පදියතලාවේ කපල් එකක් කැලයක පෙම්සුව විඳිමින් සිටියදී පෙම්වතාට පහර දී පෙම්වතියට තරුණයන් පස් දෙනෙකු කල අපරාදය මෙන්න.

පෙම්වතුන් යුවළක් බියවද්දා, පෙම්වතාට පහරදී පෙම්වතිය සමූහ දූෂණයට ලක් කළ බවට සැකපිට තරුණයන් පස් දෙනෙකු ඊයේ (12) අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලීසිය පවසනවා.මෙලෙස අත්අඩංගුවට පත්වූයේ, 17 සිට 25 වයස් කාණ්ඩයේ පසුවන 49 කණුව ප්‍රදේශයේ පදිංචි තරුණයන් පස්දෙනෙක්.

පදියතලාව ප්‍රදේශයේ පදිංචි වයස 17 ක තරුණියක් මහියංගන දියබානා වැව ප්‍ර දේශයේ වන ලැහැබක පෙම් සුව විඳිමින් සිටියදී ප්‍ර දේශයේ තරුණයන් පස් දෙනෙකු පැමිණ පෙම් යුවළට බලපෑම් කර බියවද්දා පෙම්වතාට පහර දී පෙම්වතිය බලහත්කාරයෙන් කැලය මැදට ගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර තිබෙනවා.තරුණිය සති අන්ත උපකාරක පංති යන මුවාවෙන් පෙම්වතා සමග මෙලෙස පැමිණි අවස්ථාවේදීයි මේ සිදුවීම වී ඇත්තේ.

අගතියට පත් තරුණිය පදියතලා රෝහලටත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගණ මූලික රෝහල වෙත මාරු කර තිබෙනවා.

උපුටා ගැනීම gossip.hirufm.lk

පරම්පරාවේ අය අවුරුදු 33කින් මරණයට පත් වන දරුපටවුන් 9 දෙනෙකු අන්ත අසරණ වූ මැල්සිරිපුර පවුලේ සංවේදී කතාව.

එකම පවුලක ජීවත්වන පිරිසක් වයස අවුරුදු 30 සිට 33 ත් අතර කාලයේදී ජීවිතක්ෂයට පත්වන ඉතා අවාසනාවන්ත පුවතක් මැල්සිරිපුර, පන්ලියද්ද, හැවනතැන්න ගම්මානයෙන් අසන්නට ලැබෙනවා. මෙලෙස වයස අවුරුදු තිහක්, තිස්තුනක් වන විට ජීවිතක්ෂයට පත්වන්නේ එකම පවුලේ පරම්පරා දෙකක පුද්ගලයන් වන බවයි වාර්තා වෙන්නේ. මේ හේතුව නිසා ඔවුන්ගේ දරු මුනබුරන්ද ඉතා අසරණ තත්වයට පත්ව සිටිනවා.මොවුන්ගේ සංවේදී කතාව නරඹන්න ඇත්තටම ඇසට කඳුලක් උනනවාමයි.පහත විඩියෝවෙන් දැනගන්න.

සොසේජස් කෙසෙල් ගෙඩි දැක්කේ පස්සේ.කලින් දන්නවා නම් කැමරා කුඩු කරනවා.සුපිරි නළු විල්සන් කරූ ඉරාජ්ගෙන් ගේම ඉල්ලුව හැටි.

ඉරාජ්ගේ මියුසික් වීඩියෝවක රංගනයෙන් දායක වූ ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරූ පසුගිය දවස්වල බොහෝ දෙනගේ කතාබහට ලක් වුණා.
ඒ ගායන ශිල්පී වික්ටර් රත්නායකයන්ට අපහාස වන අයුරේ රංගනයක නිරත වීම නිසා. නමුත් ඔහු මේ ගැන සතිඅන්ත පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් කියලා තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්..

විල්සන් කරූ කියන නළුවා සිනමාවට පැමිණීම අහඹු සිදුවීමක් කියලයි අපි අසා තිබෙන්නේ. එය ඇත්තක්ද?
ඇත්තටම මම නළුවෙක් වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නොවෙයි. සුදාර් මතිස් අධ්‍යක්ෂණය කළ “හදවත් නැත්තෝ” චිත්‍රපටයේ රොබින් ප්‍රනාන්දු එක්ක සටන් ජවනිකාවකට සුදුසු නළුවෙක් හොයනකොට අපේ ගෙවල් පැත්තේ හිටපු සිනමා තිරනාටක රචකයකු වන පුණ්‍යදාස බුලත්සිංහල මහතා තමයි මම ගැන කියලා තියෙන්නේ. ඒ අනුව මම ඒ අධ්‍යක්ෂවරයා හමු වුණා. ඒ විදියට තමයි මගේ ගමන පටන් ගත්තේ. ඒ 1972 අවුරුද්දේ.

එදා මෙදා තුර ඔබ රඟපෑ නිර්මාණ ගැන කතා කළොත්?
මම චිත්‍රපට 250ක විතර රඟාපාලා තිබෙනවා. ටෙලි නාට්‍ය 15ක විතර රඟපාලා තියෙනවා. Music video එකකත් රඟපෑවා.

ඒ අතරින් වඩාත්ම සතුටක් ලැබුවේ කුමන නිර්මාණයකට සම්බන්ධ වෙලාද?
මාලනී ෆොන්සේකාගේ “සසර චේතනා” චිත්‍රපටයේ නිකලස්ගේ චරිතය තමයි මගේ රංගන ජීවිතයේ වැඩියෙන්ම තෘප්තියක් ලැබූ චරිතය. ඒ රංගනයට ඒ වසරේදී රංගන කුසලතා සම්මානයකුත් ලැබුණා. ඒ චරිතය ගැන ඒ දවස්වල බොහෝ දෙනා අතරේත් කතා බහට ලක් වුණා.

ඔබ රඟපෑ එකම එක Music video එකත් සමාජය තුළ දැඩි කතා බහට ලක් වුණා. ඒ රංගනය ගැන අද ඔබ සතුටු වෙනවාද?
රඟපෑ චිත්‍රපට 250 හා ටෙලි නාට්‍ය 15 ගැන නම් සතුටු වෙනවා. හැබැයි රඟපෑ එකම එක Music video එක ගැන නම් කිසිම සතුටක් නැහැ.

එතකොට ඔබ ඔය කියන මියුසික් වීඩියෝ එකේ රඟපෑවෙත් අසතුටින්ද?
රඟපාන්න යන විටදීවත් රඟපාන විටදීවත් කිසිම අසතුටක් තිබුණේ නැහැ. ඒත් ඒ Music video එක නිකුත් වෙලා හතරවටින් ප්‍රතිචාර එද්දි තමයි ඒ දුක ඇතිවුණේ.
ඒ Music video එක වික්ටර් රත්නායකගේ ජීවිත කතාව බවට හැම තැනම ප්‍රචාරය වෙද්දී තමයි මමත් ඒක බැලුවේ. සොසේජස් දර්ශන, කෙසෙල් ගෙඩි දර්ශන දැක්කේ ඒ වේලාවේ. වික්ටර් රත්නායකයන්ව මමත් කිරුළපන ප්‍රසංගවලට කැඳවා තිබෙනවා. ඒ දරුවොත් මට හිතවත්. එතුමාට අපහාස වන නිර්මාණයකට කියලා දන්නවා නම් මම එතැන ඒ කටයුත්ත කරපු හැමෝටම ගහලා කැමරා ආම්පන්නත් ‍පොඩි කරලා තමයි එතනින් එන්නේ.

ඒ කියන්නේ ඉරාජ් ඔබව රැවැට්ටුවා?
ඔව්, ඒ ගැන මම එයාගෙන් ඇහුවා. එයා කියනවා මේක වික්ටර්ට අපහාස කරන්න කරපු video එකක් ‍නෙවෙයිලු. ඒක වික්ටර්ගේ කතාවට සම්බන්ධ කරගෙන තියෙන්නේ බලන අයලු.

අද සිදුවන මේ වගෙ දේවල් දකින විට ඔබට එදා සිනමාව ගැන මොකද හිතෙන්නේ?
එදා අපි ෂුටිං ගියේ විනෝද ගමනක් යනවා වගේ. හරිම සතුටින් තමයි ලොජ් වෙලා හිටියේ. අපි “සංඛපාලි” රූගත කරද්දී ඊට ටිකක් දුරින් තමයි “බඹරු ඇවිත්” කළේ. සමහර දාට විජය, කලං එහෙම බඹරු ඇවිත් ෂුටිං ඉවර වෙලා, රෑට අපි ඉන්න හොටෙල් එකට එනවා. රෑ 2 විතර වෙනකල් සින්දු කියලා විනෝද වෙලා යන්නේ.

අද නළු නිළියන් හා එදා සිටි නළු නිළියන් අතර වෙනස ඔබ දකින්නේ කොහොමද?
දක්ෂ අය අදත් ඉන්නවා. ඒත් එදා තිබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර අද නැහැ. අද චිත්‍රපටයක් ටෙලි නාට්‍යයක් ෂූටිං කරන්න ගියාම පාරේ යන අය ඒ දිහා බලල හැරිලා යනවා. ඒත් එදා ගාමිණි ෆොන්සේකා, මාලනී ෆොන්සේකා, එනව කියලා දැන ගත්තම පළාතේ අය පිරෙනවා. බයිසිකල් දහස් ගණනක් එක පෙළට නවත්තලා මිනිස්සු කට්ටිය නැවතිලා ඉන්නවා. හෝට‍ලේට එනවා. බයිසිකල් බලාගන්න වෙනම අය ඉන්නවා. ඒ අය ඒ කටයුත්ත කරලා දවසට ලොකු ගාණක් එකතු කරගන්නවා.

ඒ කා‍ලේ රූගත කිරීම්වලට ගියාම අමතක නොවන අත්දැකීම්වලට මුහුණ දෙන්නත් ඇති නේද?
ඒ වගේ අවස්ථා නම් ගොඩක් තියෙනවා.

එකක් දෙකක් කියන්නකෝ බලන්න?
“සංඛපාලි“ රූගත කළේ වැල්ල ආශ්‍රිත ප්‍රදේශයක. දවසක් අපි ෂූටිං කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඔය වෙලාවේ ඒ පළාතේ චණ්ඩි වගයක් ඇවිත් අපේ නිළියන්ට ගල් කැටවලින් ගහන්න පටන් ගත්තා. ගාමිණී ෆොන්සේකා මහත්තයා ඒ අය ළඟට ගිහින් කාරුණිකව කතා කරලා කිව්වා. ඒ වැඩේ නවත්වන්න කියලා. ඊට පස්සේ ඒ අය අපිත් එක්ක ගැටුමට ආවා. ගාමිණී මහත්තයයි මමයි ඒ චණ්ඩින්ට පන්න පන්නා පහර දුන්නා. ඊට පස්සේ ඒ බොරු චණ්ඩි පැත්ත පළාතේ ආවේ නැහැ.

ඔබ සැබෑ ජීවිතේදීත් චණ්ඩියෙක්ලු නේද?
ඉස්කෝ‍ලේ 2-3 පන්තිවල ඉඳන් හැමදාම ගෙදරට නඩු එනවා. කාට හරි ගහලා. හැබැයි කවදාවත් අසාධාරණ කම් කරලා නැහැ. කාට හරි අසාධාරණයක් වුණොත් මම ඊට විරුද්ධව සටන් කරනවා.

සිනමාවේදී හැමදාම දුෂ්ටකම් කරද්දී රසිකාවියන්ගේ ආදරය ලැබෙන්නේ නැහැ නේද?
අහිංසක පිරිමින්ට කැමති ගැහැනුත් ඉන්නවා. දඩබ්බර චණ්ඩින්ට කැමති ගැහැනුත් ඉන්නවා. මට කැමති රසිකාවියොත් හිටියා. ආදරය ඉල්ලලා විවාහ යෝජනා කරලා ලියුම් එවපු ගෑනු ළමයිනුත් හිටියා.

නිළියන්ගෙන් ආදර යෝජනා ඇවිත් නැද්ද?
නැහැ. ඒ හැමෝම මගේ යාළුවෝ.

ජීවිතය තනිකඩව ගෙවීම ගැන අද මොකද හිතෙන්නේ?
මම යාළු මිත්‍රයෝ වට කරගෙන ඉන්න කෙනෙක්. මේ නිදහස විඳින්නේ තනිකඩව ඉන්න හින්දා කියලා හිතෙනකොට සතුටක් දැනෙනවා. ඒත් ගෙදරදී තේ එකක් බොන්න හිතුනම තනියමනේ තේ එක හදාගන්න වෙන්නේ. ඒ වගේ වෙලාවට නම් හිතෙනවා බිරිඳක් හිටියා නම් හොඳයි කියලා. හැබැයි ඉතින් විවාහ නොවී සිටීම ගැන නම් මම පසුතැවෙන්නේ නැහැ. තනිකඩව ජීවිතය ගෙව් එකම කෙනා මම ‍නෙවෙයිනේ.

සාරංග ගැන කිව්ව නිසා දිනිතිගේ මින් පෙර නොඇසූ රහසක් එලියට පනී.

මේ දිනවල ටෙලි නාට්‍ය වල දක්නට ලැබෙන කෙනෙක් තමයි දිනිති කියන්නේ.එහෙමත් නැත්නම් අභිෂේකා කියන්නේ.ඇය පසුගිය දිනක කිව්ව කතාව මේ වන විට බුකියේ ආනොලනාත්මක කතාවක් වෙලා.මේ ඇය සමග තිබු සංවාදයේදී ඇය කිව්ව කතාව.මේ කතාව අතර සාරංග ගැන කිව්ව අවස්ථාවේ කිව්ව දේ මේ වන විට කතාබහකට ලක් වෙලා.

ගුවන් සේවිකාවක්‌ වුණ දිනිති රඟපෑමට ආවේ ඇයි ?
පුංචි කාලේ ඉඳන් මට රඟපෑමට ආසාවක්‌ වගේම හැකියාවත් තිබුණා. ඉතිං අවස්‌ථාවක්‌ ලැබුණා. ඒක භාර ගත්තා

ඔබ ගුවන් සේවිකාවක් වුණේ කාගේ වුවමනාවකටද?
මගේ වුවමනාවට. ඒ දේට කවුරුත් කැමැති වුණේ නැහැ. මගේ ආසාව නිසා තාත්තා මට ඉඩ දුන්නා.

හාර කෝටියට සම්බන්ධවෙන්න ලැබුණේ ?
මගේ අයියාගේ මිතුරෙකුගේ මාර්ගයෙන් ස්‌වර්ණවාහිනී ආයතනයේ චාමර අයියාව හමු වුණා. ඔහුගේ මාර්ගයෙන් තමයි මේ අවස්‌ථාව ලැබුණෙ.

දිනිති බොහොම පුංචි කාලේ රඟපෑමට ආවා කියලත් ආරංචියි ?
ඔව්. අක්‍ෂරය තමයි මගේ මුල්ම චිත්‍රපටය.

අක්‍ෂරය චිත්‍රපටයේ රඟපෑවාට ගෙදරින් බැණුම් ඇහැව්වේ නැතිද?
නැහැ. මම පුංචි දරුවෙකුගේ චරිතයක්‌ තමයි කළේ. ඒ හින්දා ප්‍රශ්නයක්‌ වුණේ නැහැ

ඊට පසුව මොකද වුණේ ?.
අධ්‍යාපන කටයුතු හින්දා මම ඒ වෙනුවෙන් තමයි මූලිකත්වය දුන්නේ. ඊට පසුව උසස්‌ අධ්‍යාපනයට බැංගලෝර් බලා පිටත්වුණා.

හාර කෝටියේ අභිෂේකාට ලැබෙන ප්‍රතිචාර ?
හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පොඩි දරුවෝ ගොඩක්‌ දෙනෙක්‌ මට ආදරෙයි.

ලාරාට අභිෂේකාව ලැබෙයිද?
ලාරා තමයි අභිෂේකා පස්‌සේ යන්නේ. ඒ ගැන ඉදිරියේදී බලමු.

දිනිතිට හදිසියේවත් සාරංගගෙන් සැබෑවටම ආදර යෝජනාවක්‌ ආවොත් ?
මට පෙම්වතෙක්‌ ඉන්නවා.

ඒ කියන්නේ දිනිති පෙම්වතියක්‌ ?
ඔව්. මම පෙම්වතියක්‌.

පෙම්වතාගේ විස්‌තර ?
ඒක දැනගන්න ඕනෑ කාලයට දැන ගන්න ලැබේවි.

රඟපෑමට පෙම්වතාගෙන් විරුද්ධත්වයක්‌ නැතිද?
ඔහුගෙන් මට උදව් මිසක්‌ විරුද්ධත්වයක්‌ නැහැ.

දිනිති නිළියක්‌වීම පෙම්වතාට ප්‍රශ්නයක්‌ නෙමෙයි?
නැහැ. එහෙම ප්‍රශ්නයක්‌ නෙමෙයි. එයා දන්නවා මම සීමාවන් ඉක්‌මවා වැඩ කරන්නේ නැහැ කියලා.

ගුවන් සේවිකාවක්‌ වුණ දිනිති රඟපෑම ගැන මොකද හිතන්නේ ?
හොඳයි. මම රඟපෑමට වගේම මගේ රැකියාවටත් ආසයි. ඒ හින්දා ඒ දෙකම කැමැත්තෙන් කරන්නේ.

ගුවන් සේවිකාවගේ වෘත්තියෙන් ඈත්වෙලා වෘත්තීය නිළියක්‌ වෙන්න අදහසක්‌ නැතිද?
මම වෘත්තීය නිළියක්‌ වෙන්න කොහෙත්ම කැමැති නැහැ.

ඇයි ඒ ?
මම කැමැති නැහැ. මිනිස්‌සු කැමති දේවල් වගේම අකමැති දේවලුත් තියෙනවානේ. මෙයා නිළියක්‌ කියනවාට මම කැමැති නැහැ.

එහෙනම් ඇයි රඟපෑමට ආවේ ?
ඒක මගේ රස්‌සාවට අදාළ නැහැනේ. මගේ හැකියාවනේ. රඟපෑම මගේ රැකියාව නෙමෙයි.

අභිෂේකා හින්දා ආරාධනා එමටයිලු නේද?
ගොඩක්‌ ආරාධනා ලැබෙනවා. වැඩිපුර ආරාධනා ලැබුණේ සිනමා නිර්මාණවලට. නමුත් මට රැකියාව හින්දා කරන්න වෙලාවක්‌ නැහැ. මොකද මගේ නිවාඩු දිනයත් ඔක්‌කොම හාර කෝටියට දීලයි තියෙන්නේ.

අභිෂේකා හින්දා එන ආරාධනාවලට ඇයි මේ පයින් ගහන්නේ?
ඉතිං මට වෙලාවක්‌ නැහැනේ. එක මගේ පවුල. දෙක මගේ රස්‌සාව. ඊළඟට තමයි මම රංගනයට වෙලාව වෙන් කරන්නේ.

රස්‌සාවෙන් ඉවත්වෙලා රඟපෑමට කැපවුණා නම් මීට වැඩිය ජනප්‍රිය වෙතහැකිනේ ?
මට එහෙම වෙන්න වුවමනා නැහැ.

ජනප්‍රියත්වයට කැමැති නැතිද?
නැහැ. මම කැමැති නැහැ.

ඇත්තද, දිනිති හැඩකාරයි, කටකාරයි, දඟකාරයි කියන්නේ?
මට කියන්න පුළුවන් මම නිවිච්ච, තැන්පත් කෙනෙක් කියලා. ඒක ඉතිං අමුලික බොරුවක් නේ.මම හිතනවා ඔයා කිව්වා දේ හරි කියලා.

ගණිකාවකගේ ජීවිත කතාවක් ගැන ලියවුනු ළඳුනේ ගීතයේ ඔබ මින් පෙර නොඇසූ සත්‍ය තේරුම මෙන්න.

ගීතයක් ඇසුවත් හැම ගීතයකම තේරුම හරියටම හැම කෙනෙක්ටම හිතා ගැනීමට අපහසුයි.ගීතයක් කියන්නේ මිනිසාගේ හිත සන්සුන් කරන හරිම පුදුමාකාර කලාවක්.ඒ කලාව අතරේ ඉතා ලස්සන සින්දු බොහොමයක් තිබෙනවා.ගැඹුරු අර්ථයක් තිබෙනවා.එවැනි අර්ථයක් තිබෙන සින්දුවක් තමයි ” ළඳුනේ ” ගීතය.මෙන්න එම ගීතයේ තේරුම.ඇත්තටම ඔබට නිකමටවත් මේ ගීතයේ තේරුම මෙය කියල සිතෙන්නට නැතුව ඇති.මෙන්න බලන්නකෝ මේ ගීතයේ ඇත්තම තේරුම.පහත වීඩියෝව නරඹා එහි තේරුම දැනගන්න.

මහ පාරේ ගියපු කාර් එක කඩය ඇතුලට කඩාගෙන ඇවිත් අහිංසක තරුණ ජිවිතයක් බිලිවෙන හැටි.

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ කොස්ගම කනම්පැල්ල මංසන්ධියේදී ඊයේ (12) සවස මෝටර් රථයක් මාර්ගයෙන් ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වී මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයෙකු ද යට කරමින් අසල වෙළඳසැළකට කඩා වැදීමෙන් සිදු වූ අනතුරින් එම තරුණයා මිය ගොස් ඇතැයි කොස්ගම පොලිසිය පවසනවා.මෙලෙස මෙම අනතුරින් මියගොස් ඇත්තේ කොස්ගම පරණගම ප්‍රදේශයේ පදිංචිව සිටි මධූෂ කවීෂ නමැති 19 හැවිරිදි තරණයෙක්.මෙලෙස අනතුර සිදුව තිබෙන්නේ රියදුරුට නින්ද යාම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.මෙන්න එම අනතුරේ cctv දර්ශන පහතින්.

පාරේ ගිය කාරය වෙළඳසැළකට කඩා වැදී තරුණයා බිළිගත් CCTV වීඩියෝව- …

පාරේ ගිය කාරය වෙළඳසැළකට කඩා වැදී තරුණයා බිළිගත් CCTV වීඩියෝවවැඩි තොරතුරු මෙතැනින් -http://nethnews.lk/article/47965

Posted by Neth News on Monday, November 13, 2017

මීරිගම සුරූපී තරුණියක් රුපලාවන්‍යගාරයක් තුල අද දහවල් ප්‍රශ්නයක් ඉතිරි කරමින් අවසන් ගමන් ගිය හැටි.

මීරිගම ප්‍රදේශයේ තරුණියක් රුපලාවන්‍යගාරයක් තුල අද දහවල් ප්‍රශ්නයක් ඉතිරි කරමින් මිය ගියා.එහි සේවය කරනු ලැබූ තරුණියක් බවයි වාර්තා වන්නේ.මේ පිළිබඳව සියලු විස්තර පහත විඩියෝව නරඹා දැනගන්න.

ලෝකය තුල වැඩිම කතාබහට ලක් වූ දෙතොල් සිපගැනීම සම්බන්ද කිසිවකු නොදත් සත්‍ය කතාව මෙන්න

ලෝකයම පුදුමකල මෙම අපුරු සිපගැනීම සිදුවුනේ 1945 වසරේ අගෝස්තු මස 14 වන දිනයි. ඒ ලෝක යුද්ධයට සහභාගී වූ ඇමෙරිකානු නාවික සෙබළුන් මෑන්හැටන් වරායෙන් සිය මවු රට බලා පැමිණි අවස්ථාවෙදී. මෙන්න එම සිදුවීම පිටුපස ඇති කතාව පහත විඩියෝවෙන් දැනගන්න.

මහරගම ප්‍රසිද්ද උපකාර පන්ති ගුරුවරයෙක් ළමයින් සමග වෙල්යායක සිටිමින් ළමයින්ටත් උගන්නපු නොමනා ක්‍රියාවට අවසානයේ වුන දේ.

මහරගම ප්‍රදේශයේ ප්‍රසිද්ද පාසල් දෙකක ළමුන් 8 දෙනෙකු උපකාරක පන්ති ගොස් එම පන්තියේ සර් සමග වෙල් යායක පැලක කරපු දෙයක් නිසා පොලිස්සිය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා.මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ළමයින් බවයි වාර්තා වන්නේ.මෙලෙස පොලිස්සි අත්තඩංගුවට ගෙන තිබෙන්නේ උපකාරක පන්තියේ ගුරුවරයා සමග ගංජා උරමින් සිටීම හේතුවෙන්.

මහරගම කනත්ත පාරේ වෙල් යායක මෙලෙස උරමින් සිටින බව දැක හදිස්සි 119 ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව මෙලෙස ඔවුන් අල්ලා ගැනීමට හැකියාව තිබෙනවා..එම අවස්ථාවේ ඔවුන් සතුව ගංජා සුරුට්ටු 9ක්ද තිබී හමුව තිබෙනවා..

ලංකාවේ සෑදෙන මිලකළ නොහැකි අති දුර්ලබ රතු දෝතළු මලක් හමුවෙයි.සමන් දෙවියන් බුදුහිමියන්ට පුජාකළ ඒ මල මෙන්න දැකගන්න.

බුදුරජාණන් වහන්සේට සුමන සමන් දෙවියන් විසින් පුජා කාලා යැයි සඳහන් වෙන දෝතලු මලක් ගැන අපිට බුකියෙන් අසන්නට ලැබුනා. ලංකාවේ සැදෙන මිල කල නොහැකි අති දුර්ලභ දෝතලු මල දැකල නැති කට්ටිය මෙන්න අද බලාගන්න ඒ වගේම ඔයාලගේ යහළුවන්ටත් මේ වටිනා මල් වර්ගනය දැකගන්න මේ වීඩියෝව Share කරන්න අමතක කරන්නත් එපා..