ජනබලයට පැමිණි ජනතාවට බෙදපු කිරි වල ප්‍රශනයක්.රටේ ආන්දෝලනාත්මක ලෙස කතා වන සිද්දිය මෙන්න.

පසුගියදා (05) කොළඹදි පැවැති ‘ජනබලය කොළඹට’ විරෝධතාවයේදී ආහාර විෂ වූ විරෝධතාකරුවන් පිරිසක් රෝහල් ගත කර තිබුනා. දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් මෙලෙසින් අසාමිත්කතාවයක් හේතුවෙන් රෝහල් ගත කළ අතර එහි පසුපස ඇති සිදුවීම මේවන විට හෙළිවී තිබෙනවා.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිට පැමිණි මෙම බස් රථයට නාඳුනන පුද්ගලයෙක් පැමිණ විරෝධතාකරුවන්ට බෙදා ගැනීමට යැයි කියා කිරි පැකට් තොගයක් ලබා දී තිබෙනවා. ඉන්පසු එම පුද්ගලයා වහාම එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

මෙම කිරි පැකට් පානය කළ පුද්ගලයන් අසනීප වී තිබෙන අතර ඔවුන් සියලුම දෙනා රෝහල් ගත කර තිබුනා. වැඩිදුර පරීක්ෂා කිරීමෙන් හෙළිවූයේ මෙම කිරි පැකට් සිඳුරු කර එයට යම් ද්‍රව්‍යයක් මිශ්‍ර කර නැවතත් සූක්ෂමව ගම් වර්ගයකින් එම සිදුර වසා දමා තිබෙන බවයි. තවදුරටත් වාර්තා වන්නේ “ජන බලය කොළඹට” විරෝධතාවයට පැමිණි පිරිසට නාඳුනන පුද්ගලයන් පිරිසක් පාන් තොගයක් බෙදා ඇති බවත්, ඒවා ආහාරයට ගත් විරෝධතාකරුවන්ද අසනීපව සිටින බවයි.

මේ අතර විරෝධතාවයට සහභාගී වූ පුද්ගලයෙක් මිය ගොස් තිබෙනා අතර ඔහුගේ මරණයට හේතුව හෘදයාභාදයක් යැයි පැවසුනද විරෝධතාවකරුවන් චෝදනා කරන්නේ එම පුද්ගලයා මිය ගියේ ආහාර විෂ වීමෙන් බවයි.

මේ පිළිබදව අදහස් දක්වන එම විරෝධතාකරුවන්ට නායකත්වය ලබා දුන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රියන්ත සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් පවසන්නේ මෙම කඩාකප්පල්කාරී ක්‍රීයාව රජය විසින් සිදු කළ ක්‍රියාවක් බවයි.වැඩිදුරටත් අදහස් දක්වන මන්ත්‍රීවරයා “අපට සැක හිතන්නට වෙනවා මේක රජයෙන්ම කළා කියලා, කිරි පැකට් එකට කුමක් හෝ මිශ්‍ර කර කරලා බෙදලා තියෙනවා” යනුවෙනි.

උපුටා ගැනීම nethgossip.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *