15 හැවිරිදි පුතාව බරපතල ලෙස ලින්ගික අපයෝජනය කල අසහනකාරී පුංචි අම්මාට ජිවිතේ අමතක නොවන පාඩම මෙන්න.

වයස අවුරුදු 15ක පමණ බාල වයස්කාර තම ඥාති පුතා බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ ඔහුගේ පුංචි අම්මා කෙනකු චෝදනා තුනකට වරදකාරියක බව නිගමනය කළ අනුරාධපුර විශේෂ මහාධිකරණය ඇයට වසර 21ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

එක් අධිචෝදනාවකට වසර හත බැගින් වෙන් වෙන් වශයෙන් බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කෙරුණු අතර 21 වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම වසර 7කින් ගෙවී යාමටද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියෝග කළේය. ඊට අමතරව අධිචෝදනා තුනට වෙන් වෙන්ව රුපියල් 500 බැගින් විත්තිකාරියට දඩ නියම කළ විනිසුරු ඇයට මාස 3 බැගින් වෙන් වෙන් වශයෙන් සිර දඬුවම් නියම කෙරිණි.2007 වසරේ ජූලි මස 10 වන දින සහ 2008 වසරේ ජූනි මස 31 වන දින අතර කාලයේ අනුරාධපුර මහාධිකරණ බල ප‍්‍රදේශයට අයත් මරදන්කඩවලදි විත්තිකාරිය මෙම වරද සිදු කර ඇති බවට ලංකා දන්ඩ නීති සංග‍්‍රහයේ 365 ආ (2) ආ වගන්තිය ප‍්‍රකාරව අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකාර කාන්තාවට එරෙහිව අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

බාල වයස්කාර පිරිමි දරුවකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ වරදකට කාන්තාවකට මෙරට මහාධිකරණයකින් මෑත කාලයේ 21 වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළ ඉතිහාසයේ ප‍්‍රථම අවස්ථාවද මෙයවීම විශේෂත්වයකි.

උපාලි ආනන්ද)
උපුටා ගැනීම lankadeepa.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *