මීට සුළු වෙලාවකට පෙර ගලගෙදර මඩවල ප්‍රදේශයේදී බස්රථයක් ප්‍රපාතයකට පෙරලි 32 දෙනෙකුට රෝහලට.

කටුගස්තොට – කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගලගෙදර, මඩවල ප‍්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ප‍්‍රපාතයකට පෙරළී අද පස්වරුවේ අනතුරක් සිදුවුණා. එහිදී තුවාල ලැබූ සංඛ්‍යාව 32 ක්.ඔවුන් මහනුවර සහ අවට රෝහල්වලට ඇතුළත් කෙරුණා. වන්දනා නඩයක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පැවසෙන්නේ. ගලගෙදර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.
ආරක්ෂාකාරී ලෙස රිය පැදවීම තුලින් මෙවැනි මාර්ග අනතුරු වලක්වාගනිමට හැකියාව තිබෙනවා.

වැඩිවිස්තර ලැබුණු සැනින් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

උපුටා ගැනීම nethnews.lk

පොඩි හිඩසක්වත් නැති වෙන්න මුළු නිවසම බල්ෆ් වැල් වලින් සැරසු වෙසක් දවසේ ආලෝකමත් වු සුපිරිම ගෙදර මෙන්න.

වෙසක් කාලේ කියන්නේ හැම නිවසකම විදුලි බල්බ් වලින් සරසනවා.හැම ගෙයකම වෙසක් කුඩු එල්ලනවා.තමන්ට පුළුවන් විදිහට ඒ හැම දෙයක්ම කරනවනේ.ඉතින් අපි පෙන්නන යන්නේ ඒ වගේ සුපිරියටම මුළු ගෙදරම එක හිස්තැනක්වත් නැති වෙන්න ඉතාමත් ලස්සනට ආලෝකමත් කරපු ලස්සන දසුනක්.මේ නිසව දිහා බලපු කෙනෙක් අයෙත් නොබලා නම් ගිහින් නැතුව ඇති.ඇත්තටම මාරම ලෂංඅයොඉ.වෙලාවකට හිතෙනවා ගෙයක්ද තොරණක්ද කියලත්.මෙන්න බලන්නකෝ වීඩියෝ එකෙන් එම සුපිරිම වැඩේ.

පාසලේ පන්තිභාර ගුරුවරයාගේම වාහනයට යටවී අවාසනාවන්ත ලෙස මියයන්නට සිදු වූ තත්සරණි දියණියගේ කඳුළු කතාව.

දැරිය පාසල් ඇරී සූරියවැව පොළ පාර දිගේ නිවස බලා යමින් සිටින අවස්‌ථාවේ පස්‌වරු 1.40 ට පමණ මෙම අනතුරට ලක්‌ව තිබේ.දැරිය සූරියවැව පොළ පාරේ පදිංචි සිය මිතුරියකට වෙසක්‌ කාඩ්පතක්‌ ලබාදීම සඳහා පාර මාරුවෙමින් සිටියදී වේගයෙන් පැමිණි වෑන් රථයට යටවී තිබේ.පාසල් ඇරී නිවස බලා යමින් සිටි දස හැවිරිදි පාසල් දැරියක සිය පන්ති භාර ගුරුවරයාගේම වාහනයට යටවීමෙන් 27 දා මියගොස්‌ ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස්‌ ඇත්තේ සූරියවැව ජාතික පාසලේ පහ බී පන්තියේ ඉගෙනුම ලැබූ අංක 65/02, ධර්මීගම, සූරියවැව පදිංචිව සිටි අසිනි සත්සරණි වලිසිංහ නමැති දස හැවිරිදි දැරියයි.

දැරිය පාසල් ඇරී සූරියවැව පොළ පාර දිගේ නිවස බලා යමින් සිටින අවස්‌ථාවේ පස්‌වරු 1.40 ට පමණ මෙම අනතුරට ලක්‌ව තිබේ.දැරිය සූරියවැව පොළ පාරේ පදිංචි සිය මිතුරියකට වෙසක්‌ කාඩ්පතක්‌ ලබාදීම සඳහා පාර මාරුවෙමින් සිටියදී වේගයෙන් පැමිණි වෑන් රථයට යටවී තිබේ. අනතුරත් සමග අවට පිරිස්‌ ද එම ස්‌ථානයට එක්‌ව කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ මියගිය දැරියගේම පන්ති භාර ගුරුවරයා අතින් මෙම අනතුරවී ඇතිබවයි.

