ඩින්ග් මුල් අයිතිකාරයෝ තමයි ඇමරිකාව කියන්නේ. ඉතිං ඒ වගේ රටකදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක්‌ විදිහට මට ඒ තත්ත්වෙට එන්න ලැබීම ලොකු භාග්‍යයක්‌.

* ඊට අමතරව තව සම්මානයකුත් එහෙදි හම්බුණා? ඔව්. ආසියාවේ කායවර්ධන ක්‍රීඩාව වෙනුවෙන් කරන සේවය අගයලා මට සම්මානයක්‌ ලබාදුන්නා.

* ඔබව හඳුන්වා දුන්නේ ආසියාවේ කලු සිංහයා කියලා? ඒක බලාපොරොත්තු නොවුණ දෙයක්‌.

* 51 වැනි ආසියානු කායවර්ධන ශූරතාව දිනාගෙන ඊට පස්‌සේ තමයි ඇමරිකා යන්නේ? දකුණු කොරියාවේ තිබුණ මේ තරගාවලියේදී මට සමස්‌ත ශූරතාව දිනා ගන්න පුළුවන් වුණා. පළවෙනි වතාවට තමයි ශ්‍රී ලාංකිකයෙක්‌ට ඒ අවස්‌ථාව උදා වුණේ.

* ශ්‍රී ලංකාවට මෙච්චර කීර්තියක්‌ ලබාදීලත්, ඒකට නිසි ඇගයීමක්‌ හම්බුණා කියලා හිතනවද? ශ්‍රී ලාංකික ජනතාවගෙන් නිසි ඇගයීම ලැබුණා. ඔවුන් මාව ජාතික සම්පතක්‌ විදිහට සලකනවා. මම ජනතාවගේ ක්‍රීඩකයෙක්‌.

* ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයෙන් ඇයි එච්චර සපෝර්ට්‌ එකක්‌ නැත්තේ? සම්මේලනයක්‌ තියෙන්නේ ක්‍රීඩකයන්ව හදන්න. ක්‍රීඩකයන්ට තියෙන්නේ ඒ වරප්‍රසාද අරගෙන හොදින් ක්‍රීඩා කරන්න. ඒත් සම්මේලනයකින් අපිට දෙයක්‌ කරන්නේ නැත්නම් තනියම හරි අපේ දක්‌ෂතාව භාවිතා කරලා රටට දෙයක්‌ කරන්න ඕනේ.

* බොඩිබිල්ඩින් කියන්නේ ගොඩක්‌ වියදම් අධික ක්‍රීඩාවක්‌, කෙහොමද මේ වියදම් දරාගන්නේ? මං ඒෂියන් තරගාවලිය වෙනකම් ගියේ මගේ පෞද්ගලික වියදමින්. මාසෙකට ලක්‌ෂයක්‌, එකහාමාරක්‌ විතර යනවා. පැය 16 ක්‌ විතර පිටරට වැඩකරලා තමයි ඒ වියදම් හොයා ගත්තේ. දැන් මට අනුග්‍රහය දක්‌වන්නේ සුසන්ත ශාන් හළඹ කියලා මහත්මයෙක්‌. ඒ මහත්මයා නිසා තමයි මට ඇමරිකා යන්න අවස්‌ථාව ලැබුණේ.

* ඇඟ ලස්‌සනට පේන්න තිබුණට ලොකු දුකක්‌ විඳින්න ඕනේ නේද මේ තත්ත්වෙට එන්න? මේක මට ලැබුණ දෙයක්‌ කියලයි මං හිතන්නේ. ඒ නිසා මං ආසාවෙන් ඒ දේ කරනවා.

* පරිස්‌සමටද කෑම ගන්නේ? මම දවසට කෑම වේල් 7ක්‌ 8ක්‌ ගන්නවා.

* ඇත්තද වතුර බොනවා අඩුයි කියන්නේ? වතුරත් එක්‌ක තමයි මේ සෙල්ලම තියෙන්නේ. වතුර බොන්නම ඕනේ. මං දවසට වතුර ලීටර් 8ක්‌ 10 ක්‌ විතර බොනවා.

* දවසට ජිම් එකේ පැය කීයක්‌ විතර ඉන්නවද? පැය එකහමාරක්‌ දෙකක්‌ විතර

* පුහුණුකරුවෙක්‌ ඉන්නවද? මට සහයට කට්‌ටිය ඉඳල තියෙනවා. ඒත් මට කියලා පුහුණුකරුවෙක්‌ ඉඳල නෑ. මගේ පුහුණුකරු මමමයි.

* ඇඟ කරදරයක්‌ වෙච්ච අවස්‌ථා ඇති? නෑ. කවදාවත් නෑ.

* ඇත්තද මේ ඇඟත් එක්‌ක ගොඩක්‌ වැඩ කරන්න අමාරුයි කියන්නේ? ගොඩක්‌ අය හිතනවා ඇඟ ලොකුවට තිබ්බොත් තමන්ගෙ වැඩවත් කරන්න අමාරුයි කියලා. ඒත් එහෙම නෑ. ඕනෙම දෙයක්‌ කරන්න පුළුවන්.

* ලූෂන් පුෂපරාඡ් කියන්නේ කොයිවගේ චරිතයක්‌ද? ආඩම්බර නැති සුහදශීලී චරිතයක්‌.

* බිරිඳගෙන් කොයිවගේ සහයක්‌ද ලැබෙන්නේ? එයා තමයි මගේ ලොකුම ශක්‌තිය. මං වැටුණු හැම වෙලවකම මගේ ළඟින් ඉඳලා එයා තමයි මාව උඩට ගත්තේ.

* අනාගත හීනය? Mr. Olympia ස්‌ටේඡ් එකට යන්න. ඒක තමයි හීනය.

Courtesy :nethgossip.lk

ලංකාවේ මුහුද හදිස්සියේම වෙනස් වෙයි.මෙන්න හදිස්සියේම ලැබුණු පුවත.

ලංකාවේ ගිණිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරි වළාකුළු පද්ධති හේතුවෙන් දකුණු සහ ගිණිකොණ ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව විමසිලිමත් විය යුතු බවයි.

මේ අතර, මඩකලපුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල අද (30) උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම පස්වරු 2 න් පසුව බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව පළාත්වල මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ද ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි ඉදිරි පැය 24 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

උපුටා ගැනීම hirunews.lk

මුළු වේදිකාව අමන්දානන්දයට පත් කල මල්ෂිගේ ගායනය දැකපු විනිසුරු වේදිකාවට ඇවිත් නටපු හැටි.ඉන්දියාවේ ගායිකාවන් කැලේ.

ලංකාවේ මේ වන විට බොහෝ දෙනෙක් නරඹන වැඩසටහනක් තමයි junior super star කියන්නේ..මේ කියන්න යන්නෙ ඒ සුපිරි වැඩසටහනේ සුපිරිම ගායනයක් ගැන.මේ ගායනයේදී හරි අපුරු දෙයක් වුණා.මේ සිදුවීම කාගේත් අවදානයට ලක් වුණා.ඒ තමයි ගායනය අතරතුරදී විනිසුරුවරයෙක් වේදිකාවට ගොඩ වීම.මෙන්න පහතම වීඩියෝව නරඹන්නකෝ.

Jiya Re – මල්ෂි වලාකුලුආරච්චි

මල්ෂිගේ ගායනයට ප්‍රදීප් හැරුනේ නැත්තේ ඇයි ?

Posted by Sirasa TV on Sunday, November 26, 2017

අකිල දනුද්‍රගේ පෙම්වතිය හොර රහසේම ඇමරිකාවේ සුපිරි දනවතෙක් සමග විවාහ වූ හැටි.

ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුතු අකිල ධනුද්ධර සමඟ පෙම් හබයක් ඇති බවට පසුගිය දිනවල රාවයක් පැතිර ගිය ජනප්‍රිය නිළියක් වගේ ම නිරූපණ ශිල්පිනියක් ද වුණු සුරූපී අමන්දා සිල්වා ඊයේ (28) කොළඹ ගලධාරි හෝටලයේදී යුග දිවියට පා තැබුවා.

ඇගේ අතගත් ආදරණීය ස්වාමිපුර්ෂයා වූයේ අමෙරිකාවේ නිව්යෝර්ක්වල පදිංචි වෙලා ඉන්න බ්‍රයන් පෙරේරා කියන සමාජජාල විශේෂඥයා කියලයි ආරංචි වෙන්නේ.

නංඟිගේ ජීවිතය විනාශ කල පුද්ගලයාගෙන් පලිගන්න ගිය සුපිරි නළුවා අවසානයේ නංඟිගේ අතින්ම අවසන් ගමන් යන්න වුන හැටි.

ලංකාවේ අලුත් අලුත් නිර්මාණ බිහි වෙනවා.මේ කියන්න යන්නෙත් එවැනි නිර්මාණයක් ගැන.මෙය බැලු බැල්මට පුවතක් වගේ පෙනුනට ඇත්තටම මෙය සුපිරිම මියුසික් වීඩියෝවක්.තමන්ගේ නංගිගේ ජීවිතය විනාශ කල පුද්ගලයාගේ ජීවිතය අවසන් කිරීම වෙනුවෙන් පාතාලයට ගිය අයියා කෙනෙකුගේ ජිවිත කතාවක් ගැන ලියවූ සුපිරිම වීඩියෝවක් මෙන්න.පහත විඩියෝවෙන් නරඹන්න.

මම උසස්පෙළ විභාගයෙන් දෙවතාවක්ම ෆේල්..කෝටිපති ව්‍යාපාරික ලසන්ත වික්‍රමසිංහ මුල් වරට මුළු ජිවිත කතාව හෙළි කරයි.

හමර් අවුඩි බෙන්ස් වාහන රැසක හිමිකරු ලෙස හඳුන්වමින් පසුගිය දිනවල අන්තර්ජාලයේ ආන්දෝලනාත්මක පුවත් මැවූ කෙනෙක් ලෙස ලසන්ත වික්‍රමසිංහ නමැති ව්‍යාපාරිකයා හදුන්වා දෙන්නට පුළුවන්.උසස් පෙළ විභාගය පිටපිට දෙවරක් අසමත්වීමෙන් පසු ජීවිතය අත්නොහැර උත්සාහයත් උනන්දුවත් නිසා ජීවිතය ජයගත් ලසන්ත මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ විවිධ තාක්ෂණික සේවා සපයමින් ජර්මනිය නවසීලන්තය ඇතුළු විවිධ විදෙස් රටවල ගැණුම්කරුවන්ගේ විශ්වාසය දිනාගෙන සිටින්නෙකි.ශාඛා 3 ක් දක්වා පුළුල් කළ ව්‍යාපාර ජාලයක් මෙහෙයවමින් මාසිකව ඉතා විශාල ආදායමක් උපයන්නකි.

දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක වැඩිමලා ලෙසින් උපන් ලසන්ත පාසල් හතක පමණ අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය ලබන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙනි.මීට වසර 15 කට පමණ පෙර උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිටි ඔහු එයින් අසමත් වන්නේය. නැවත දෙවැනි වරද පෙනී සිටයත් එවරද අසමත් වන්නේය. අවස්ථා දෙකේදීම අසාර්ථක වෙන ලසන්ත ඉන්පසු කළමනාකරණ විභාගයකට පෙනී සිට යංතමින් රජයේ දෙපාර්තමේන්තුවක රැකියාවකට ඇතුලත් වෙයි. එහි සේවය කර හොඳ වේතනයක් ලැබුනේ නැති නමුත් ඔහු උත්සාහය අත්නොහරී. තමන්ට විවේක ලැබෙන සෑම වේලාවකම පරිගණකයෙන් විවිධ දේ කරන්නට ඔහු උත්සාහ ගනී.

පාසල් යන කාලයේ සිටම පරිගණක සදහා උනන්දුවක් දැක් වූ ලසන්ත 2002 සිටම අන්තර්ජාලය හරහා මුදල් සෙවීමේ ක්‍රම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අතර එකල ලංකාවේ වැඩිදෙනෙකු අතර කථාබහක් නොවුණ ගූගල් සමාගමේ ඇඩ්සෙන්ස් හා ෆයිවර් සමාගමේ බාහිර ග්‍රැෆික් වැඩ මගින් ආදායම් ඉපැයීමට උත්සාහ ගනී. අන්තර්ජාලයේ සෙවුම් යන්ත්‍ර සඳහා ව්‍යාපාර නාමයන් ප්‍රවර්ධනයද ඔහු සමත්කම් දැක්වූ විෂය පථයකි.

මුලදී මසකට රුපියල්පන්දහසක්වත් උපයන්නට බැරිවූ නමුත් එන්න එන්නම එම ආදායම වැඩි කරගෙන ලක්ෂ ගණනක් දක්වා මාසික ආදායම ඔහු වැඩි කරගන්නට සමත් වෙයි.ඔහු අන්තර්ජාලයේ සුළු සුළු කොන්ත්‍රාත් වැඩවලින් මුදල් ඉපැයීම මුලදී සිදු කළත් පසුව ඔහුට නවසීලන්තයේ මිතුරෙකුගේ මාර්ගයෙන් ඒ රටේ තාක්ෂණික වැඩ ව්‍යාපෘති ලෙස ලැබීම මෙම මුදල් ඉපැයීම ඉක්මන් කරවූ බව පවසා තිබේ. අනතුරුව ජර්මනිය ඇතුළුයුරෝපා රටවලින්ද ඔහුට එවැනි ඇණවුම් ලැබී තිබේ.මේ වන විට ජංගම දුරකත apps ,වෙබ් අඩවි නිර්මාණ කටයුතු සහ තවත් තාක්ෂණික සේවා කටයුතු රැසක්ම ඔහු විදේශයන්ට සිදුකරන අතර තමන්ගේ ව්‍යාපාර ජාලය ශාඛා තුනක් දක්වා වර්ධනය කර වැඩි පිරිසකට රැකියා අවස්ථාද ලබාදී තිබේ.

ඔහු තමන් ආ ගමන ගැන අපට කියා සිටියේ මෙසේය.

‘මං පාවිච්චි කරන වාහන ගැන නොයෙකුත් කතා තිබුණා. වාහන ගොඩක් තිබෙනව තමයි ඒව ගත්තෙ ආසාවට. ඒ්ත් මං භාවිත කරන්නේ බෙන්ස් එකයි හමර් එකයි අවුඩි එකයි. මං අන්තර්ජාලයේ මුදල් හම්බ කරන කෙනෙක් විදිහට මින් පෙර පළවුණ වාර්තාවල පළවුන විස්තර සමහර ඒවා නිවැරදි නෑ.මං 2002 ඒ ලෙවල් කරේ මැට්ස් වලින් පළවෙනි පාර ෆේල් ඊට පස්සෙ සෙකන්ඩ් ෂයි කරා ඒකත් ෆේල් මං ආයෙත් තර්ඩ් ෂයි කරන්නත් ක්ලාස් ගියා.

අපිට ඒ හැටි සල්ලි තිබ්බෙ නෑ. තාත්ත ඒජී ඔෆීස් එකේ වැඩ කරේ. අම්මා නර්ස් කෙනෙක්.තර්ඩ් ෂයි කරන්න ක්ලාස් යන අතරේ රජයේ දෙපාර්තමේන්තුවක පොඩි ජොබ් එකක් හම්බ වුණා. මං කවදත් කොම්පියුටර් වැඩවලට උනන්දුයි. මේ ජොබ් එක කරන අතරෙ තමයි තව සල්ලි ටිකක් හොයන්න හිතං ඔන්ලයින් සල්ලි හොයන්න හිතුවේ. ෆ්‍රී ලාන්ස් වැඩ බාර අරන් පොඩි පොඩි ග්‍රැෆික් වැඩි කරලදීලා තමයි මුලින්ම සල්ලි හෙවුවේ.ඒ කාලෙ ඇත්තටම ඔන්ලයින් සල්ලි හොයන වැඩ ගැන රටේ වැඩිදෙනෙක් දන්නෙ නෑ. මං මුලදිම තමයි වැඩට බැස්සේ. මං කොම්පියුටර් කෝස් වලින් ඉගෙන ගත්තු දේවල් නෙමේ තනියෙන්ම තමා අත්හදා බැලුවේ. මුලදි විවිධ ප්‍රශ්නත් ආවා. සමහර විට බෑන් වුණා. ටික ටික මුදල් ලැබෙන කොට ඒවා තවත් ඒවට ආයෝජනය කළා.

ඒ විදිහට තමා ඉදිරියට ගියේ. ටික කාලයක් යනකොට හරියටම ඕඩියන්ස් එක ගැන හිතල ඒ අයට ඕනකරන දේවල් වලට සම්බන්ධ වෙලා මුදල් උපයන්න පුරුදු වුණා. මං හදපු වෙබ් සයිට් 1500 ක් විතර ඇති. මට වැඩ වැඩිපුර ලැබෙන කොට ඒවා තවත් අය යොදවලා එකතුවෙලා වැඩ කළා. කාලයක් යද්දි කට්ටියක් එක්ක මුදල්බෙදාගෙන ඒවගේ ව්‍යාපෘති භාරගත්තා. මං සුළුවෙන් කර කර හිටිය දේ පුළුල් වුනේ නවසීලන්ත යාළුවෙක් නිසා. එයා කිව්වා එහේ බිස්නස් වල තියන තාක්ෂණික අවශ්‍යතා අපට දන්වන්නම් කරල දෙන්න කියලා. ඒ අනුව ගොඩක් වැඩ ලැබුණා. ඒවට හොඳට ගෙවුවා. මේ විදිහට විවිධ රටවල් වල වැඩ ව්‍යාපෘති විදිහට භාරගෙන කළාම අපිට විශාල වශයෙන් මෙයින් මුදල් උපයන්න හැකි බව ඒත්තු ගියා. අපි එස්ඊඕ කරන ඒවා ඇප්ස් හදන ඒවාට විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ පාර කපාගත්තෙ අපිමයි.

රජයෙන් හරි වෙනතැනකින් හරි මගපෙන්වීමක් තියනවා නම් ලංකාවේ තාක්ෂණික හැකියාව තියන බොහෝ දෙනෙකුට මේ විදිහට ආදායම් ලබන්න පුළුවන්. අද වෙනකොට සැලකියයුතු පිරිසක් මා සමග වැඩ කරනවා. මට හොඳ විශ්වාසවන්ත පිටරට කස්ටමර්ලා ඉන්නව.මං දෙන උපදෙස තමයි අන්තර්ජාලයෙන් මුදල් හම්බ කරනව කියල එක එක ඒවට රෙජිස්ටර් වෙලා පොඩි පොඩි දේවල් ලැබෙනකම් බලා ඉන්නවට වඩා තමාට කරන්න පුළුවන් හොඳම දේවල් හඳුනගෙන ඒව මාකට් කරන්න කියන එක. සමහර අයට ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. සමහර අය හොඳට ග්‍රැෆික් වැඩ පුළුවන් සමහර අයට වෙබ් සයිට් හදන්න පුළුවන්. මේ දේවල් වඩාත්හොඳට වඩාත් විශේෂ විදිහට කරන අයට පමණයි පිළිගැනීමක් ලැබෙන්නේ. ඒ පිළිගැනීම ඇතිකරන්න උත්සාහ කරන අයට අමාරු නෑ.

උසස් පෙළින් උඩට යන්න බැරිවුණාම මං වෙනත් පාරක් හදාගත්ත වගේ හැමෝටම තමන්ට අයිති පාරක් හදාගන්න උත්සාහය තිබෙනව නම් බැරි වෙන්නෙ නෑ.’

උපුටා ගැනීම අනතර්ජාලයෙන්.

රිය අනතුරු වැඩි නිසා ඉදිරියේදී අලුතෙන් ලයිෂන් ගන්න අයට වෙන්න යන අලුත්ම දේ මෙන්න.

ලබන වසරේ සිට රියැදුරු බලපත්‍ර ලබාගන්නා පුද්ගලයින්ට දිනක වැඩමුළුවකට සහභාගිවීම අනිවාර්ය කිරීමට මාර්ග ආරක්‍ෂාව පිළිබද ජාතික සභාව සූදානම් වනවා. දිනෙන් දින සිදුවන අනතුරු ප‍්‍රමාණය ඉහළයාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසා සිටියා.

මේ වර්ෂයේ අනතුරුවලින් මියගිය දෙවන වැඩිම පිරිස වාර්තා වන්නේ පදිකයින් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඔවුන් වෙනුවෙන් වැඩසටහන් රාශියක් සංවිධාන කිරීමට බලාපොරොත්තු වන බවයි මාර්ග ආරක්‍ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මෙම වසරේදීත් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ යතුරුපැදි අනතුරුවලින් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මෙම වසරේ මේ දක්වා කාලය තුළ යතුරු පැදි අනතුරුවලින් මියගිය ගණන 1,145 ක්. එය ඉකුත් වසරට සාපේක්‍ෂව මරණ 22 ක වැඩිවීමක් වනවා.