ශ්‍රී ලංකාව 11 වන ආසියානු දැල් පන්දු ශුරතාව දිනා ගනී.අපිත් අපේ සුපිරි ක්‍රීඩිකාවන්ට ලයික් එකකින් සුභ පතමු.

11 වන ආසියානු දැල් පන්දු ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. ඒ අවසන් මහා තරගයෙදි සත්කාරක සිංගප්පුරු කණ්ඩායම ගෝල 69-50ක් ලෙස පරාජයට පත් කරමින්.ශී‍්‍ර ලංකාව අවසන් වරට ආසියානු දැල් පන්දු ශූරතාවක් දිනා ගත්තේ 2009 වසරේදීයි. මේ දක්වා පවත්වා ඇති ආසියානු දැල් පන්දු ශූරතා තරගාවලි 11 න් අවස්ථා 9 කදීම ශී‍්‍ර ලංකාව අවසන් මහා තරගයට පිවිසියා.

ශී‍්‍ර ලංකා දැල්පන්දු කී‍්‍රඩිකාවන් ආසියානු දැල්පන්දු ශූරතාවක් දිනා ගත්තේ වසර 9කට පසුවයි. පළමු කාර්තුවේදීම දෙපිලම ආක‍්‍රමණශිලි ලෙස තරගයට අවතීරණ වූ අතර එ් අනුව එම කාර්තුව අවසන් වූයේ 16 ට 16ක් ලෙස සම තත්වයෙන්. දෙවන කාර්තුව 16 ට 10ක් ලෙස ජය ගත්තේ ශී‍්‍ර ලංකාවයි.

3 වන කාර්තුව 18 ට 12ක් ලෙස ජය ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා. සිව්වන කාර්තුව ශී‍්‍ර ලංකාව ජය ගත්තේ 19 ට 12 ක් ලෙසයි.

ශී‍්‍ර ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගත් 5 වන අවස්ථාව මෙය වනවා. ජාතික දැල්පන්දු පුුහුණුකාරිනී තිලකා ජිනදාස සිය ධුරය භාර ගැනීමෙන් මාස 7ක් ඇතුළත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් මෙලෙස දක්ෂතා දැක්වීම කැපී පෙනුනා.

අවසන් වරට ශී‍්‍ර ලංකාව සහභාගි වූ ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලි 3 දීම ශී‍්‍ර ලංකාවට සිදු වූයේ අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමටයි.

උපුටා ගැනීම nethnews.lk

පසුගිය දිනවල ආන්දෝලනාත්මක ලෙස කතාවූ නවකවදය නිසා ජීවිතය හැරගිය අමාලිට කරපු සියල්ලම අමාලිගේ මව හෙළිකරයි.

පසුගිය දිනවල බොහෝ ලෙස කතාවුන සබරගමුව විශ්ව විද්‍යාලයේදි ලබා දුන් නවකවදය නිසා ඇතිවූ පීඩනය දරාගත නොහැකිව සියදිවි නසා ගත් අමාලි චතුරිකා පිළිබද පුවත මින්පෙර හෙළිකළෙමු. පන්නිපිටියේ මාඉඹුල්ගොඩ පදිංචිව සිටි එස්. එච්. අමාලි චතුරිකා 2015 වසරේ පෙබරවාරි 16 වැනිදා තම නිවසේ බාල්කයක එල්ලී සිය දිවි නසා ගත්තේය.අමාලි අවසන් වරට ලියූ ලිපි වලට අනුව ඇයට සියදිවි නසා ගැනීමට තරම් පීඩනයක් ලබා දුන්නේ නවකවදයයි. අමාලි ඉලක්ක කර ගනිමින් දැඩි නවකවදයක් ලබා දී ඇත්තේ සබරගමුව සරසවියේ එවකට ශිෂ්‍යාවන් වූ මාෂා අතුකෝරාළ සහ ඉසුරු නිවර්තනා අකරවිට යන ශිෂ්‍යාවන් දෙදෙනාය.

කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවක් වුවද විශ්වවිද්‍යාලයට ඇතුළු වූ පළමු වසරේදීම වාර පරීක්‍ෂණවලින් අසමත් වූවාය. එහෙත් ඇයට නවක වධය දී ඇය ලිංගික හිංසනයට ලක් කළ මාෂා අතුකෝරාළ සහ ඉසුරු නිවර්තනා අකරවිට යන දාමරික ශිෂ්‍යාවන් දෙදෙනා සියලූ විභාග සමත් වූහ. අමාලිට ලිංගික වද හිංසා ඇතුලු පීඩනය ලබා දුන් මාෂා අතුකෝරාළද කොළඹ දේවි බාලිකා විද්‍යාලයේම ශිෂ්‍යාවකි. ඉසුරු නිවර්ථනා අකරවිටද කොළඹ ප්‍රදේශයේ ශිෂ්‍යාවකි. දැන් මාෂා පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් විවාහ වී පවුල් ජීවිතයක් ගත කරමින් සිටියි. අමාලි ජීවතුන් අතරද නැත.

සියදිවි නසාගත් අමාලිට පිරිමි සිසුන් ලවා පවා දැඩි ලිංගික හිංසන පවා සිදු කිරීමට “මාෂා” සහ “ඉසුරු” යන ශිෂ්‍යාවන් දෙදෙනා කටයුතු කර තිබෙන බව කියවෙනවා.

ඇයව පිරිමි සිසුන් වෙත ගෙන ගොස් පරිගණකයකින් අසභ්‍ය දර්ශන පෙන්වමින් එම අසභය දර්ශන රඟ දක්වන ලෙසට මාෂා සහ ඉසුරු යන ශිෂ්‍යාවන් දෙදෙනා බල කර තිබෙන බව සදහන්. සබරගමු විශ්ව විද්‍යාලයේ ආපනශාලාව අසලදි අසභ්‍ය චිත්‍රපට නිළියක් සේ හඬ නගන ලෙසත්, එම දර්ශන රඟ දක්වන ලෙසටත් මාෂා සහ ඉසුරු කළ නියෝගය ප්‍රතික්ෂේප කළ විට ඔවුන් ලබා දුන් පීඩනය අමාලිට දරාගත නොහැකි තරම් වී තිබේ.අමාලි චතුරිකාගේ මව සදහන් කරන පරිදි මාෂා අතුකෝරාළ සහ ඉසුරු නිවර්තනා අකරවිට යන ශිෂ්‍යාවන් දෙදෙනා මව සමග සිටින විට පවා අමාලි චතුරිකාට හිරිහැර කර තිබෙන බවයි.

‘‘මාෂාටයි ඉසුරුටයි මගේ දුව හරිම බයයි. දවසක් මට දුව මාෂාව පෙන්නුවා. හැබැයි එයා දිහා හැරිලා බලන්න එපා කිව්වා. මාෂා දේවි බාලිකාවෙම ළමයෙක්. දවසක් අපි බස් එකේ යනකොට පිටිපස්ස සීට් එකේ මාෂායි ඉසුරුයි ඉන්නවා, අම්ම බලන්න එපා කියලත් දුව මට කිව්වා. මම හිටියෙ බස් එකේ ජනේලය පැත්තෙ. දුව හිටියේ දකුණු පැත්තේ. මාෂායි ඉසුරුයි බහින්න යනකොට එයින් එක්කෙනෙක් වුවමනාවෙන්ම දුවගෙ ඇඟට කඩා වැටුණ. මම ඒකට විරුද්ධව කතා කරන්න හදනකොට දුව බයටම විරුද්ධ වුණා. අනිත් ළමය බහින ගමන් දුවට අතින් ඇනගෙන ගියා.

දුව කිව්වා එයා තමයි ඉසුරු කියන්නෙ කියලා. අපේ දුවගෙ තාත්තා නැහැ. මේ ළමයි දෙන්නා හැම වෙලාවෙම දුවගෙන් අහලා තියෙනවා උඹේ තාත්තා නැති වුණේ කොහොමද කියලා. මගේ දුව CIMA කළා. උඹට එච්චර වියදම් කරන්න සල්ලි කොහෙන්ද කියලත් ඒ ළමයි හැම තිස්සෙම අහල තියෙනවා. දුවව කැන්ටිමේ පැත්තකට එක්ක ගිහින් තිත්ත කුණුහරුප කියන පිරිමි ළමයි දෙන්නෙකුත් සබරගමු කැම්පස් එකේ ඉඳලා තියෙනවා. ලැප් ටොප් වලින් නිල් චිත‍්‍රපට දුවට පෙන්නලා තියෙනවා.” යනුවෙන් අමාලිගේ මව මාධ්‍යයට පවසයි.

අමාලි චතුරිකා සිය දිවි නසා ගැනීමෙන් පසු සබරගමු සරසවියේ එවකට සිටි උපකුලපති වූ මහාචාර්ය චන්දන උඩවත්ත අමාලිට මරු කැඳවූ මාෂා අතුකෝරළ සහ ඉසුරු නිවර්ථනා අකරවිට ඇතුළු නවකවදකයන් ආරක්ෂා කළ බවද කියවේ.

සැකකාර මාෂා; කිරිවත්තුඩුව, පිටපන දකුණ, අංක 324 ස්ථානයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.එම්.එම් අතුකෝරාළ හෙවත් මාෂා අතුකෝරාළ ය. සැකකාර ඉසුරු නම් එවකට ශිෂ්‍යාව හෝමාගම, කැන්දලන්ද, අංක 170 යන ලිපිනයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.අයි.එන් අකරවිට හෙවත් ඉසුරු නිවර්තනා අකරවිට ය.

කෙසේ වෙතත් සියලුම දේ පැහැදිලිව තිබියදීත් තවමත් මාෂා අතුකෝරාළට හෝ ඉසුරු නිවර්තනා අකරවිටට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක නොවීම ගැටලුවකි.

උපුටා ගැනීම නෙත් fm

අවසන් තරඟයේ හයේ පහරවල් වැස්සක් කල තරංග කුසලානය ගනිද්දී හැමෝම සංවේදී කරමින් පිටියේදීම කල දේ.

නායක උපුල් තරංගගේ අතිවිශිෂ්ඨ ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් පළාත් තරගාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට කොළඹ කණ්ඩායම සමත් විය. තරගාවලිය ආරම්භ වූ පළමු තරගයේදීත් අතිවිශිෂ්ඨ ශතකයක් රැස් කළ උපුල්, තරගාවලිය පුරා දස්කම් පාමින් සිය කණ්ඩායම අවසන් වටයට ගෙන ඒමට සමත් විය. අවසානයේ අවසන් මහා තරගයේදීත් ශතකයක් රැස් කළ උපුල්, ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සීමීත ඕවර පිතිකරුවා තමන් බව නැවතත් පසක් කරමින් සිය කණ්ඩායමට ජය ගෙන ආවේය.

කොළඹ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ආබාධයක් හේතුවෙන් අවසන් මහා තරගයට ක්‍රීඩා නොකළ නිසා කණ්ඩායමේ නායකත්ව වගකීම මෙන්ම කඩුල්ල පසුපස වගකීමද උපුල් තරංගට හිමි විය. ඒ සියලුම වගකීම් ඉතා හොදින් ඉටු කරමින් ඔහු කණ්ඩායමට ජය මාවත විවෘත කළේය.ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී දඹුල්ල කණ්ඩායම කඩුලු 7 කින් පරාජයට පත්කරමින් කොළඹ කණ්ඩායම මෙලෙසින් ජයග්‍රහණය වාර්තා කළේය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායමට රැස් කිරීමට හැකි වූයේ ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 163 ක් පමණි.

ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායම ඕවර 18.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් පසු කිරීමට සමත්විය. කොළඹ කණ්ඩායම වෙනුවෙන් තීරණාත්මක ඉනිම ක්‍රීඩා කළ උපුල් තරංග මෙම තරගාවලියේ දෙවැනි ශතකය පන්දු 53 කදී ලබාගැනීමට සමත්විය.

ඉනිම නිමාවනතෙක් කඩුල්ලේ රැඳී සිටිමින් කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය උපුල් තරංග පන්දු 55 කදී හයේ පහර 9 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 104 ක් රැස්කළ අතර මෙම තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත්වූයේ ලකුණු 414ක් රැස් කරමිනි.තරගාවලියේ දක්ෂම පිතිකරුවා සහ අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මාන ද්විත්වය හිමිකර ගැනීමට උපුල් තරංග සමත් විය.

මේ අතර ජයග්‍රාහී කුසලානය ලබා ගනිද්දි උපුල් තරංග විසින් කොළඹ කණ්ඩායමේ මුල් තරග සදහා නායකත්වය දුන් දිනේෂ් චන්දිමාල්ටද වේදිකාවට ආරාධනා කිරීම සංවේදි ක්‍රියාවක් විය. එය උපුල් තරංගගේ නිහතමානි ගුණය විදහාපාන්නක් බවට සමාජජාලාවන්හී ක්‍රිකට් රසිකයන් අදහස් දක්වා තිබුනි. කොළඹ කණ්ඩායමේ නායකත්වය දැරූ චන්දිමාල්, උපුල් දෙදෙනාම ගාල්ල අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් බිහිවූ ක්‍රීඩකයන් වීම විශේෂත්වයකි.

උපුටා ගැනීම nethgossip.lk

දවසක් පෙරහැරේ ගමන්කළ රාජා ඇතා එක තැන නැවතුනා.කරඬුව ගැන හිතුව ඇතා එහෙම නවතින්න හේතුව ඇසුවොත් ඔබ පුදුම වෙයි.

ශ්‍රී ලාංකික අපගේ පාරම්පරික උරුමය වන දළදා පෙරහැර සම්බන්ධ කටයුතු බොහෝ භාරදූර වගකීම් ය. එම වගකීම් බොහෝ විට උරුම වන්නේ පරපුරෙනි.

දළදා පෙරහැර වීථී සංචාරය කිරීමට සුදානම් වන විට දළදා සමිඳුන් ඇතුපිට වැඩමවාලන්නට රන්සිවි ගෙය බැඳීමද පරම්පරාවෙන් උරුම වන රාජකාරයකි. එම රාජකාරිය භාරව තිබෙන්නේ ඇහැලමල්පේ පරම්පරාවටය. දළදා පෙරහැර මංගල්‍ය ඇරඹූ දා සිට අද දක්වා සිව්සියවසකට වැඩි කාලයක් දළදා කරඬුව වඩම්මනු ලබන ඇත් රාජයාගේ පිටෙහි රන් සිවි ගෙය බඳිනු ලබන්නේ මේ ඇහැලමල්පේ පරපුරය.

එම පරපුරේ වර්තමාන රාජකාරි භාරව සිටිනා ජයතිස්ස බණ්ඩාර සිය වගකීම් පිළිබදව සතිඅන්ත පුවත්පතකට විස්තර කර තිබුනේ මෙලෙසින් ය.

“මගේ පියා පුංචිරාළ ඇහැලමල්පේ මිය ගියේ 1974. ඒ වෙද්දි මට වයස අවුරුදු දහඅටයි. ඒ කියන්නේ දැන් මගේ පුතා අනුෂ්කගේ වයසේ. මට වයස අවුරුදු දහයක් වෙන්නත් කලින් මම අප්පච්චිත් එක්ක යනවා රන්සිවි ගේ බඳින්න උදව් කරන්න . අප්පච්චි ගාථා කියනවා දකිද්දි මගේ ඇස්වලට කදුළු උනලා තියෙනවා. පරම්පරා රාජකාරියක් කියන්නේ ඇහින් දැක බලා කනින් අසා දැන අතින් කරනා හුරුවෙන් පවත්වා ගෙන යන්නක්. මම අප්පච්චිගේ අතේ එල්ලිලා යද්දි මං දන්නේ නැහැ ඊළඟට මේ භාරදුර රාජකාරිය පැවරෙන්නේ මට කියලා. නමුත් ජන්මෙන් එන පුරුද්දක් වගේ මම නිතැතින්ම ඒ රාජකාරියට දේවකාරියක් සේ හැඩ ගැහුණා. අවුරුදු දහඅටවෙද්දි මගේ හිත හයියයි. තනියම රන්සිවි ගෙය බඳින්න තරම් ශක්තියක් හයියක් මට තිබුණා. දළදා පෙරහැරට අමතරව මාලිගාවේ වෙසක්,පොසොන් හා කාර්තික මංගල්‍යයට තියෙන පෙරහැර වලදිත් මංගල හස්තිරාජයා සරසලා රන්සිවිගේ ඇතාගේ පිටේ බඳින්නේ මම.

ඇතාට ඇත් ඇඳුම අන්දනවාටත් වඩා වැදගත්ම දේ රන්සිවිගේ හොඳ පට්ටලේට ඇතාගේ පිටේ බඳින එක.රන්සිවිගේ තියන්න කලින් ඇතගේ පිටේ මෙට්ටයක් තියලා ඒක උඩ වත පුටුව බඳිනවා.වත පුටුව හම්පටි වලින් තද කරලා ඇතාගේ පිට සමබර කරන එක හැමෝටම කරන්න බැහැ.ඒකට හොඳ හුරුවක් තියෙන්නම ඕනෑ. ඇතාගේ බඩ යටින් ගෙන යන බද පටි වෙනමම පදම් කරලා හදලා තියෙන්නේ. ඒවා හොඳ ශක්තිමත්. වෙන කොහේවත් ඒ හම්පටි දකින්න නැහැ. ඇත් හැට්ටය දාලා තමයි රන්සිවිගේ තියන්නේ.ඒක ඇතුළේ විශේෂ ආසනයක තමයි සධාතුක කරඬුව තැනපත් කරන්නේ.. රන් සිවි ගෙය ඇතුළු කට්ටලයේ බර කිලෝ ග්‍රෑම් හාරසිය පනහක් පන්සියයක් පමණ වෙනවා. මේ බර ඇතා උඩ තබන්නේ නොසෙල්වී නොගැලවී හැතැප්ම තුන හතරක ගමනක් යා හැකි පරිද්දෙන්. වත පුටුව , මෙට්ටය , ඇත්සගල , නෙත්තිමාලය , කන්චාමර , කන්වැහුම්, බඳපටි , සහ රන්සිවි ගෙය කියන කට්ටලය මිලකළ නොහැකි වටිනාකමකින් යුක්තයි. රන්සිවි ගෙය තනා තිබෙන්නේ තනිකර රත‍්‍රං සහ රිදියෙන් . ඒවායෙහි සියුම් කැටයම් කැපූ ශිල්පියාගේ ශිල්පීය ඥානය ගැන සිතාගන්නවත් බැහැ.

දින දහයට නැකැත් දහයක් තියෙනවා රන්සිවි ගෙය තැන්පත් කරන්න. නැකතට අනුවයි දළදා වහන්සේ වැඩ සිටින කුටියෙන් පෙරහැර කරඬුව වැඩම කරන්නේ. ඒ වෙනකොට ඇතා සරසලා රන්සිවිගේ තැනපත් කරලා සියල්ල අවසන් කරලා තියෙන්නත් ඕන. දළදා මාලිගාවේ වාහල්කඩින් ඇතුළුවූ ගමන් දකුණු අත පැත්තට හැරෙන තැන තමයි ඇතා සරසන මණ්ඩපය තිබෙන්නේ. කරඬුව වැඩම කරවන ඇතා නාවලා ගෙනාවට පස්සේ, මට ඇතා සරසලා,වත පුටුව බැඳලා,රන්සිවිගේ තැන්පත් කරලා,ලයිට් සේට් කරලා වැඩ ඔක්කොම ඉවර කරන්න පැය එකහමාරක් විතර යනවා.රන්සිවිගේ පිච්ච මල් වලින් සරසලා ඇත්දළ වලට පිච්ච මල් මාලා පළඳවන්නේත් මගේ අතින්මයි. දැන් පුතාත් ඒවා ට උදව් වෙනවා. උඩමාලේ සිටි නිළමේතුමන් අතින් වැඩම කරන කරඬුව රන්සිවිගේ තිබෙන ආසනයේ තැන්පත් කරන්නේ කාරියකරවන කෝරාළ විසිනුයි. කරඬුව වැඩම කරන ඇතා දළදා මාලිගාවේ ප‍්‍රධාන වාහල්කඩින් ගමන් ආරම්භ කරලා යළි එම ස්ථානයට එනකල්ම මම ඇතා එක්ක හැමදාම පෙරහැරේ යනවා… පෙරහැර නරඹන මිනිස්සු සාධු නද නගද්දී මට දැනෙන්නේ මම මේ බුදුන් වහන්සේ වඩින මගෙහි ගමන් කරනවා යි කියන හැඟීම විතරයි.

රන්සිවි ගෙය හොඳින් තැන්පත් කරන්න නම් කරඬුව වැඩම කරන ඇතාට හොඳ පැතලි පිටක් තියෙන්න ඕන..අනාදිමත් කලක් සධාතුක කරඩුව වඩම්මපු රාජා ඒ වගේ ඇතෙක්. දැන් ඉන්න ඇත්තුන් ගෙන් ඒ වගේ ඉන්නේ දළදා මාලිගාවේ ඉන්දි රාජායි. නඳුන් ගමුවේ රාජා උස වැඩියි. කරඬුව බඳින්න ගොඩක් මහන්සි වෙන්න ඕන. ඇතාගේ සිරුර ලොකු වැඩි නිසා පෙරහැරේ යනකොට හොඳ හිරියක් ඇරියොත් රන්සිවිගේ ඇද වෙනවා. ඉන්දි රාජා මේ වැඬේට දැන් හොඳට පුරුදු වෙලා ඉන්නේ. මම අත යටින් බඳ පටිය දාන කොට ඉන්දි රාජා දන්නවා ඊළඟට මම මොකද කරන්නේ කියලා. ඉස්සර රාජා ඇතත් ඒ වගේ. පාවඬේ එලනකල් කරඬුව වඩමවා ගෙන ඉස්සරහට යන්නේත් නැහැ. පාවඬේ එලන්න ප‍්‍රමාද වුණොත් ඇතා කකුළ උස්සගෙන ඉන්නවා.ඉන්දි රාජාත් ඒ වගේ. හරියටම පාවඬේ මතින් ම යනවා.ඉන්දි රාජා තමයි දැන් අවුරුදු විස්සක් තිස්සේ කරඬුව වැඩම කරන්නේ. 2009 අවුරුද්දේ පෙරහැර දහයම කරඬුව වැඩම කළේ ඉන්දි රාජා. 2014 අවුරුද්දේ කොටුගොඩැල්ල වීදිය කෙළවරේදී දෑලේ ඇතෙක් ඉන්දි රාජාට ගැහුව්වා. ඒ මොහොතේ ඉන්දි රාජා ඉවසුවා කියලා මට තේරුණා . මොකද ඇස්පිල්ලන් ගහන වාර ගනන වැඩි වුණා. කරඩුව වඩම්මන වෙලාවේ සාදුකාරය නතර වෙන්නේ නැහැනේ. හැම ඇත් අඩියක් ඉස්සෙන වාරයකදීම සාදු නාදය අලූත් වෙනවා. ඇතාට මේවා තේරෙනවා.

ඉස්සර රාජා ඇතා දවසක් පෙරහැරේ ගමන් ගනිද්දි දළදා වීදියේදි එකවරම එක තැන නතර වුණා ඉද්ද ගැහුවාක් වගේ . මොනවා කරලාවත් ඇතාව හොලවාගන්න බැරිවුණා. අප්පච්චිත් කලබල වෙලා එහෙ මෙහෙ බැලූවා. නෙරංජන් නිළමේතුමා ඇතා ළගට ආවා. දැන් පෙරහැර ඇතාට ඉදිරි කොටස හිස්. ඒත් ඇතා නෙවෙයි හෙළවුණේ. නිළමෙතුමා ආවත් ඇතා හෙලවුණේ නැහැ. ඒ පාර අප්පච්චි රන්සිවි ගේ බඳ පටිය පරික්ෂා කළා. බලද්දි එක වරයක් බුරුල් වෙලා. ඇතාට දැනෙන්න ඇති රන්සිවි ගේ බිම වැටෙයි කියලා. ඒ නිසා තමයි නොසෙල්වී ඉඳලා තියෙන්නේ. තද කොට ගැට ගැහුවාට පස්සේ මෙන්න ඇතා බොහොම ගරු ගාම්භීර බවෙන් මිනිසුන්ට නොදැනෙන්න තරමක් වේගෙන් ගිහින් පෙරහැර සම්පූර්ණ කළා.

මේවා අතීත සැමරුම් වගේ. පෙරහැරේ යනකොට අලියා කුලප්පු වෙන්න පුළුවන්. කරඬුව ආරක්ෂා කිරීමේ වගකීම මටත් පැවරෙනවා. සමහර අලි ටික දුරක් ගිහින් ඇෙඟ් හිරි අරිනවා. එතකොට රන්සිවිගේ පැතතකට ඇල වෙනවා.එහෙම වුණාම පෙරහැරේ සදාතුක කරඩුව වෙනත් හැඩයක් ගන්නවා එය ගැලපෙන්නේ නැහැ. අපි කරන කාර්යය හරියට කරන්න ඕනෑ. බුද්ධ පූජාවක් කියන්නේ සසර මගට පින් පෙත් රැස් කිරීමක් විතරක් නෙවෙයි. පෙර භවයන්හි ලද පින පළදීමක් බවත් අපි දැනගන්න ඕනෑ.”

ඊයේ මෙලොවින් සමුගත් මෑණියන් වෙනුවෙන් සංවේදී වූ සුරාජ් මාපා මුහුණු පොතේ පලකල තිබු සංවේදී සටහන මෙන්න.

රංගන ශිල්පී සුරාජ් මාපාගේ මෑණියන් ඊයේ උදෑසන අභාවප්‍රාප්ත වුණා.ඒ මෑණියන්ගේ අවසන් කටයුතු හෙට දින (19) මහනුවර මහයියාව පොදු සුසාන භූමියේ සවස 04 ට පැවැත්වෙනවා.
තම මෑණියන්ගේ වියෝව නිසා සංවේදී වූ සුරාජ් මාපා මුහුණු පොතේ පලකල තිබු සංවේදී සටහන මෙන්න.පහත වීඩියෝව තුලින් නරඹන්න.

මේ වගේ බිරිඳක් ලැබීම මම හිතන්නේ මගේ වාසනාවට වූ දෙයක් කියල.සරස ප්‍රසංගය නැවතත් ආරම්භ කරන්න හේතුව වික්ටර් රත්නායක මහතා හෙළි කරයි.

ලංකාවේ ඉන්න දක්ෂ ගායකයෙක් තමයි ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් කියන්නේ.පසුගිය කාලේ වික්ටර් රත්නායක මහතා ගැන නොයෙක් නොයෙක් කතා පැතිරුණ.ස ප්‍රසංගය ගැන ,විවාහ වූ බිරිඳ පිළිබඳව විවිද කතා මැවුනා.මේ කියන්න යන්නේ ස ප්‍රසංගය නිමා කරලා සරස ප්‍රසංගය නව මුහුණුවරකින් පටන් ගන්න හේතුව ගැන කියන්න.දක්ෂ ගායක වික්ටර් රත්නායක මහතා මේ පිළිබඳව කියා තිබුනේ මේ වගේ වෙනස්ම කතාවක්.මෙන්න පහත වීඩියෝව තුලින් දැනගන්න ඒ හේතුව.

අතේ මුදල් නැති වුනත්..සෑම දවසකම කාගේ හෝ මලගෙදරකට සහයක් දෙන කලවානේ උතුම් සුනිල් මහතාගේ ජිවිත කතාව.

අප අවට සම්මජය පුදුමාකාරය. ඒ විවිධ හැසිරීම් සහ ගති ගුණ නිසයි. එවැනි දුර්ලභ, වටිනා සහ නියම මනුෂ්‍ය හදවතක් ඇති මිනිසෙකු කලවාන ප්‍රදේශයෙන් හමුවුනා. ඔහු “සුනිල්” නම් වේ. මේ ඔහුගේ කතාවයි. අහලම බලන්නකෝ…අවසානයේ ඔබ ඔහු ගැන තීරණය කරන්න.

ඩොලර් 300ක කෑම වේලක් අරගෙන ටිප් එක විදිහට ඩොලර් 1000ක් දීලා යන ලංකාවේ දැවැන්ත ව්‍යාපාරිකයා මෙන්න.

ෆෙස්බුක් සමාජජාලය කියන්නේ අදවෙනවිට නොදන්නා කෙනෙක් නැති තරම්’ පාසැල් යන වයස්වල දරුවන්ගේ සිට වයස්ගත මහළු පුද්ගලයින් දක්වාම අද ෆෙස්බුක් සමාජජාලය පරිහරණය කරනවා මේ අපි කියන්න යන්නේ ෆෙස්බුක් හි හිටපු ප්‍රවර්ධන අංශයේ ප්‍රධානියා චමත් පලිහපිටිය ගැනයි පහතින් බලන්න ඔහු ගැන කියවෙන වීඩියෝව..