ගුරුවරයා තමා විසින් පවත්වනු ලබන උපකාරක පන්තියකට සහභාගි වීම සඳහා යැමේදී මෙම අනතුර සිදුව ඇති බව පසුව හෙළිව තිබේ. කෙසේ වෙතත් අනතුර සිදුකළ ගුරුවරයා සම්බන්ධයෙන් හෝ අනතුර සම්බන්ධයෙන් ප්‍රදේශවාසී කිසිවකු මාධ්‍ය වෙත අදහස්‌ ප්‍රකාශ කළේ නැත.

ප්‍රදේශයේ බොහෝ දරුවන් මෙම ගුරුවරයාගේ උපකාරක පන්තිවලට යන බව අනාවරණය වී ඇත. අනතුර සිදුකළ 47 හැවිරිදි ගුරුවරයා වෑන් රථය සමගින් සූරියවැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු හම්බන්තොට මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

මත්තල – ඩී. එන්. ජයසේකර

උපුටා ගැනීම sinhala.lankahitgossip.com

වෙසක් පොහොයට ලක්ෂ 5ක විශාල වට්ටක්කා වගාව දන්සැලකින් වන්දනාකරුවන්ට ලබා දුන් ගලේවෙල ජයවීර ගොවි මහතා.

වෙසක් පොහොය නිමිති කරගෙන බොහෝ දෙනා දන්සැල් පවත්වනවා.බත් දන්සැල් නුඩල්ස් දන්සැල් ,බීම දන්සැල් වගේ දන්සැල් බොහොමයක් දක්නට ලැබෙනවා.ඒ අතර ඊයේ අපට අසන්නට ලැබුනා සල්ලි දන්සැල් පවා පවත්වා තිබෙන බවට.නමුත් අපි මේ කියන්න යන්නේ ඒ වගේ දන්සැල් නෙවෙයි.තවත් ඒවගේ මිනිසත්කම උතුරා යන තනි පුද්ගලයෙකුගේ අපුරු දන්සැලක් පිළිබඳව.ඒ වට්ටක්කා දන්සැල.අනිවාර්යෙන්ම මේ වීඩියෝව නැරඹුවොත් ඔබ ඔහුට අනිවාර්යෙන්ම ගරු කරනවා.මෙන්න පහතින් නරඹන්නකෝ ඒ වීඩියෝව.

නොසැලකිලිමත් රිය දාවනය නිසා ගලිගමුව ඉන්දන පිරවුම්හලේ වෙන්න ගිය මහා විනාසයක් අනු නවයෙන් බේරුන හැටි.

කෑගල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගලිගමුව ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට පැමිණි වෑන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පිරවුම්හලේ සේවකයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.අද (29) දහවල් සිදු වූ මේ අනතුරට අයත් වෑන් රථය පදවා ඇත්තේ කාන්තාවක විසින්.ඇය ඉන්ධන ලබාගැනීමේ අනතුරුව එම ස්ථානයෙන් පිටවී යාමට උත්සහ කිරීමේදී වේගය පාලනය කරගැනීමට නොහැකිවයි මේ අනතුර සිදුවී ඇත්තේ.තුවාලකරු කෑගල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති අතර අනතුර සිදුකල කාන්තාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙන්න එම අනතුර සිදුවූ අවස්ථාවේ cctv වීඩියෝ දර්ශණ.

හෙළ සිනමාවේ අති විශිෂ්ට කලාකරුවා ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා වසර 99ක් ජීවත්ව සිය ජිවන ගමනට සමු දෙයි.

හෙළ සිනමාවේ පියා ලෙස සැලකෙන ලොව වයස්ගතම සිනමාවේදීයා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.ඒ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී.ඔහු මියයන විට 99 වැනි වියේ පසුවුණා.රේඛාව, ගම්පෙරළිය, රන්සිළු, දෙළොවක් අතර, ගොලු හදවත, නිධානය, වෑකන්ද වලව්ව ආදී විශිෂ්ඨ ගණයේ නිර්මාණ රැසක් හරහා හෙළ සිනමාව පෝෂණය කරන්නට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමත්වුණා.

දකුණු ඉන්දීය ආභාෂයට නතුව තිබූ මෙරට චිත්‍රපට කර්මාන්තය දේශීය හුරුව හා මුසුකොට ලාංකීය සිනමාවක් නිර්මාණය කිරීම සදහා ඔහු පළමු පියවර තබන්නේ රේඛාව චිත්‍රපටයෙන්.ඉන් අනතුරුව මෙරට සහ ජාත්‍යන්තරයේ සම්මානයන්ට පාත්‍ර වූ චිත්‍රපට නිර්මාණ රැසකට අධ්‍යක්ෂණයෙන් දායක වූ මෙම කෘතහස්ත සිනමාවේදියාගේ විශිෂ්ටතම නිර්මාණය ලෙස විචාරකයන් සලකන්නේ නිධානය චිත්‍රපටයයි.මෙවැනි අග්‍රගන්‍ය සේවාවක් ඉටුකළ ඔහුට අපි නිවන්සුව පාර්ථනා කරමු.

උපුටා ගැනීමකි.

වියානා ඇලට පෙරුලුනු ජීප් රථයේ රියදුරු වන පන්ති ගුරුවරයා කිසිවෙක් නොසිතු ලෙස අද හැමෝම පුදුම කරමින් ආ හැටි.

පසුගිය දිනවල කතාවූ සිදුවිමක් තමයි වියානා ඇලට පෙරුලුනු උපකාරක පන්ති ගුරුවරයා පිළිබඳව.ඇත්තටම හැමෝටම ප්‍රශ්නයක් වුණේ මේ ගුරුවරයා වාහනය තුලත් නොමැති නම් මොහු කොහේ ගිහින්ද යන්න.නමුත් සියලු දෙනාම පුදුම කරමින් මේ ගුරුවරයා පැමිණ තිබෙනවා.මෙන්න බලන්නකෝ මේ ගුරුවරයා පැමිණ තිබෙන තැන.සහ තවත් තොරතුරු කිහිපයක් ඒ පිළිබඳව.

හැම කෙනෙක්ටම ප්‍රශ්නයක් ඉතිරි කරමින් වියානා ඇලට පෙරලුන ටියුෂන් ගුරුවරයාගේ අභිරහස් කතාව ටියුෂන් ගුරුවරයාම වමාරයි.

මහියංගනය වියානා ඇළට පෙරළුණු සුඛෝපභෝගී ජීප් රථයේ සිට අතුරුදන්ව පොලීසියට භාර වූ උපකාරක පන්ති ගුරුවරයා ඊයේ රාත්‍රියේ පොලීසිය අත්අඩංගුවට ගත්තා.ඒ පැය 9කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.මොහු ඊයේ උදෑසන 11 ට පමණ මහියංගනය පොලීසියට භාර වුණා.එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට නින්දයාම හේතුවෙන් මෙලෙස ජීප් රථය වියානි ඇළට පෙරළුනු බවයි.මෙන්න පහතින් නරඹන්න ඔහු කල පාපොච්චාරණය පිළිබඳව.

අද මද්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල තවත් ඉහලට.ගෑස් සිලින්ඩරේ ගන්න කලින් මෙන්න මිල ගණන් දැනගන්න.

කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා. ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ පාරිභෝගික සේවා අධිකාරියෙන් කළ ඉල්ලීමට අනුව මෙලෙස මිල ඉහළ නැංවීමට අවසර හිමි වූ බවයි. ඒ අනුව දැනට රුපියල් 1431ක් ලෙස පවතින ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1676ක් දක්වා ඉහළ යනු ඇති.

මේ පිළිබඳව ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන්න.

උපුටා ගැනීම hirunews.lk

ප්‍රසිද්ද වේදිකාවකදී හැම කෙනෙක්ම පුදුම කරමින් සිංදු කියන්න වේදිකාවට පැමිණි තරුණිගෙන් වේදිකාවේදීම ආදරේ ඉල්ලු හැටි.

ආදරේ කියන්නේ හැම කෙනෙක්ගේම ජිවිතයට ලඟා කරගන්න කැමති හරි අපුරුම දෙයක්..ආදරයක් හට ගන්න වෙලාවක් තැනක් නොතෙනක් නැහැ.ඒ වගේ හටගත් හරි අපුරුම ආදරයක් පිළිබඳවයි අපි අද කියන්න යන්නේ.මෙය සිදුවුණේ ප්‍රසිද්ද වේදිකාවක වීමද තවත් විශේෂයි.මෙන්න බලන්නකෝ මේ ලස්සන ආදරණිය අවස්ථාව.පහත වීඩියෝව තුලින්.