දරුවෙකුගේ සැත්කමක් යැයි පවසා මහජනතාවගෙන් මුදල් ගැරූ තිදෙනෙකුට වැඩ වැරදුන හැටි.

රුවන්වැල්ල ප්‍රදේශයේ අවුරුදු 13 ක දරුවෙකු මස්පිඩු දියවීමේ රෝගයකින් පීඩා විඳින බව පවසමින් එම දරුවාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් බව පවසමිනුයි සැකකරුවන් මුදල් එක්රැස් කර තිබෙනවා.මෙලෙස දරුවාගේ නම විකුණා මුදල් වංචා කළ කාන්තාවක් ඇතුලු 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මස්පිඩු දියවීමේ රෝගයකට ලක්ව සිටි දරුවා පසුගිය පෙබරවාරි මස 24 වනදා මරණයට පත්වී ඇති අතර ඉන් පසුව ද සැකකාර කාන්තාව ඇතුලු පිරිස අවස්ථා කිහිපයකදී මෙලෙස මුදල් රැස්කර ඇති බවට පොලිසිය හෙළිකරගෙන තිබෙනවා. අවුරුදු 40, 39 සහ 70 වයස්වල පසුවන සැකකරුවන් රුවන්වැල්ල සහ දැරණියගල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

40 හැවිරිදි පුද්ගලයා 39 හැවිරිදි කාන්තාව විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවු අයෙක් බවට ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණ කරගෙන තිබෙනවා. 70 හැවිරිදි සැකකරු අදාළ කාන්තාවගේ ඥාතියෙකු බව ද සඳහන්.

මෙලෙස මුදල් ගැරූ සැකකරුවන් තිදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

උපුටා ගැනීම hirunews.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *