හවස 6න් පස්සේ ගණිකාවන්ගෙන් පිරී ඉතිරි යන කොළඹ පෙදෙසේ වැඩිම පිරිසක් සිටින නගරයේ කරගෙන යන ජාවාරම මෙන්න.

“පාසල් වියේ දරුවන් පවා මත්ද්රව්ය අලෙවියට හවස හයෙන් පසු කොළඹ කුඩු අපරාධ ගණිකා රජදහනක්‌”

මත්ද්රව්යවලට ඇබ්බැහිවූවන් තුන්දහසක්‌ පමණ පුනරුත්ථාපනය කිරීමේදී හෙළිවූ තොරතුරු අනුව ගම්බද පළාත් වලින් රැකියා සඳහා අගනුවරට පැමිණි තරුණියන් විශාල පිරිසක්‌ මත්ද්‍රව්‍ය භාවිතයට පොළඹවාගණිකා වුර්ත්තියේ යොදවා ඇතැයි හෙළි වූ බව අන්තරායකර අව්ෂධ පාලක මණ්‌ඩලයේ පුනරුත්ථාපන අධ්යක්‍ෂක විශ්රාමික ජේෂ්ඨ නියෝජ්ය පොලිස්‌පති සිරිසේන හේරත් මහතා සදහන් කරනවා

මෙසේ පුනරුත්ථාපනය ලබන අය අතර රාජ්ය මෙන්ම පවුද්ගලික ආයතනවල සේවකයන් සිටින බවද ඇතැමුන් උසස්‌ තනතුරු දරන අය බවද හෙතෙම පවසනවාමේ අනුව සවස හයෙන් පසු අගනුවර ගණිකාවන් කුඩුලෝලීන් සහ අපරාධකරුවන් වැඩිපුර ගැවසෙන බවට තොරතුරු හෙළිවූ බවත් ඔහු සදහන් කරයිපාසල් වියේ දරුවන් පවා මත්ද්රව්ය අලෙවියට සම්බන්ධවී සිටින අතර රුපියල් 600 ක මත්කුඩු පැකට්‌ එක රුපියල් 800 ක්‌ වැනි මුදලකට විකුණා විශාල ලෙස ලාභ ලැබීමටමෙම ගැටවරයින් පුරුදුවී සිටින අතර ඔවුන්ද මත්ද්රව්ය භාවිතයට පෙළඹී සිටින බව හෙළිවී ඇතැයිද සිරිසේන හේරත් මහතා වැඩිදුරටත් පවසනවා

මරදාන දුම්රියපල අසල මෝදර කෙසෙල්වත්ත වැල්ලම්පිටිය බොරැල්ල ගල්කිස්‌ස බම්බලපිටිය යන පළාත් වල මත්ද්රව්ය ජාවාරම් මෙන්ම ගණිකාවන් ගැවසෙන බවද මෙතෙක්‌ කරන ලද පරීක්‍ෂණ අනුව හෙළිවූ බවත් සදහන්.

කෝටි ගණන් මුදල් හම්බකරත් තමන්ගේ මව මහපාරට දැම්ම ලෝකයක් දන්නා සුපිරි ක්‍රීඩකයෙක් කරපු අසමජ්ජාති වැඩේ බලන්නකෝ.

එංගලන්තයේ ආසනල් පාපන්දු කණ්ඩායම නියෝජනය කරන සුපිරි පාපන්දු ක්‍රීඩකයකු වන Ainsley Maitland-Nilesගේ මව ප්‍රසිද්ධ ස්ථානයක කුඩා පෙට්ටි කාමරයක ජීවත් වන පුවතක් එංගලන්ත මාධ්‍ය වාර්තා කරනවා. මව පවසන්නේ සුපිරි මන්දිරයක ජීවත්වන සිය පුතුට දැන් ඇති තරම් මුදල් තිබෙන බවයි.38 හැවිරිදි Jule Niles නම් Ainsley Maitland-Nilesගේ මව මාධ්‍ය වෙත ප්‍රකශ කර සිටියේ සතියකට මිලියන 5කට අධික අදායමක් ලබා සිය පුතු තමන්ට සැලකීම ප්‍රතික්ෂේප කල බවයි. පහතින් තිබෙන පින්තුර සහ වීඩියෝව නරඹන්න.

සුපිරි ක්‍රීඩක කුමාර සංගක්කාර ලක්ෂ ගණනක් වටිනා අතුරුපසක් නුවර එළියේ හොටෙල් එකකදී දුන්න හැටි.

කුමාර් සංගක්කාර කියන්නේ ලෝකයම දන්න බොහෝදෙනෙක් ආදරේ කරන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඊයේ ඔහුගේ ආදරණිය බිරිද යෙහාළිට ලක්ෂ ගණනාවක් වටිනා තෑග්ගක් පිරිනමා තිබෙනවා. ඒ කවුරුත් හිතන්නේ නැති දෙයක්. ඔහු ඇය වෙනුවෙන් වටිනා අතුරුපසක් ලබා දුන්නා කියලයි ආරංචිය.මෙන්න සියල්ල පහත විඩියෝවෙන් දැනගන්න.හම්මේ බලන්නකෝ ඒ අතුරුපසේ මිල කියාද කියලා.පිස්සු හැදෙනවා.

අද සිට ක්‍රියාත්මක වන කට වාහන සිනහ නොවන පින්තුරයේ නොදන්නා විස්තරය.

අද (01) සිට ඉල්ලූම් කරන නව ජාතික හැදුනුම්පත් සදහා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියෙන් යුත් ඡායාරූප ඉදිරිපත් කළ යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.අන්තර් කාලීන ජාතික හැදුනුම්පත නම් වූ නව තාක්ෂණයෙන් යුත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියට අනුකූල හා ඉතා සූක්ෂම ආරක්ෂිත ලක්ෂණවලින් සමන්විත ස්මාට් ( SMART ) කාඩ්පතක් හඳුන්වාදීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා.

මෙය දිගුකාලීන නව වැඩ පිළිවෙලක මූලික පියවරක් වන අතර ලෝකයේ දියුණු රටවල් පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා යොදා ගනු ලබන නව තාක්ෂණය ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ද හඳුන්වා දීම සඳහා සිදු කරනු ලබන වැඩ පිළිවෙලක් . ඒ අනුව මෙම තාක්ෂණික හැඳුනුම්පත නිකුත් කිරීම මඟින් පුද්ගල අනන්‍යතාවය වඩාත් නිවැරදිව හා විශ්වසනීය භාවයෙන් යුක්තව තහවුරු කළ හැකි වනු ඇත.

1972 සැප්තැම්බර් මසදී මුල් වරට අතින් ලියා නිකුත් කරන ලද හැදුනුම්පත සඳහා හා 2014 පෙබරවාරි 28 වැනි දින සිට සිංහල හා දෙමළ භාෂාවෙන් පරිගණක තාක්ෂණය ඔස්සේ මුද්‍රණය කර නිකුත් කරන ලද හැඳුනුම්පත සඳහා ද යොදා ගත් ආරක්ෂිත කාඩ්පත් ක්‍රමය මේ දක්වා පැවතුන ද එම සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව නව තාක්ෂණික කාඩ්පතක් ඔස්සේ නව මුහුණුවරකින් මෙම අන්තර් කාලීන ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට තීරණය තිබෙනවා.

මෙහි පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා කාඩ්පතෙහි මුද්‍රණය කරනු ලබන දත්ත සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මුද්‍රණය කිරීමත් , ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියෙන් (ICAO) යුතු ඡායාරූපයක් සහිතව නිකුත් කිරීමටත් කටයුතු කරනු ලබනවා.

ඒ අනුව නව ඡායාරූපයේ ප්‍රමිතීන්
* ඡායාරූප ප්‍රමාණය මි.මී.35 පළල මි.මී.45 උස විය යුතු අතර ඡායාරූපයේ ප්‍රමිතිය පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් සපයනු ලබන මෘදුකාංගය හෝ උපදෙස් අනුව විය යුතුය.
* මුහුණ ඇස් විවෘතව හා පැහැදිලිව පෙනෙන පරිදි ද, මුඛය වසා සිනහවීමෙන් තොරව ද, කිසිදු හැඟීමක් පළ නොකරන මධ්‍යස්ථ ඉරියව්වෙන් යුක්තව ද වියයුතුය.
* හිසකෙස් මුහුණට නොවැටෙන පරිදි තිබිය යුතු අතර මුහුණේ කෙලවර තෙක් පැහැදිලිව දිස්විය යුතුය.
* (අදාළ වේ නම්) ඇස් කණ්නාඩි වීදුරුවලින් කිසිදු ප්‍රතිබිම්භයක් දිස් නොවිය යුතුය.
* කාච තුළින් ඇස් පැහැදිලිව දර්ශනය විය යුතු අතර පැහැදිලි කාච (අඳුරු නොකරන ලද) පමණක් පැළදිය යුතුය.
* ආලෝකය ඒකාකාරි වියයුතු අතර සෙවනැලි, දිලිසීම හෝ ක්ෂණිකාලෝක පරාවර්තන දර්ශනය නොවිය යුතුය.
* නිරාවරණය හා ඡායාරූපයේ සුදු පැහැයේ තුලනය අයදුම්කරුගේ සමේ ස්වභාවික වර්ණ සංයෝගය පිළිබිඹු කළ යුතුය.
* ඡායාරූපයට පෙනී සිටින ආකාරය, කැමරාවට කෙළින්ම මුහුණලා, මුහුණ හා උරහිස් ඡායාරූපයේ මැද පිහිටන පරිදි විය යුතුය.

* පසුතලය ඒකාකාරිව, පැහැදිලිව ආකෘතික ස්වරූපයෙන් තොරව, ලා නිල් වර්ණයෙන් තිබිය යුතුය.
* පිලිබිඹුව පැහැදිලි තියුණු සහ නාභිගත විය යුතුය.
* වෘත්තීමය මුද්‍රණ රසායනාගාරයක් භාවිත කරමින් ඡායාරූප වර්ණයෙන් මුද්‍රණය කර තිබිය යුතුය.
* ඡායාරූපය කිසිදු ආකාරයකින් වෙනස් කර නොතිබිය යුතු අතර එම ඡායාරූපය අයදුම්කරුගේ ස්වභාවික තත්ත්වය පිළිබිඹු කරන ඡායාරූපයක් විය යුතුය.

2015.12.22 දිනැති අංක 1946/31 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2015 පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) නියෝගවලින් උපුටා ගන්නා ලදී.මෙම ප්‍රමිතියෙන් යුතු ඡායාරූප ලබා ගැනීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඡායාරූප ශාලා වෙත යොමුවිය යුතුයි. ඒ සඳහා ඡායාරූප ශාලා 1900 ක් වෙන්කර ඇති අතර එම ස්ථාන පහත වෙබ් අඩවියට පිවිසීමෙන් හඳුනා ගත හැකියි.

http://www.drp.gov.lk/Templates/Artical%20-%20Sinhala%20Studio.html

උපුටා ගැනීම hirunews.lk

කලිනුත් ඝාතනයක් කරමින් රක්වාන උසස්පෙළ සිසුවිය, ඝාතනයේ සුලමුල හෙළිවෙයි.මෙන්න බලන්නකෝ මු කරලා තියෙන දේ.

රක්වාන බටේයාය ප්‍රදේශයේදී 19 හැවිරිදි උසස් පෙළ සිසුවියක ඝාතනය කර ඇත්තේ මත්පැන් පානය සඳහා මුදල් සොයාගැනීමේ අරමුණින් බවට අනාවරණ වී තිබෙනවා.

ඒ මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පොලීසියට කරන ලද පාපොච්චාරණයකට අනුවයි.තනිව නිවසේ සිටි 19 හැවිරිදි මෙම උසස් පෙළ සිසුවිය සැකකරු ඝාතනය කර තිබුණේ ඉකුත් 24 වනදායි.

මව ජිවතුන් අතර නැති අතර පියා තේ දළු නෙළීම සඳහා ගිය අවස්ථාවේදී නිවසේ පාඩම් කරමින් සිටි මෙම සිසුවිය සැකකරු ඝාතනය කර තිබුණේ ගෙළ කපා දැමීමෙන්.සැකකරු ඇය සතුව තිබූ රුපියල් 210 ක මුදලක්, ජංගම දුරකථනයක් සහ රිදී පැහැති මාලයක කොටසක් කොල්ලකා තිබුණා.

කෙසේ වෙතත් පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මොහු අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහිව සිටි පුද්ගලයෙකු බවයි. ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමේ අරමුණින් මියගිය සිසුවිය සිටි නිවසට පැමිණ ඇති බවත්, හෙළිව තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මීට වසරකට පෙර තවත් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙකු බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට ලක්වූ සිසුවිය දූෂණයට ලක්ව ඇති බවට මුලදී සැක කළත් රත්නපුර මහ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙලිව ඇත්තේ ඇය එලෙස දූෂණයට ලක්ව නොමැති බවයි. කෙසේ වෙතත් මෙම සැකකරු ලබන මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

උපුටා ගැනීම hirunews.lk