මහපාරේ එළවලු විකුණා ජිවත් වූ අහිංසක පුද්ගලයාට රුපියල් 35000ක් වටිනා එළවලු තොගය අහිමි වුන හැටි.

පානදුර ලංගම බස් නැවතුම්පළ අසළ එලවලු කරත්තයක එලවලු විකුණමින් සිටි තරුණයෙකුගේ එලවලු තොගය පොලීසිය විසින් බිමට ඇද දැමූ පුවතක් වාර්තා වෙනවා. ඒ එම ස්ථානයේ වෙළදාම් කිරීම නීතිවිරෝධි බව පවසමින්.

එම එලවලු තොගය නිසිලෙස ඉවත් කර ගැනීමට බලධාරීන් විසින් ඉඩ නොදි එම එලවලු බිම දැමු බවට සමාජජාලා මාධ්‍ය වල පානදුර පොලීසියට චෝදනා එල්ල වනවා. මෙම අවස්තාවේදී දැඩි ලෙස ආවේගශීලීව අදහස් දක්වන තරුණයා පවසන්නේ තමන් නිත්‍යානුකූල ලෙස ව්‍යාපාරයක් කරමින් ජීවත් වීමට උත්සාහ කළ විට බලධාරීන් ඊට ඉඩ නොදුන් බවද එම ස්ථානයේම මත් කුඩු, කංසා ආදි නීති විරෝධි ව්‍යාපාර වල යෙදෙන පුද්ගලයන්ට බලධාරීන් කිසිදු පියවරක් නොගන්නා බවයි.තමන් මින් පසු කුඩු විකුණන බවටද එම තරුණයා කියා සිටියා.

මේ පිළිබදව සමාජජාලා මාධ්‍යයන්හි අදහස් දක්වන සමාජජාලා ක්‍රියාකාරීකයන් පවසා තිබුනේ බොහෝ ජාවාරම්කරුවන්ගේ ආරම්භයට මෙවැනි සිදුවීම් බලපාන බවත්, සමාජ අසාධාරණය හේතුවෙන් ඔවුන් එම තැනට පත් වන බවත් ය.

පොලීසිය ඇතුලු බලධාරීන් බොහො විට අහිංසකයන් අපරාධකරුවන් බවට පත් කරන බවටත් චෝදනා එල්ල කර තිබුනා. මෙම තරුණයාට වහාම සාධාරණය ඉටු විය යුතු බවටත් සමාජජාලා මාධ්‍යන්හී අදහස් පළව තිබුනා.

උපුටා ගැනීම nethgossip.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *