විටින් විට ඇතිවෙන හිසරදය ඔබගේ ජවිතය පවා නැති කරන්නට පුළුවන් අවදානමක් ගැන ඔබ මීට පෙර අසා නැති පොකුරු හිසරදය ගැන අනිවාර්යෙන්ම දැනගන්න..

හිසරදය ජීවිතයේ කිසියම් හෝ අවස්ථාවක අපි කවුරුත් මුහුණදී ඇති අසීරු තත්ත්වයකි. මෙය බොහෝවිට රෝග ලක්ෂණයක් ලෙස ප්‍රතිඵල වෙන්නකි. නමුත් හිසරදය රෝගයක් බවට පත්ව ඉතාමත් දරුණු වේදනාවක් ගෙන දෙන අවස්ථාද පවතී. එවන් එක් දරුණු වරින්වර කිසියම් කාලසීමාවක් අනුව එන එපාම කරපු හිසරදයක්ද තිබේ. මේ හිසරදය සෑදීමට පටන්ගත් විට, කාල පරතරයකට අනුව විටින් විට හිසරදය ඇතිවන අතර, එසේ ආරම්භ වූ විට, සති/ මාස ගණන් මෙම තත්ත්වය පවතී. තව කාලසීමාවකදී හිසරදයෙන් තොර, වේදනා රහිත සති/ මාස/ අවුරුදු ගණනක් ඇත. එනිසා වරින් වර එන මෙයට පොකුරු හිසරදය යන නම යෙදේ.

මෙම හිසරදය ඇතිවන නැතිවන රටාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

මොනවාද රෝග ලක්ෂණ?

හිසේ එක් පැත්තක පමණක්, ඇස වටා ඇතිවන දරුණු වේදනාව (එම වේදනාව මුහුණ, හිස, බෙල්ල සහ උරහිස දක්වා පැතිර යා හැක)

  • නොසන්සුන් බව
  • මුහුණේ වේදනාව ඇති පැත්තට පමණක් සීමා වූ, ඇස රතුවීම
  • අධික ලෙස කඳුළු ගැලීම
  • දහඩිය දැමීම, නාසයේ හිර ගතිය හෝ හොටු දියර ගැලීම

මෙහිදී ද ඉරුවාරදය (migrane) ඇතිවිට දැනෙන්නා වූ ආලෝක සංවේදීතාවය (light sensitivity), ශබ්ද සංවේදීතාවය (sound intolerance) ඇතිවිය හැක; නමුත් එය හිසරදය ඇති පැත්තට පමණක් සීමා වේ.

මෙම හිසරදය ඇතිවන කාලසීමාව බොහෝවිට නිශ්චිතය.

සාමාන්‍යයෙන් සති 6-12ක කාලයක් පවතී. සෑම හිසරද කැක්කුම් පොකුරක්ම ආරම්භ වන, පවතින කාලසීමාව බොහෝවිට නිශ්චිතය. හිසරදය සාමාන්‍යයෙන් දිනපතා හෝ දිනකට කිහිප වතාවක් ඇතිවිය හැක. එක් හිසරදයක් මිනිත්තු 15ත්, පැය 3ත් අතර කාලසීමාවක් රඳා පවතී. බොහෝවිට රාත්‍රියේ දී (නින්දට පැය කිහිපයකට පෙර) ඇතිවේ.

ඔබට මෙම පොකුරු හිසරද තත්ත්වය පළමු වරට ආරම්භ වූ විට, වෙනත් අවදානම් රෝග තත්ත්වයක් නොවන බවට තහවුරු කර ගැනීමට වෛද්‍යවරයකු හමුවිය යුතුය. සාමාන්‍ය හිසරදය ඇතිවන රටාව වෙනස් වූ විට මෙන්ම දිනෙන් දින වේදනාව උග්‍ර වූ විටද වෛද්‍යවරයකු හමුවිය යුතුය.

හේතු සාධක

  • මේ සඳහා නිශ්චිත එක් හේතුවක් තවම සොයාගෙන නැත.
  • ශරීරයේ ජීව විද්‍යාත්මක ඝටිකාවෙහි ඇතිවන බලපෑමක් විය හැක.
  • ඉරුවාදයේ දී මෙන් නොව, මානසික පීඩනය, ආහාර වර්ග හා හෝර්මෝන වෙනස්වීම්වලින් ඇතිවන බලපෑම අවමය.
  • කෙසේ වුවත්, හිසරදය පොකුරක් ආරම්භ වූ විට, මත්පැන් භාවිතයෙන් වේදනාව උත්සන්න වේ.
  • ඇතැම් ඖෂධ වර්ග (හෘදරෝගවලට ලබාදෙන ඖෂධ) භාවිතය හිසරදය ඇතිවීමට හේතු විය හැක.
  • අවදානම් සාධක

ස්ත්‍රී පුරුෂ භාවය අනුව සැලකූවිට මෙහි වැඩි අවදානමක් ඇත්තේ පුරැෂ පක්ෂයටය. ඕනෑම වයසකදී රෝගය වැළඳීමට ඉඩකඩ ඇති නමුත්, වයස 20-50ත් අතර දී වැඩි අවදානමක් ඇත. දුම්පානය බරපතළ සාධකයකි. බොහෝවිට මෙම රෝගී තත්ත්වය ඇතිවන්නේ දුම්පානය කරන පුද්ගලයන්ටය. මත්පැන් භාවිතය මෙම අවදානම වැඩි කරන සාධකයකි. පවුලේ රෝග ඉතිහාසය සැලකුවිට දෙමාපියන්ට හෝ සහෝදර සහෝදරියන්ට මෙම රෝගය වැළඳී තිබුණේ නම් ඔබට ද වැළඳීමේ අවදානමක් ඇත. රෝග නිර්ණය රඳාපවතින්නේ රෝග ලක්ෂණ මතය. වෙනත් රෝග තත්ත්වයන් බැහැර කිරීමට ස්නායු පරීක්ෂාවක් අවශ්‍ය වේ.

  • හිසරදය වැළඳී ඇති අවස්ථාවේ දී ප්‍රතිකාරය ඔක්සිජන් ලබාදීමයි.

වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව හිසරදය දිගින් දිගටම පොකුරක් ලෙස ඇතිවීම වැළැක්වීමට වේදනා නාශක ඖෂධ ලබාදීම සහ වෙනත් ඖෂධ ලබාදිය හැක.

උපදෙස්: විශේෂඥ වෛද්‍ය

උපුටා ගැනීම-http://www.deshaya.lk

ආදරණිය පියෙක් වෙන්න බලාපොරොත්තු වෙන හැම කොල්ලෙක්ම අද ඉඳලා මේ ආහාර ගන්න පුරුදු වෙන්න.

වසර ගණන් ආදරයෙන් වෙළී සිට විවාහ වුවත් තවත් වසර කිහිපයක් ගතවූ පසු සැමියා හා බිරිය ඔවුනොවුනට දිස් වනුයේ “නිතරම දකින කුකුළගේ කරමල” සේය. එහෙත් මියෙන තුරාවටම යුග දිවිය යෙහෙන් ගත කිරීමට නම් ඔවුනොවුන් එකිනෙකා අරඹයා ශක්ති සම්පන්න විය යුතුය. තෘප්තිමත් නොවන ආශාවක් නිවෙස අභ්‍යන්තරයෙන්ම සංසිඳවා ගැනීමට ඇතැම් ශාක වර්ග මේ මිහිපිට හට ගැනීම පවා දෛවෝපගතය.

කාමයට අධිපති අනංගයාගේ කාම හීසරය විදින දුන්න සකස් වී ඇත්තේ ද උක් දණ්ඩෙනි. ආයුර්වේද වෙදකමේ උක් ගසට ප්‍රධාන තැනක් හිමි වේ. සිංහල බෙහෙතට නැතිවම බැරි උක් ගස නොයෙකුත් පුද පුජාවලට ද නැතිවම බැරි පලතුරකි. උක් ගසෙන් ලබා ගන්නා උක් සීනි, උක් පැණි, උක් හකුරු ඖෂධ සංස්කරණය සඳහා එකතු කරගනී. එමෙන්ම උක් මුල්, උක් පුරුක් ද බෙහෙතට ගනී. සිංහල ගැමි ගෙදර කොහේ හෝ තැනක අනිවාර්යය බෙහෙතක් ලෙස මෙය වගා කරගත් අතර අද වනවිට එය බොහෝ දුරට අපගේ භාවිතයෙන් ඈත්ව ඇති තරම්ය. එහි ගුණ දන්නෝ උක් වගා කොට එහි ඖෂධීය ගුණය අත් විඳිති.

කාම ශක්තිය වර්ධනය කිරීමේ මහඟු ගුණයක් උක් පැණිවලට ඇති අතර ශරීරයේ සෞඛ්‍ය ධාතු පෝෂණය කිරීමට වර්ධනය කිරීමට මෙය ඉවහල් වේ. ශරීරයේ ශක්තිය නිපදවීමට මූලික වන මෙය මිනිසාගේ පෝෂණ ක්‍රියාදාමයට දෛනිකවම එකතු කළ යුතු ඔසුවකි.

ශරීරයේ පිත් කෝප කරන රෝගවලට ඉතාම හිතකර වන අතර මානසික රෝග ඇතිවීම, කැස්ස, ඇදුම, පීනස ඇතිවීම සහ හෘද රෝගවලට ඉතාමත් ගුණදායක ඔසුවකි.

කාන්තාවන්ගේ ශ්වේත ප්‍රදරවලට, රක්ත ප්‍රදරවලට හිතකර මෙය පුරුෂ පක්ෂයේ ශුක්‍ර පෝෂණය කිරීමට, වර්ධනය කිරීමට මා හැඟී ඔසුවකි.

දිනපතාම උක් දණ්ඩක් හැපීමට පුරුදු වන්නේ නම් එය කායික ශක්තිය පවත්වා ගැනීමට උපකාරී වන්නේය.

රටඉඳි

අතිශයින්ම පෝෂ්‍යදායක ආහාරයක් ලෙස පිළිගැනෙන මෙය ලෝකවාසී හැම දෙනාම ගන්නා ආහාරයකි. පෝෂණ ගුණයෙන් ඉහළම අගයක් ගන්නේ ඉදුණු රටඉඳියි. එහෙත් බොහෝ විට අප ආහාරයට ගන්නේ එසේ හොඳටම ඉදුණු රටඉඳි නොව මඳක් පැසුණු ගෙඩි යන්ත්‍රානුසාරයෙන් තලා සීනි එක්කොට තනා සාදාගත් ඒවායි. හොඳම රටඉඳි තද දුඹුරු පැහැයෙන් යුතුව පිට පැත්තේ පැණි ගතියකින් තොරව දක්නට ලැබේ. හොඳින් ඉදුණු රටඉඳි මිහිරි පැණි රසයකින් යුතුය. කෑමට පි‍්‍රයජනක එම රටඉඳි ශරීරයේ බලය, ශක්තිය වඩන ධාතූන්ගේ පෝෂණය සිදු කරන කාම ශක්තිය වඩන අගනා ආහාරයකි. කෙට්ටුව මට්ටු කරන්න හොඳම ආහාරයක් ලෙස දිනපතාම රටඉඳි මදුළු කිහිපයක් ගැනීම පුෂ්ටිමත් බව වැඩීවීමට හේතු වේ.

ශරීරයේ පිත්තාධික රෝග, ශරීරයේ දැවිල්ල නැති කරන මෙය මල පිරිසුදු කරයි. මුත්‍රා පීඩා දුරු කරයි. ස්නායු දුර්වලතා මඟ හරවා කායික ශක්තිය වඩයි. ශුක්‍ර ධාතුව වඩයි. හෘදයට හිතයි. ඉතා පිරිසුදු රටඉඳි තෝරා ගෙන එහි ඇට ඉවත් කොට එම ගෙඩි 10 කට එළඟි තෙල් මේස හැඳි 1 ක්, මී පැණි මේස හැඳි 5 ක් දමා එයට තිප්පිලි කුඩු තේ හැඳි 1/2 ක්, ගම්මිරිස් ඇට කිහිපයක් තලා දමා, ඉඟුරු පෙති දමා දින 15 ක් සුරැකිව බෝතලයක අසුරා සුළං නොවදින ලෙස තබා ඉන් ගෙඩියක් උදේ හිස්බඩට ආහාරයට ගෙන එළකිරි පානය කරන්න. ඇඟ පතේ විඩාව දුරු කිරීමට එය කදිම ප්‍රතිකාරයක්.

අනෝදා හෙවත් ආත්තා

රසවත් පලතුරක් සේම ගුණාත්මක ඖෂධීය ශක්තියක් මෙහි ඇත. මෙහි ගුණ දන්නෝ එය සොයාගෙනම ආහාරයට ගනී. දිව්‍යමය ගුණ ඇති පලතුරක් ලෙස සිංහල ගැමි සමාජයේ අද ද ආහාරයට එක් කර ගන්නා මෙය ශරීරයේ වර්ධනයට, පෝෂණයට අත්‍යවශ්‍ය පලතුරකි. ශරීරයේ විඩාව නිවා ගැනීමට, ශක්තිය වර්ධනය කරගැනීමට, ධාතු පෝෂණය කරගැනීමට, මුත්‍රා පද්ධතිය පිරිසුදු කරගැනීමට, මුත්‍රාශය, වකුගඩුවලට හිත, මුත්‍රා ගල් සෑදීම වලකන ඔසුවකි. මල බද්ධය පවා මින් දුරු වේ. උෂ්ණාධික ශරීර ඇති අයට යෝග්‍යතම පානයකි. කාන්තාවන්ගේ ඇඟ උණු කරවා යෑම ඇතුළු උෂ්ණාධික රෝගවලට කදිම ආහාරයකි. ශරීරයේ දැවිල්ලට ද හිතයි.

මෙම පලතුරුවල ඇති ගුණාත්මක අගය වටහා ගැනීමට නම් එය දිගු කාලයක් තමාගේ ආහාර පානයක් ලෙස ගත යුතුය. ඉන් ඔබේ දුබල ගතට නොසිතූ විරූ බලයක් ලබාදිය හැකියි.

අළු කෙසෙල්

පිරිමින්ට අළු කෙසෙල් අගුණ දෙයකැයි මතයක් පවතී. රෝග රැසක් සමනය කිරීමට සමත් අළු කෙසෙල් පිළිබඳ අපේ රටේ ජනතාව කොතරම් දුරට දැනුවත්දැයි යන්න ගැටලුවකි.

අළු කෙසෙල් පුරුෂ ශක්තිය හීන කරන දරුපල අහිමි කරන නිසා පිරිමි පාර්ශ්වයට අහිතකර බව බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත. අළු කෙසෙල් ධාතුªන්ගේ මනා පෝෂණය ගෙන දීමට සමත් බව පාරම්පරික ඖෂධ යෝග ඔස්සේ වටහා ගෙන ඇත. මුලේ සිට දලු දක්වාම ඖෂධ පිණිස ගනු ලබන අළු කෙසෙල් පුරුෂ ශක්තිය හීන කරන ආහාරයක් හෝ ඖෂධයක් නොවේ.

පිෂ්ටය, මේදය, කැල්සියම්, යකඩ, විටමින් වැනි පෝෂ්‍ය පදාර්ථවලින් අළු කෙසෙල් සමන්විත වේ.

ඉදුණු අළු කෙසෙල් ගෙඩි බොහෝ විට විසිකර දමන අවස්ථා අප දැක ඇත. නමුත් ඉදුණු අළු කෙසෙල් ගෙඩි කාම ශක්තිය, ධාතු බලය වැඩීමට ශරීරය තර කරගැනීමට ඉවහල් වේ.

ඉදුණු අළු කෙසෙල් නාමල් රේණු, නෙළුම් රේණු සමඟ කළවම් කොට මී පැණි මුසු කොට දිනපතා මේස හැඳි 4 ක ප්‍රමාණයක් ගැනීමෙන් කායික ශක්තිය, ධාතු බලය, ඉන්ද්‍රීය ප්‍රබෝධය සංසර්ගයේ යෙදීමේ හැකියාව වැඩි දියුණු වේ.

කාන්තාවන්ගේ උදරාබාධ, ගැස්ට්‍රයිටිස්, හිසකෙස් සුදු වීමට ඉතාම ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස අළු කෙසෙල් බොඩය හැඳින්විය හැකියි. කැනක් වැටුණු පසු එම ගහ පලා මැද ඇති බොඩය ගෙන සිහින්ව කපා රසවත් ව්‍යංජනයක් ලෙස කුරුඳු පොතු, එනසාල්, කරපිංචා, සුදුලූනු, රතුලූනු, බැදපු තුනපහ කුඩු එකතුකර පොල් කිරෙන් තම්බා ආහාරයට ගැනීමෙන් ශරීරයේ විස පහ කිරීමටත් යෝග්‍ය වේ.

උපදෙස් – පාරම්පරික ආයුර්වේද වෛද්‍ය, වෛද්‍ය නිධි, මෙත්සුව පී. හතරසිංහ ගෙනි

විශාල ලෙඩ රෝග ප්‍රමාණයක් සුව කරන විශ්මිත පළතුරක් ලංකාවෙන් සොයා ගැනේ.

ලොව මිල අධික පළතුරක් ලංකාවෙන් හමුවෙයි. ලෙඩ රෝග විශාල ප්‍රමාණයක් සුව කරන මෙම පලතුරේ ඇති විශ්මිත හැකියාව මෙන්න.ඔබත් ඔබගේ නිවසේ ගෙවත්තේ මේ පලතුර නොදැනුවත්ම වගා කරලා ඇති.මෙන්න බලන්නකෝ ඒ පලතුර ගැන සියලුම විස්තරය.

වැඩිම පිළිකා කාරකයක් තියෙන භයානක කෑම මෙන්න.ජිවිතේ අනතුරේ වැටෙන්න කලින් මෙන්න අදම දැනගන්න.

වැඩිම පිළිකා කාරකයක් තියෙන භයානක කෑම පිළිබඳව ඔබ මිට පෙර දැනුවත්ව තිබෙනවද..ක්ෂණික ආහාර ගන්න හැම කෙනෙක්ම පුරුදු වී තිබෙනවා.නමුත් ඒවා කන්න කලින් මේ ගැනත් හිතන්න.ඔබගේ ජීවිතය අනතුරේ වැටෙන්නට කලින් මෙන්න මේ පිළිබඳව අනිවාර්යෙන්ම දැනුවත් වෙන්න.හැම කෙනෙක්ටම දැනගන්න ශේයර්ව් කරන්නත් අමතක කරන්න එපා.

උදරයේ දැඩි වේදනාවකින් සිටි පුද්ගලයෙකු රෝහල්ගත කර පසු ශල්‍ය කර්මයකින් උදරයෙන් ගත්දේ දැකපු හැමෝම රත්වෙයි.

අපි කියන්න යන්නේ මෙතෙක් කිසිම දවසක අහන්නවත් නොලැබුණ දෙයක් පිළිබඳව.ඒ තමයි උදරයේ දැඩි වේදනාවකින් සිටි පුද්ගලයෙකු රෝහල්ගත කර පසු ශල්‍යකර්මයක් කල උදරයෙන් ගත්ත ඇඟ කිලිපොලා යන දෙයක් පිළිබඳව.ශල්‍යකර්මය කල දොස්තරවරු පවා මෙය දැක ඔවුන්ගේද ඇස් උඩ ගියා.ඇත්තටම මොකක්ද ඔහුගේ උදරයෙන් ගත්තේ..කොහොම වුනත් 4100ක් අරගෙන.මෙන්න බලන්නකෝ මොනවද අරගෙන තියෙනේ කියලා.පහත වීඩියෝව තුලින් මේ පිළිබඳව දැනගන්න.

කෙසෙල් මුවෙන් ගමේ රහට ගෑවුනත් කන්න පුළුවන් සුපිරිම කෑමක් සරලවම හදා ගන්නා හැටි.

ගමේ රහට කෑම හදල කන්න ඕනෑම කෙනෙක් කැමතියිනේ…මේ කියල දෙන්න යන්නෙත් ඒ වගේ සුපිරිම කෑමක් හදන හැටි.කෙසෙල් මුව.කෙසෙල් මුව කිව්වොත් ගමේ නම් ඕනේ තරම් ගන්න පුළුවන් දෙයක්.නමුත් නගරේ එහෙම ගන්න බෑ නේද..සල්ලි වලට තමයි ඉතින්.මෙන්න බලන්නකෝ කෙසෙල් මුවෙන් සුපිරිම කෑමක් හදන හැටි.ඕනෑම කෙනෙක්ට වැදගත් වේවි මෙය නම්.මෙන්න පහත වීඩියෝව තුලින් නරඹන්න.

ලුෂන් පුෂ්පරාජ්ට ලබා දුන්න තින්දුව වැරදියි.රිදී පදක්කම නෙවෙයි.රන් පදක්කම හිමි විය යුතුයි.මෙන්න වෙන්න යන දේ.

පසුගිය දා ශ්‍රී ලංකාවේ සුපිරි කායවර්ධන ක්‍රීඩක ලුෂන් පුෂ්පරාජ් යුරෝපා කායවර්ධන තරඟාවලියේ දී අනුශුරතාව හිමිකරගත්තා. එහිදී යුරෝපයේ සුපිරි ක්‍රීඩකයන් රැසක් ඔහුට පරාජයට පත් වුනා. එම දෙවන ස්ථානය හිමි කරගැනීමෙන් පසු, දින කිහිපයක් ගෙවීමත් සමගම, ලවම අවධානය දිනා ගනිමින් ලෝක කායවර්ධන සංගමය විසින් විශේෂ ප්‍රකාශයක් කර ඇති අතර, එහි සභාපති තුමන් ලුෂන්ට අමතුමක්ද ලබා දී තිබෙනවා.ඇමතුමේදී ඇත්තටම කිව්වේ මොනවද.මෙන්න ඒ සියල්ල පිළිබඳව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

බත් එකේ ගැවුනත් කන්න පුළුවන් සුපිරිම චිකන් ඩෙවල් එකක් හදන හැටි පිළිවෙලටම මෙන්න මුල ඉඳලම ඉගෙන ගන්න.

ලංකාවේ ගෘහනියන්ට ඉතාමත් වැදගත්වන දෙයක් තමයි ඔන්න අපි අද ගෙනාවේ..ඇත්තටම කටට රසට ඩෙවල් හදන්න ගොඩක් දෙනෙක් දන්නේ නෑ.එත් මෙන්න මේ වීඩියෝව එක නරඹලා ඉගන ගත්තොත් නම් බත් එකේ ගෑවුනත් කන්න පුළුවන් ඩෙවල් එකක් හදන්න පුළුවන් වේවි.මෙන්න බලන්නකෝ ගමේ විදිහට හදන අපුරුව…මෙන්න ඉගෙන ගන්න පහත වීඩියෝව නරඹන්න.

අවුරුදු 17 වයස තමන්ගේ පුංචි නැගණිය පිළිකාවකින් මිය ගිය දුක දරා ගන්න බැරි අයියා මුහුණු පොතේ පල කල සංවේදී සටහන.

තමන්ගේ ආදරණිය නංගිව පිළිකාවක් නිසා මිය ගිය පසු එය දරාගන්නට බැරි වූ අයියාගේ සහෝදරකම මුහුණු පොතේ යහළුවන්ට සංවේදීව කිව්වා හැටි.මෙන්න බලන්නකෝ පපුව පිච්චිලා යනවා.

මෙන්න නරඹන්න එම සංවේදී වීඩියෝව පහතින්..

“මා මල දවසක සීතල මලකද ඔබගේ තුරුලේ උනුසුම් කල මැන,, මෙයා පිලිකා රෝගය නිස නැතිඋනා .. වයස 17යි…චූටි නංගි කිසිම ආත්මයෙක මෙවන් විපතක් සිදු නොවේවාඔයාගෙ හීනෙ උනේ නැටුම් ගුරුවරියක් වෙන එක. ඒත් නංගි ඔයාට ජීවත් වෙන්න තිබුණේ අවුරුදු 17 විතරයි ….ඔයා ,o/l විශිෂ්ඨ විදියට පාස් උනා…, A/l වලට වැඩි දවසක් පාසල් යන්න බැරි උනා…ඒ ඔයාගෙ කකුලෙ අස්ති පිලිකාවක් ආව නිසා…

ඔයාගෙ කකුලත් අයින් කලා.. ඔයා කීවෙ මගෙ කකුල නැති උනාට මන් කොහොමහරි,,ඉගෙන ගන්නව කියල..පොඩිකාලෙ ඉදන් ඔයාට තිබුණේ ගුරුවරියක් වෙන ආසාව විතරයි ….ඔයා අන්තිමට ඉල්ලුවෙ මට මගෙ ගෙදර ගිහින් පවුලෙ හැමෝම බලල මැරෙන්න ඕන කියල ..ඒත් අපිට ඔයා අරන් එන්න බැරි උනා.. ඔයා අපිව දාල ගියා….”

ඉවසන්න බැරි බඩේ අමාරුවක් නිසා රෝහල්ගත වූ තරුණයා ශල්‍යකර්මයකින් පසු බඩෙන් ගත් දේ නිසා වෛද්‍යවරු පවා භිය කළා.

ලෝකයේ අපට කිසිදාකවත් සිතාගන්න බැරි විදිහේ දේවල් සිදුවෙනවා.බඩේ කැක්කුමක් නිසා රෝහලට ගිය පුද්ගලයෙකුගේ බඩෙන් ගත්ත ජිවිතේටවත් දැකපු නැති මේ දේ නිසා එතන සිටපු හැමෝම අන්ද මන්ද උනා.මන්ද ඕනෑ තරම් ශල්‍යකර්ම කරන වෛද්‍යවරු පවා මෙහෙම දෙයක් කිසිදිනකවත් පුද්ගලයෙකුගෙන් අරගෙන නැති නිසා..ඇත්තටම මොකක්ද මේ අරගෙන තිබෙන්නේ.ඔහුගේ තත්වය කොහොමද දැන්.මෙන්න සියල්ල පහත වීඩියෝව තුලින් දැනගන්න.