2018 IPL තරඟාවලියේ ශුරයින් බවට පත්වන්නට මෙවර චෙන්නායි පිල සමත්වුණා. ඒ හයිද්‍රාබාද් පිල කඩුලු 8කින් පරාජය කරමින්. මෙම තරඟයේදී විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කල ඔස්ට්‍රේලියානු පිලේ වොට්සන් නොදැවී ලකුණු 117ක් රැස් කිරීමට සමත් වුණේ පන්දු 57කට පමණක් මුහුණ දෙමින්.
අවසන් මහා තරඟයේ මුලින්ම පන්දුව පහරදුන් හයිද්‍රාබාද් පිල පන්දු ඕවර 20 අවසානයේදී ලකුණු 178ක් රැස් කිරීමට සමත් වුණා. එයට පිළිතුරු වශයෙන් චෙන්නායි පිල ලකුණු 181ක් රැස් කිරීමට සමත් වුණේ පන්දු ඕවර 18යි පන්දු 3කට පමණක් මුහුණ දෙමින්.
තරඟයේ වීරයා ලෙසින් වොට්සන් සම්මාන හිමිකරගත් අතර මේ එහි විශේෂ අවස්ථා ඇතුලත් වීඩියෝවයි පහත තිබෙන ලින්ක් එකක් ක්ලික් කර නරඹන්න……
https://cdn-b-east.streamable.com/video/mp4-mobile/tjejx.mp4?token=YclJs10_jrvHF7bk24tXeQ&expires=1527570322